~| සිහින පලාඵල |~

tarson

Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    ~ සිහින පලාඵල ~

    විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම


    * රජෙක් දුටුවොත්
    සියල්ල සාර්ථකවේ.

    * භික්ෂුවක් දුටුවොත්
    දුර සිටින මිතුරෙකුට කරදරයක්.

    * භික්ෂුණියක්
    සතුට සමාදානය ඇතිවේ.

    * මිතුරන්
    ලාභයක්

    * විනිශ්චයකරුවෙක්
    බලාපොරොත්තු සඵල වේ.

    * පොලිස් නිලධාරියකු
    ප්‍රීතියත් රැකවරණයත් ලැබේ.

    * වෛද්‍යවරයකු
    සාමාන්‍ය රෝගී තත්ත්වයක් ඇතිවේ.

    * ගත් කතුවරයකු
    ප්‍රසිද්ධියට පත්වන ලකුණු.

    * බේබදු මිත්‍රයකු
    ජය දියුණුව

    * නීතිඥයකු
    නොසිතූ කරදර

    * ලිපිකරුවෙකු
    කිසිවකුට සහාය වන්නට සිදුවේ.

    * වෙළෙන්දෙකු
    සතුට සැනසුම ලැබේ.

    * මිතුරකගේ මරණයක්
    මිතුරන්ගෙන් කරදර

    * මිතුරකු රෝගාතුරව දැකීම
    මිතුරකුට සහාය වන්නට සිදුවේ.

    * මිතුරකු සමඟ රණ්ඩු කරනවා දැකීම
    නෑයෙකුගෙන් අපහාස විදී.

    * මිතුරකු විදේශ ගත වනු දැකීම
    දුර ගමනක් යන්නට සිදුවේ.

    * මිතුරෙකු දියේ ගිලෙනවා දැකීම
    ලොකු ලාභයක් ලැබේ.

    * බේබදු මිතුරකු දැකීම
    ජය දියුණුව

    * සොරෙකු දැකීම
    විවිධ ප්‍රයෝග වලට හසුවේ.

    * වඩුවෙකු
    විශ්වාසය නිසා පාඩු

    *මිටි අයකු
    සතුරෝ සතුරු කම් කිරීම අරඹා ඇත.

    * කුදුවූ අයකු
    පිටස්තර සහාය ලැබේ.

    * නැවියකු
    බාධක කම්කටොළු මතුවේ.

    * කෝකියකු
    පවුලේ අඩ දබර

    * මංකොල්ල කරුවෙකු
    ආරවුලක ලකුණු

    * දාසයකු
    නිරෝගී සුවය ලැබේ.

    * මගුල් කපුවෙකු
    වාසියක් අවාසියක් බවට පත්වේ.

    * රජක අයකු
    හිතවත්කම නිසාම පාඩු




    මල් පළතුරු සිහිනෙන් දැකීම


    1) මල් උයනක් දුටුවොත්
    සුවිශේෂී විනෝද චාරිකාවක්

    2) මල් පොකුරක්
    ඉතා රූමත් පෙම්වතියක් හෝ පෙම්වතෙකු ලැබේ.

    3) රතු නෙළුම් මල්
    ආගමික ස්ථානයකදී ප්‍රේම සම්බන්ධයක් හට ගනී

    4) සුදු නෙළුම් මල්
    ආගමික නායකයන්ගෙන් උදවු උපකාර

    5) නිල් මානෙල් මල්
    නිධන් වස්තු ලැබේ.

    6) සුදු මානෙල් මල්
    ප්‍රිය දසුන්

    7) රෝස මල්
    සතුට සැනසුම, ව්‍යාපාර දියුණුව

    8) කහ පාට මල්
    ශරීරය අභ්‍යන්තර රෝගයක ලකුණු

    9) මිනී මල්
    වංචාවන්ට හසුවේ.

    10) දාස් මල් වැනි කුඩා මල්
    වාසිදායක ලෙස බලාපොරොත්තු සඵල වේ.

    11) වද මල්
    දුක් කරදර හා රෝග ඇතිවීම

    12) සුවද මල් එකතු කරනවා දැකීම
    ජයෙන් ජය

    13) පරවූ මල් දැකීම
    හදිසි අනතුරු හා උවදුරු ඇතිවේ.

    14) අන්නාසී
    හදිසි ධනලාභ

    15) අඹ
    සතුටුදායක ආරංචි

    16) දොඩම්
    පවුලේ වැඩිහිටියකුට අසනීප

    17) ඇපල්
    ප්‍රසිද්ධියට පත්වේ.

    18) කොමඩු
    සිතට සහණය ලබේ.

    19) දිවුල්
    ඉහළම ධනලාභ

    20) බෙලි
    දරු සම්පත්

    21) මිදි
    පවුලේ සතුට හා ව්‍යාපාර දියුණුව සැලසේ.

    22) කුරුම්බා
    දරුවෙකුට කරදරයක්

    23) ලොවි,ජම්බු
    අවමානයට පරාජයට පත්වේ.

    24) කොස්
    ජීවිතයේ වැදගත් ජයග්‍රහණයක්

    25) තැඹිලි
    ප්‍රශඅසා ලැබේ.

    26) වියලි මිදි
    නිවසේ ප්‍රීතිය දියුනුව

    27) සැපදිල්ලා
    ධනවත් හිතවතුන්ගෙන් උදවු උපකාර ලැබේ.

    28) මැංගුස්
    මිතුරන් සතුරුවේ.

    29) පොල්
    පුත් රුවනක්

    30) දෙල්
    ව්‍යාපාර දියුනුව

    31) වැල වරකා
    කරන කටයුතු වලින් ජය ලැබේ.

    32) පුවක්
    බලාපොරොත්තු සුන්වේ.

    33) දෙහි
    වැඩි ලාභ ලබන්නට ගොස් පාඩු සිදුව්ම් අත්වේ.

    34) පළතුරු ගොඩක්
    චරිතය ඝාතනයවේ.




    විවිධ සතුන් සිහිනෙන් දැකීම

    1) කළු නයෙක් දැකීම
    ක්‍රමයෙන් අසරණවේ.


    2) සුදු නයා
    විශාල ධනලාභ උරුම වාසි ලැබේ.

    3) පිඹුරා
    සතුටක් කෙලවර දුකක්

    4) ලේ මාපිලා
    මානසික රෝග ඇති කරයි

    ප.ලි.
    පොළගා
    සිත් තැවුල්

    5) ගැරඩියා
    පහත් පැවතුම් ඇති ස්ත්‍රියකු හෝ පුරුෂයකු ඇසුරු කිරීමට සිදුවේ.

    6) මකුණන් දැකීම
    නිධන් රෝගයක පෙර නිමිති

    7) හිසෙහි උකුණන් සිටිනවා දැකීම
    අසමගිකම් ඉස්මතුවේ.

    8) මී මැස්සකු දැකීම
    ආධාර උපකාර ලැබේ.

    9) මී මැසි රංචුවක්
    දියුණුව ලැබේ.

    10) මී වදයක් දැකීම
    ආදරයෙන් උපරිම සතුට ලැබේ.

    11) කකුළුවා
    අමනාපකම්

    12) මාළු රැනක් දැකීම
    සුභ ආරංචියක්

    13) තෝරා හෝ මෝරකු දැකීම
    සතුරු කරදර

    14) ආඳා
    සුභ අසුභ මිශ්‍රව ලැබේ.

    15) කටුස්සා
    දියුණුව ඇණ හිටී.

    16) මකුළුවා
    අනතුරක්

    17) මැඩියා
    හදිසි අනතුරක්

    18) බඹරා
    පහත් අයගෙන් චෝදනා

    19) දෙබරා
    නොකළ වරදකට අපහාස විදී

    20) මැස්සා
    චිත්ත පීඩා

    21) පළගැටියා
    යහළු මිත්‍රකම් බිදේ

    22) කුහුඹුවන් දැකීම
    සමාජශිලීවේ.

    23) කළු කුහුඹුවන් දැකීම
    නඩු හඹ වලින් ජය

    24) දළඹුවා
    වටිනා දෙයක් නැතිවේ.

    25) රිලවා
    රෝග උපද්‍රව හා රැවටිලි වලට හසුවීම

    26) වඳුරා
    උගත් හිතවතෙකු සතුරුකම් කරයි.

    27) මීයා
    මිතරකු යටින් උගුලක් අටවයි.

    28) ගැඩවිලා
    පවුලේ අමනාප කම් ඇතිවේ.

    29) පට පනුවා
    ගෞරව සම්මානයට පාත්‍රවේ.

    30) තලගොයා
    පහත් අයකුගෙන් පහත් ගැරහුම්

    31) වල් ඌරා
    පහත් අයකු විශ්වාස කොට කරදරයට පත්වේ.

    32) ඔටුවා
    ඉදිරියේදී විවිධ අගහිඟතා මතුවේ.

    33) බැටළුවා
    ඉදිරි සාර්ථකත්වය

    34) ගවයා
    උත්සාහයෙන් තොරවම ජය ලැබීමක්

    35) කලු ගවයා
    පවුලේ අය හා පිටස්තරයන් අතර ආරවුල්

    36) කුළු හරකා
    සතුරු කරදරයක්

    37) එළදෙන
    අනාගත දියුණුවට අඩිතාලම

    38) ලෙඩවූ එළදෙන
    කරන වැඩ අවුල්වේ.

    39) සුදු අශ්වයා
    විශාල ලාභ ලැබේ.

    40) වෙනත් පැහැ අශ්වයකු
    අසුභ දසුනකි.

    41) එළුවා
    කරදර වලින් පසු සහනයක්

    42) ගෝනා
    භේද

    43) බල්ලා
    කරන කටයුතු අසාර්ථකවේ.

    44) බුරන බල්ලා
    ප්‍රභූ උදවු ලැබේ.

    45) බල්ලා සපා කනවා දැකීම
    හිතවතෙකු විරුද්ධවේ.

    46) බල්ලා සමඟ ඇවිදිනවා දැකීම
    හොද මිතුරකු හමුවේ.

    47) සිංහයා
    ගෞරව සම්මාන ලැබේ.

    48) ඇතා
    බලාපොරොත්තු ඉටුවේ.

    49) කොටියා
    සතුරු උවදුරු

    50) බළලා
    මිතුරකුගෙන් කරදර ඇතිවේ

    51) වෘකයා
    පවුලේ අසමඟිකම්

    52) නරියා
    බලාපොරෙත්ු වූ තරම් යහපත් ප්‍රතිඵල නොලැබේ.

    53) ඉත්තෑවා
    ධන හානි

    54) වළහා
    මිතරකු අමනාපවේ

    55) මුවා
    කිසිවකු උගුලක් අටවමින් සිටී.

    56) මොනරා
    පවුලේ සැමට නිරෝගී සුව

    57) සැළලිහිණියා
    දේව ආශිර්වාදය ලැබේ.

    58) කුකුළා
    දුරස් වූ ඥාතීන් ලංවේ

    59) කිකිළිය
    සතුට විනෝදය ලැබේ.

    60) කිකිළිය සහ පැටවු
    බොරු චොදනාවකට හසුවේ.

    61) වළි කුකුළා
    හදිසි ධන ලාභ

    62) ගිරවා
    මිතරකු අමනාපවේ

    63) මයිනා
    සම්පත් විනාශය

    64) කපුටා
    ශෝකදායි පණිවුඩයක් අසන්නට ලැබේ

    65) සුදු හංසයා
    ආර්ථිකය සවිමත්වේ සොර සතුරු උවදුරුද පැමිනේ

    66) කළු හංසයා
    පවුල් අවුල්

    67) වවුලා
    නොසිතූ කරදර

    68) පරෙවියා
    පැරණි පෙම් සබදතා නැවත අළුත්වේ.

    69) තාරාවා
    වැරදි සම්බන්ධ වලින් කරදර

    70) රාජාලියා
    විනිවිද දැකීමක් කරදරයකින් මිදේ.

    71) ගිජු ලිහිණියා
    සර්පයන්ගෙන් කරදර

    72) කොවුලා
    පවුලේ අඩදබර

    73) කොබෙයියා
    ගෞරව සම්මාන ලැබේ

    74) නාද කරන පක්‍ෂියකු දැකීම
    ධන ලාභ හා සතුරන් මිතුරුවේ.

    75) කුකුළකු හඩලෑම දැකීම
    සතුට විනොදය ලැබේ.



    ඉස්සුවේ ඊමේල් එකකිනි