සිහිය_උපදවා_ගනිමු...

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිහිය_උපදවා_ගනිමු...

    සිහිය උපදවා ගනිමු...


    මේ හිතේ තියෙන ස්වභාවය අඳූනගන්ට ගොඩකට අමාරුයි. මේ ගුලිවෙලා තියෙන හිත දිහා බලල "දැන් ඉතින් හරි" කියල හිතනව. හිත කියන එක හරියට නිදාගෙන ඉන්න කොටිය වගේ. ලස්සනයි, ශාන්තයි වගේ පෙනුනට මේ ගුලි වෙලා, හැංගිලා තියෙන හිත ඉතා ම භයානකයි.


    ඔබට රුස්සන්නෙ නැති එක වචන මාත්‍රයක් පිටවුනොත් හිත කොච්චර ගිනිගයි ද නේද? ශාන්ත ව එලියට පෙනුනට, ඔපේට එලියට පෙනුනට, අභ්‍යයන්තරයේ විෂ සහිතයි, කටු සහිතයි, බිය සහිතයි, ගිනි ජාලවක් වගෙයි. විස යි. භයානකයි. කොයි වෙලාවෙ පුපුරල යයි ද දන්නෙ නෑ. ඒ සා බිහිසුණු යි.
    ඉතින් ඒ විදිහට තේරුම් ගත්තොත් අන්න එයා සිහියෙන් ඉන්නව. ඇයි ඒ? එයා දන්නව පොඩ්ඩ වැරදුනා නම්, මේ හිත කැළඹෙනව. පොඩ්ඩ වැරදුනා නම්, මේ හිත බිහිසුණු දෙයක් බවට පත්වෙනව. පොඩ්ඩ වැරදුනා නම් මේ හිත විසින් මාව නසනව. පොඩ්ඩ වැරදුනා නම් මේ හිත මාව අමාරුවෙ දානව කියල එයා දන්නව. එයා ඉතාමත් ම සිහි කල්පනාවෙන් වාසය කරනට පුරුදු වෙනව.
    අන්න ඒ විදිහට තමාගේ ස්වභාවය තමා දැනගෙන වාසය කළොත්, තමන් තුළ උපදිනව ශාන්ත බවක්. ඒ ශාන්ත බව, කලින් තිබ්බ ශාන්ත බවත් එක්ක සමානයි ද? වෙනස් ද? වෙනස්. අන්න ඒ ශාන්ත බව උපදවා ගන්න. ඒ ශාන්ත බව පොඩි දේකින් කැළඹිලා විනාශ වෙන්නෙ නෑ. කලින් තිබ්බ ශාන්ත බව සැනකින් විනාශ වෙනව. සැනකින් බි‍ඳෙනව. සැනකින් ඒක අතුරුදහන් වෙනව. ඇයි එහෙම වෙන්නෙ? මොකක දෝෂයෙන් ද? මොකක් ද ඌනතාවය? සිහිකල්පනාව යි. සිහිකල්පනාව තිබුන නිසා තමයි දෙවෙනියට කිව්ව "ශාන්ත බව" සැනකින් විනාශ නොවෙන්නෙ. එතකොට ඒ සිහිකල්පනාව ඉපදුනේ මොකෙන් ද? තමන්ගෙ ස්වභාවය ගැන තමන් තේරුම් ගැනීමෙන්. ඒකටයි ප්‍රඥාව කියන්නෙ.
    තමන්ගෙ ස්වභාවය තමන් තේරුම් ගන්නව. එතකොට එයා ආරක්ෂිතයි. තමන්ගෙ ස්වභාවය තමන් තේරුම් ගත්තහම, තමන් සිහිකල්පනාව උපදවා ගන්නව. එයා දන්නව අවදානමක් තියෙනව කියල. එයාට සිහිකල්පනාව උපදිනව. ඊට පස්සෙ එයා ආරක්ෂිතයි. සිහිකල්පනාව උපදවගත්ත කෙනා ඒ ශාන්ත බවට කැමතියි. එයා ඒක නැසෙන්ට දෙන්නෙ නෑ. එයා දන්නව මේ ශාන්ත බව නැසෙන්නෙ මොකෙන් ද? කියල. අන්න ඒ ශාන්ත බව නැසෙන්ට හේතුවන දේ බැහැර කරගන්ට එයා කැමතියි. ඒ විදිහට තමයි ධර්මය කරා යන්ට තියෙන්නෙ.
    ඒ නිසා හොඳට තමන්ගෙ ස්වභාවය තේරුම්ගන්න. හිතේ ස්වභාවය තේරුම්ගන්න. එතකොට ඔබ නිරායාසයෙන් ම සන්සුන් වෙලා ශාන්තව වාසයකරයි, සිහිය උපදවාගෙන. ඒ නිසා සිහිය උපදවගන්න. සිතට රැකවරණය සිහියෙන් තමයි ලැබෙන්නෙ. සිහිය ඉපදුනහම සිත ආරක්ෂා වෙනව. ඒකයි සිතේ ආරක්ෂාවට තියෙන 'සිහිය' කියල කියන්නෙ.
    සිත ආරක්ෂා වෙන්නෙ මොකෙන් ද? සිහියෙන් තමයි සිත ආරක්ෂා වෙන්නෙ. මොනවයින් ද, ඒ ආරක්ෂා කරන්නෙ? කෙලෙස් හිතට එන්ට නොදී ආරක්ෂා කරනව. එහෙනම් සිහිය ඉපදෙන්ට ඉපදෙන්ට හිතේ තියෙන අපිරිසිදු බව දුරුවෙනව. දුරුවෙන්නෙ ඇයි? ඒ හිතේ තියෙන යම් කෙලෙස් තියෙනව නම් ඒ කෙලෙස් බලවත් වෙන්නෙ නෑ. ඒව ක්‍රම ක්‍රමයෙන් දිරන්ට පටන්ගන්නව.
    ඊට පස්සෙ හිතට පිටින් යම් අරමුණු ආදිය එන එක වලකිනව. ඒක තමයි සිහියෙන් කරන්නෙ. ඒ නිසා සිහිය උපදවා ගන්න. සිහිය උපදවා ගත්තොත් ඔබ ධර්මයට පැමිණෙනවාම යි. ඒක වලක්වන්ට කිසියම් ම කිසිකෙනෙකුට බෑ. ඔබ ධර්මයට පැමිණෙන එක වලක්වන්ට බෑ කුමක් වුනොත් ද? සිහිය උපදවා ගත්තොත්.
    ඒ සා බලවත් වූ සිහිය උපදවගන්ට පුළුවන්නේ කුමකින් ද? තමන්ගේ ස්වභාවය ගැන තේරුම් ගැනීමෙන්. තමන්ගෙ ස්වභාවය ගැන තේරුම් ගත්තොත් එයා සිහිකල්පනාව උපදවා ගන්නව. ඊට පස්සෙ ඉතා සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ට එයාට පුළුවන්කම ලැබෙනව.




    source : e-Mail msg
    by- පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි. (http://groups.google.com/group/amadamgagula)
     
    • Like
    Reactions: kandya