සිහිබුද්ධියෙන් කටයුතු කරන නායකයෙකු රටට
මේ වනවිට රට බාහිර බාහිර මැදිහත්වීම් හා ආක්රමණවලටත් අභ්‍යන්තරයේ පීලිපැනීම් හා පුපුරා යැම්වලටත් ලක්ව ඇති බවත් තමිල්නාඩුවේ පැහැදිලි ඊළාම්වාදී දේශපාලන ස්ථාවරය නිසාත් ජාතිවාදී ආගම්වාදී කතිකාවක් ඉදිරිපත් කරමින් ජාතිවාදී බලවේග විසින් රට තුළ අස්ථාවරත්වයක් ගොඩනඟමින් සිටින නිසාත් රට විනාශයකරා ගමන් කරමින් තිබෙන බවත් ඊට මුහුණ දීමටනම් පියෙවි සිහියෙන් නිර්භීතව කටයුතු කරන නායකයෙකු ජාතිය විසින් බිහිකර ගත යුතු බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසන්නේ සති අන්ත පුවතපතක සාකච්ඡාවකට එක්වෙමිණි. ඉන් උපුටාගත් කොටස් කිහිපයක් පහත පළ වේ.
"අපේ රට ගැන පරීක්ෂණ කරන්න මේ යුද අපරාධ පරීක්ෂණ මණ්ඩලය මෙතරම් වේගවත් වුණේ ඇයි ?
හේතුව මේකයි. මේ පරීක්ෂණය පවත්වන්න නිල උත්සාහයක් දැරුවේ මීට අවුරුදු පහකට පෙර 2009 මැයි මාසේ 26-27 ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලේ පවත්වනු ලැබූ ශ්‍රී ලංකාවට එරෙහි විශේෂ සැසිවාරයේදී. ඒ සැසිවාරයට බටහිර රටවල් කෙටුම්පත් කළ යෝජනාවේ තිබුණ නවිපිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට ගොස් ගැටුම් පැවැති ස්ථාන සියෑසින් දැක වාර්තාවක් සකස් කොට මාස හයක් තුළදී මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ යුතුයි කියල. ඒ කෙටුම්පත ගැන අප ඔවුන් සමග සාකච්ඡා කරන විට ස්වෛරීභාවය කියන වචනය පවා එයට ඇතුළත් කරන්න ඔවුන් කැමති වුණේ නෑ. ඒ සටනේදී අපි බටහිර රටවල ඒ යෝජනාව තීරණාත්මකව පැරැද්දුවා. යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ඔවුන් එදා දැරූ උත්සාහය අපි ව්‍යර්ථ කළා.
ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබාදුන් ඒ ජයග්‍රාහී පවුර ලංකාණ්ඩුව විසින්ම බිඳ දැම්මා. ඒ පවුර බිඳ දැමීමෙන් ඇතිවූ හිදැස තුළින් සතුරු බලවේග යළි ප්‍රහාරයක් දියත් කළා. ඒ ආරක්ෂක පවුර දුර්වල කිරීමේ ප්රතිවිපාකය කොතෙක්ද යත් පිට පිටම ශ්‍රී ලංකාව තුන් වතාවක් පැරදුණා. 2012, 2013 සහ 2014 අපි පැරදුණා. ශ්‍රී ලංකාණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව සහ විශේෂයෙන්ම ජිනීවා රණ බිමේදී අනුගමනය කළ උපාය උපක්රමවල අන්ත දුර්වලකම නිසා තුන් පාරක් අපේ රට පරාජය කරල අපේ රට ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගෙන් වරමක් ලබාගන්න මේ ජාත්‍යන්තර බලවේගවලට පුළුවන් වුණා. එය සිදුවුණේ ශ්‍රී ලංකාණ්ඩුවේ නොහැකියාව නිසයි. දමිළ ඩයස්පෝරාවට ශ්‍රී ලංකාව පිට පිටම තුන් පාරක් පැරදුණා. ඒ නිසා ආපස්සට යන්න සිදුවුණා. ලෝකයේ වෙන කිසිදු රටකට සිදුනොවූ තරම් වේගයෙන් මේ ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණදෙන්න අපේ රටට සිදුවුණේ ඒ නිසයි.
පසුගියදා අලුත්ගම ප්‍රදේශයේදී සිදුවූ සිංහල මුස්ලිම් ගැටුම මේ ජාත්‍යන්තර පරීක්ෂණ වේගවත් කිරීමට ඇතිකරන බලපෑම කෙබඳුද ?
එදා අපේ රටට එරෙහිව බටහිර රටවල් සකස් කළ යෝජනාවේ ආගමික අන්තවාදය පිළිබඳ සටහනක් තිබුණේ නෑ. නමුත් පසුගිය අවුරුදු ගණනාව තුළ බුදුදහම පලිහක් විදිහට අරගත් නොයෙක් සංවිධාන බිහිවෙලා අපේ රටේ ජනතාව කුපිත කරල තියෙනව. ඊයේ පෙරේදා අලුත්ගමදීත් රැස්වීමක් තියල ආගමික සුළුතරයින්ට තර්ජනය කරල ජනාධිපතිතුමාටත් අවඥසහගතව කරපු ඒ සියලු කතා අන්තර්ජාලය ඔස්සේ දැන් මුළු ලෝකය පුරාම ගිහින් තියෙනවා. මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවිපිල්ලේ මහත්මිය පමණක් නොව මහලේකම් බෑන්කි මූන් මහතා පවා අලුත්ගම සිද්ධීන් හෙළා දැකල ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. අලුත්ගම සිද්ධිය ඇතිකළ සහ එය ඇති වීමට ඉඩහළ පුද්ගලයන් සිදුකර තිබෙන්නේ සතුරා අතට අලුත් ආයුධ දීමක්.
ජිනීවා නුවරදී පමණක් නොවෙයි නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පවා ශ්‍රී ලංකාවට අචල ලෙස සහයෝගය දුන් රටවල් සමූහයක් වන්නේ ඉස්ලාමීය සංසදයේ රටවල් කණ්ඩායමයි. මේ සංසදයේ ප්‍රධාන ලේකම්තුමා අලුත්ගම සිද්ධිය ගැන විරෝධය පළ කරල ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපේ රට ඉතාමත් අසීරු තත්ත්වයක තිබෙන මේ වෙලාවේ අපේ මේ අචල මිත්‍රයන් පවා සසල කරන සිදුවීම් ඇති කරන අය කරන්නෙ කෙළින්ම ශ්‍රී ලංකාවට හතුරු කමක්.
බටහිර රටවල් මේ ජාත්‍යන්තර පරීක්ෂණයෙන් පස්සේ යෝජනාවක් සම්මත කරගෙන ලබන මාර්තු මස පමණ වන විට ශ්‍රී ලංකාවට ආර්ථික තහංචි පනවන තත්ත්වයක් මතුවුවහොත් අපිට තෙල් ටිකක් හරි විකුණන්න ඉන්නේ ඉස්ලාමීය රටවල්. නමුත් අද මේ සිදුවන දේවල් නිසා ඒ වන විට ඒ සහනයත් අපට අහිමිවන්න පුළුවන්.
අපේ රටට එරෙහිව සිදුකරන මේ ජාත්‍යන්තර පරීක්ෂණය දියත් කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය හරහායි. එහි කොමසාරිස් නවිපිල්ලේ මහත්මියගෙන් පසු එම තනතුරට නම්කර තිබෙන්නේ ජෝර්දානයේ සහිඩ් කුමාරයායි. ඔහු ඉස්ලාම් ආගම අදහන පුද්ගලයෙක්. ශ්‍රී ලංකා මුස්ලිම් වැසියන්ට පහරදෙන රටක් ලෙස ඔහු තීරණය කළොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහිව ගන්නා පියවර තවත් දැඩි කරන්නට ඉඩ තිබෙනවා.
1983 කළු ජූලිය නිසා මුළු ලෝකයේම දෙමළ ජනතාව සිංහල ජනතාව සමග විරෝධයක් ඇතිකර ගත්තා. එයින් ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුණා. අදත් මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ හානිය තමයි. මේ මානව හිමිකම් ප්‍රශ්න, ජාත්‍යන්තර පරීක්ෂණ සියල්ල පිටුපස තිබෙන්නේ බටහිර රටවල දෙමළ ඩයස්පෝරාවේ සහ තමිල්නාඩුවේ දෙමළ ඡන්ද පදනම. ලෝකය පුරා දමිළ ජනතාව ඉන්නෙ දශලක්ෂ අසූවයි. මේ දශලක්ෂ අසූව තරහ කර ගැනීමෙන් අපට මේ තරම් හානියක් සිදුවී තිබෙනවා නම් ලොව පුරා බිලියනයක් පමණ සිටින ඉස්ලාමීය භක්තික ජනතාව අපෙන් ඈත්වන විදිහට අපි කටයුතු කරන්නේ නම් අපේ අනාගතය දැඩි අවිනිශ්චිතතාවකට පත්වේවි.
ඈත ඉතිහාසයේ සිටම අපි දකුණු ඉන්දියාවේ ආක්රමණවලට මුහුණපෑව. ඒ වගේම බටහිර ආක්රමණවලටත් ගොදුරු වුණා. මේ දෙක ඉතිහාසයේ කවදාවත් එකවර සිදුවුණේ නෑ. අද අපේ රටට බටහිරින් සහ දකුණු ඉන්දියාවෙන් එකවර තර්ජන එල්ල වෙනවා. එකවර පෙරමුණු දෙකක. සටන් කිරීම දුෂ්කර කාරියක්. මේ පෙරමුණු දෙකට එකවර මුහුණ දෙමින් සිටියදී තුන්වෙනි පෙරමුණකුත් ඉස්ලාමීය ප්‍රජාව සහ අරාබි ඉස්ලාමීය රටවලුත් අපට එරෙහිව නැගී ආවොත් එය රටේ සහ ජාතියේ විනාශයට මග පාදන්නක් වෙන්න පුළුවන්.
ඔබ මෙයින් අදහස් කරන්නේ වරින්වර අපේ රට තුළ මෙලෙස මතුවන වාර්ගික හා ආගමික අර්බුද තුළින් අපේ රටත් ඉරාකය ලිබියාව බඳු ගිනි නොනිමෙන දේශයක් බවට පත්විය හැකි බවද ?
ලෝකයේ රටක් විනාශ විය හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් බාහිර මැදිහත්වීම් හා ආක්‍රමණ, අනෙක රට අභ්‍යන්තරයේ පීලිපැනීම් හා පුපුරා යැම්. අපේ රටට අද මේ දෙකටම මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ජාත්‍යන්තර පරීක්ෂණයේ ඊළඟ පියවර හරහා අපේ රටට විදේශ මැදිහත් වීමක අනතුරක් තියෙනවා. තමිල්නාඩුවේ පැහැදිලි ඊළාම්වාදී දේශපාලන ස්ථාවරය නිසාත් බාහිර මැදිහත්වීමේ අනතුර තියෙනවා. ඒ අතරවාරයේ ජාතිවාදී ආගම්වාදී කතිකාවක් ඉදිරිපත් කරමින් ජාතිවාදී බලවේග විසින් රට තුළ අස්ථාවරත්වයක් ගොඩනඟමින් සිටිනවා. එම නිසා රටක් විනාශය කරා යන මාවත් දෙකේම අද අපේ රට එකවිට ගමන් කරනවා. මෙයින් රට බේරා ගැනීමට නම් එක්කෝ තිබෙන නායකත්වය පියෙවි සිහියෙන් නිර්භීතව කටයුතු කළ යුතුයි. නොඑසේනම් එවන් නායකත්වයක් ජාතිය විසින් බිහිකර ගත යුතුයි."