සිළුමිණ කියයි

ElaMans

Member
May 10, 2014
1,268
434
0
රනිල්ව අගමැතිකරනවාට සජිත් විරුද්ධයිලු !

ms-sajith_300_199.jpg


පසුගියදා මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරුණු මාතර රැලියට සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණියේ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන බවට දෙන ලද ප්‍රතිඥාව නිසා බව සිළුමිණ පුවත්පත(07) වාර්තා කරයි.

එම වාර්තාව අනුව,

'මැතිවරණ විස්සකට අධික ප්‍රමාණයකට මුහුණදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කර එම ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට පක්ෂ සාමාජිකයන් කටයුතු කරමින් සිටින මොහොතක විපර්යාසාත්මකව සිදුවූ මෛත්‍රී ආගමනය තමන් පිළිනොගන්නා බව ද ඔවුහු කියා සිටිති.'

'විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු කණ්ඩායම ගොඩනැඟී තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.'

'මේ විරෝධය පළ කිරීමේ මූලික පියවර වශයෙන් සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, මෛත්‍රී ගුණරත්න ඇතුළු එජාප ප්‍රබලයන් කණ්ඩායමක් මාතර රැස්වීමට සහභාගි නොවී විරෝධතාව පළකර ඇති බව ද කියැවේ.' (Source)
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිළුමිණේ තියනවනම් ඇත්ත තමයි. අපි විශ්වාශ කරා. දැන් හරිනේ
     

    Similar threads