සි0හල සිනමාවේ ලොකුම **කුහකයා**

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සි0හල සිනමාවේ ලොකුම **කුහකයා**

    av-10.jpg

    සිංහල සිනමාව, දිනේශ් පි‍්‍රයසාද් ‘නොම්මර එකේ පෙරළිකාරයකු’ ලෙස හඳුන්වන්නේ ඔහු හුදෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් පමණක් නොවේ. දිනේශ් අති දක්ෂ සිනමා කාර්මික ශිල්පියෙකි. ‘විශේෂ දෘශ්‍ය ප්‍රයෝග‘ සඳහා උපකාරී වන ‘ඔප්ටිකල් පි‍්‍රන්ටරයක්’ මෙරට මුලින්ම නිපදවන ලද්දේ ඔහු විසිනි. එසේම මෙරට ඩිජිටල් සිනමාකරණයේ පුරෝගාමියා ඔහුය. ඔහු පරිගණක හා ශබ්ද ඉංජිනේරු දයානන්ද පෙරේරා සමඟ එක්ව ‘සිනෙමැජික් ලංකා’ නමින් ආයතනයක් බිහිකර එමඟින් ඩිජිටල් සිනමාකරණය මෙරටට හඳුන්වා දීමට උත්සුක වූයේය.

    මෙරට ඩිජිටල් සිනමාවේ පුරෝගාමියා ඔබ. ඔබ කොහොමද මේකට මුල පිරුවේ?

    1991 විතර මහා නළු ගාමිණි ෆොන්සේකා මට කිව්වා, ස්ටීවන් ස්පීල්බර්ග් ‘ජුරාසික් පාක්’ කියලා චිත්‍රපටයක් කරනවා, එහි ඩයිනෝසිරයන් නිර්මාණය කරන්නේ කොම්පියුටරයෙන් කියලා. ඒ වනවිට අපේ රටේ කොම්පියුටරයක් තිබුණේ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා සතුව පමණයි. එතුමාට සමගාමීව තවත් එක් පුද්ගලයකු ළඟ කොම්පියුටරයක් තිබුණා. ඒ පරිගණක හා ශබ්ද ඉංජිනේරු දයානන්ද පෙරේරා ළඟ. දයානන්දගේ පරිගණක තාක්ෂණ ඥානයත් මගේ සිනමා තාක්ෂණ ඥානයත් සංකලනය කරගෙන අපි අවුරුදු හතක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් 1999 දී ඩිජිටල් රූප (VISHUVAL DATA)මි.මි. 35 වර්ණ සිනමා පටල (COLOR FILM NEGATIVE)මත ආරෝපණය කළ හැකි නිවැරදි යන්ත්‍රයක් නිෂ්පාදනය කළා.

    ඩිජිටල් තාක්ෂණයෙන් ඔබ නිර්මාණය කළ මුල්ම චිත්‍රපටය මොකක් ද?

    අපි මුලින්ම කළේ වෙළෙඳ දැන්වීමක්. ඒ සම්පත් බැංකුව සඳහාX SETනම් වූ දැන්වීම. මුල්ම චිත්‍රපටය වුණේ ’මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි.’ අධ්‍යක්ෂ මම. දයානන්ද පෙරේරා නිෂ්පාදක. ඒක වර්ණ කාටුන් (2D ANIMATE)චිත්‍රපටයක්. ලෝකයේ පළමුවැනි ඩිජිටල් සිනමාපටය ලෙස සැලකෙන ‘ස්ටාර් වෝස් - 2’ තිරගත වුණේ 2000 වසරේදී. ඒත් අපේ චිත්‍රපටය තිරගත වුණේ ඊට අවුරුද්දකට කලින්.:lol: එසේම ප්‍රථම පරිගණක ත්‍රිමාන චරිතයක් නිර්මාණය වුණේ මගේ ‘ඔන්න බබෝ’ චිත්‍රපටයෙන්. මේක තමයි සත්‍ය ඉතිහාසය.:P

    ඒත් මෙරට ඩිජිටල් සිනමාවේ පීතෘත්වය දැරීමට වෙනත් අයත් ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබෙනවා.

    ඔය ඔක්කොම චිත්‍රපට හැදුණේ අපිට පස්සේ. ඒ කියන්නේ ‘ආදරණීය වස්සානය’, ‘බහු බූතයෝ’, ‘රන් කෙවිට’, ‘සුදු සළු’ වගේ චිත්‍රපට.

    ඩිජිටල් ක්‍රමවේදයෙන් හැදෙන චිත්‍රපට ‘සිනමාව‘ නෙමෙයි කියල සමහරු කියනවා අපිට ඇහිලා තියෙනවා?

    කොහොමද එහෙම කියන්නේ? මේක සිනමාවේ නිශ්චිත වර්ධනීය අවස්ථාවක්. ලෝක සිනමාවේ මුලින් තිබුණේ කළු - සුදු ශබ්ද රහිත චිත්‍රපට. ඊට පස්සේ වර්ණය ආවා, ශබ්දය ආවා. සිනමාස්කෝප් ආවා. මේවා සිනමාව නෙමෙයි කියලා කියන්න පුළුවන් ද? හැබැයි අපේ රටේ තවම එකම ‘සිනමාස්කෝප්’ චිත්‍රපටයක්වත් හදලා නැහැ.

    හදලා නැහැ? එතකොට ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගේ ‘වැලිකතර’?

    ඒක සිනමාස්කෝප් නෙමෙයි අල්ට්‍රාස්කෝප්. ‘වැලිකතර’ තාක්ෂණය අතින් විශිෂ්ට චිත්‍රපටයක්. මං එහෙම කියන්නේ ලෝකයේ ප්‍රථම වතාවට එක ලෙන්ස් එකකින් (මි.මි 50) හදපු චිත්‍රපටය මෙය වන නිසා. මුල් යුගයේ චාලි චැප්ලින් එහෙම කරලා තියෙනවා; ඒ නැතිබැරිකමට. තාක්ෂණය නොදැන කාටවත් එක ලෙන්ස් එකකින් චිත්‍රපටයක් කරන්න බැහැ. ‘වැලිකතර’ මම තිස් දෙවතාවක් බලපු පික්චර් එකක්. වචන දෙකක් නැහැ අති විශිෂ්ට චිත්‍රපටයක්.

    ඔබ සිනමා තාක්ෂණය හොඳට දන්න අධ්‍යක්ෂවරයෙක්. ඒත් ඔබ හදන්නේ කබල් වාණිජ චිත්‍රපට?

    ඔබ මට කියන්නේ කලාත්මක චිත්‍රපට කරලා හොම්බ බිම ඇණගන්න කියල ද? ඔය සම්භාව්‍ය කියන අධ්‍යක්ෂවරුන්ට අද සබ් ටයිටල් නැතුව කතාවක් කියාගන්න පුළුවන් ද? ලංකාවේ හොඳම චිත්‍රපට දහයට ගැනෙන එක් කලාත්මක යැයි කියන චිත්‍රපටයක පළමු ෂොට් එකේම කැමරාමන්ගේ හෙවණැල්ල පේනවා. ඒත් කිසිම විචාරකයෙක් ඒ වැරැද්ද පෙන්වලා දීලා නැහැ. ලෙනින් මොරායස්, එම්.එස්. ආනන්දන් කැමරාව මෙහෙයවපු චිත්‍රපටවල ඔය වගේ වැරදි තිබුණේ නැහැ. ලෙනින් තමයි අපේ රටේ බිහිවුණු සාර්ථකම වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂවරයා. එම්.එස්. ආනන්ද තමයි එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම කැමරා ශිල්පියා. ‘ගොළු හදවත’ චිත්‍රපටයේ පාසලේ සුදු බිත්ති පසුබිමේ සුදු ඇඳුම් ඒ දෙකේ වෙනස පේන්න ඔහු ෂූට් කරලා තියෙනවා. ඒක මෙලෝ යකෙකට කරන්න බැහැ. හොලිවුඩ්වලවත් කරන්න බැහැ.

    ඔබ වැනි අධ්‍යක්ෂවරයකු ඇයි හින්දි විඩියෝ අනුකරණය කරලා චිත්‍රපට හැදුවේ?

    කියන්න බලන්න මම මොන පික්චර් එකද කොපි කරලා තියෙන්නේ?

    ඇයි ‘පෙරළිකාරයෝ’. ඒක ‘සත්තේ පේ සත්තා’ චිත්‍රපටයේ කොපියක්නේ?

    ඒ චිත්‍රපටයෙන් මම ගත්තේ කතාව විතරයි. ‘පෙරළිකාරයෝ’ තිරගත වුණේ 1986 දී. ඒත් මම මේ හින්දි චිත්‍රපටය බැලුවේ 2007 දී. ඒ කියන්නේ අවුරුදු 21 කට පස්සේ. මගේ ‘හොඳ හොඳ සෙල්ලම්’ චිත්‍රපටයත් හින්දි කතාවක් යැයි කියනවා. මම ඒ චිත්‍රපටය හැදුවේ කොටින්ම තිරනාටකයක්වත් නැතුව.

    ඔබ ටෙලිනාට්‍ය එහෙම හදන්නේ නැද්ද?

    කිසිම දවසක නැහැ. මොකද, මගේ මාධ්‍යය සිනමාව. චිත්‍රපටයක් නම් එකදිගට බලන්න ඕනැ. ගෙදර ඊඍ බලනකොට ටික වෙලාවක් බලලා, එක්කෝ ඉස්තෝප්පුව අතුගානවා, නැත්නම් ඇඳුම් මඳිනවා. ඒ විදියට කලාව රස විඳින්න පුළුවන් ද? මගේ චිත්‍රපට රූපවාහිනියෙන් පෙන්නනවටවත් මං කැමැති නැහැ.

    අද හැදෙන චිත්‍රපට ගැන ඔබ මොකද හිතන්නේ?

    අන්තිම අභව්‍ය කතානේ අද හදන්නේ. ‘ආදම් සහ ඒව‘ කියලා පික්චර් එකක් හැදුවොත් ඒකේ ආදම් සහ ඒවගේ අත්වල ත්‍රිත්ව එන්නත ගහපු සලකුණු තියෙන්න බැහැනේ. එයින් පේන්නේ ආදම් සහ ඒවටත් කලින් දොස්තර කෙනෙක් ඉපදිලා තියෙනවා කියන එකනේ. දැන් බලන්න උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’, චන්න පෙරේරාගේ ‘අංජලිකා’ හරිම අභව්‍ය චිත්‍රපටනේ. මං දැකපු චිත්‍රපටවලින් අභව්‍යම දර්ශනය තිබුණේ ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ. ඊට පස්සේ මං දැක්ක අභව්‍ය දර්ශනය තිබුණේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයේ.
    ඒක අභව්‍ය එකේ හොඳ එක. එතකොට ‘අංජලිකා’ හරිම දුර්වල තිරනාටකයක්. මං ‘සුපර් සික්ස්’ ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද, ඒ චිත්‍රපටය තවම තිරගත වෙන නිසා. ගැලවුණු දවසට කතා කරන්නම්. අද වෙලා තියෙන්නේ කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්‍යක්ෂවරු. ජීවිතේට චිත්‍රපටයක් නොකරපු අයට ලක්ෂ 900 ගණන් වියදම් කරනවා. මට පුළුවන් ඒ සල්ලිවලින් චිත්‍රපට පහක් හදලා පෙන්වන්න. අපේ අය ලෝකයේ හොඳම කැමරා හයර් කරනවා. ඒත් පික්චර් එක හරියට හදා ගන්න බැහැ. ඕක තමයි අද අපේ සිනමාවේ තත්ත්වය.


    සු.මි.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හැබැයි ඊටත් පෙර 2001 වර්ෂයේදී මම, ලංකාවේ දෙවැනි වර්ණ කාටූන් චිත්‍රපටය වූ "මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි" චිත්‍රපටය කළෙත් ඩිජිටල් තාක්‍ෂණයෙන්......... එහෙම බලනකොට මම ජෝර්- ලූකස්‌ටත් කලින් ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරපු කෙනෙක්‌. ඩිජිටල් සිනමාකරණය මේ රටේ පටන් ගන්න මාත් එක්‌ක එකතු වුණේ මගේ මිත්‍ර දයානන්ද පෙරේරා.

    :baffled:
     

    33000W

    Member
    දැන් බලන්න උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’, චන්න පෙරේරාගේ ‘අංජලිකා’ හරිම අභව්‍ය චිත්‍රපටනේ. මං දැකපු චිත්‍රපටවලින් අභව්‍යම දර්ශනය තිබුණේ ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ. ඊට පස්සේ මං දැක්ක අභව්‍ය දර්ශනය තිබුණේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයේ.
    ඒක අභව්‍ය එකේ හොඳ එක. එතකොට ‘අංජලිකා’ හරිම දුර්වල තිරනාටකයක්. මං ‘සුපර් සික්ස්’ ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද, ඒ චිත්‍රපටය තවම තිරගත වෙන නිසා. ගැලවුණු දවසට කතා කරන්නම්. අ
    kiyanava kiyala mehemath kiyanavada ban. kelinma nam gam ekkama kiyalane:nerd::dull:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මු ඔච්ච්ර පොරක් නම් කෙල්ලො දෙන්නව දාලා සල්ලි හොයන්නේ:P:angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ මොන බයිලා ගහල තිබුනත් අර අන්තිමට කියලා තියන එක නං ඇත්ත :
    අපේ අය ලෝකයේ හොඳම කැමරා හයර් කරනවා. ඒත් පික්චර් එක හරියට හදා ගන්න බැහැ. ඕක තමයි අද අපේ සිනමාවේ තත්වය.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මූ ඔච්චර පොරක්ද බං? මම නම් මූව දැනගත්තෙ මුගෙ ළමයි තුන් දෙනා ප්‍රසිද්ධ උනාට පස්සෙ :baffled:
    මෙයාගෙ ප්‍රසිද්ධ උන එක ෆිල්ම් එකක් වත් මම නම් අහල නෑ. කටින් බතල පොරක් වගේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ අය ලෝකයේ හොඳම කැමරා හයර් කරනවා. ඒත් පික්චර් එක හරියට හදා ගන්න බැහැ. ඕක තමයි අද අපේ සිනමාවේ තත්ත්වය.


    සු.මි.


    කැමරාවක් දවසට රෙන්ට් එක44000

    ඇසිස්ටන්ට්ල දෙන්නට දවසට 10000

    ඉන්දියාවෙන් මේ ගානට ගන්න පුලුවන්.


    රීල් අඩි 400 (විනාඩි 3)පැක් එක 34000යි
    අඩි 25000ක්වත් යනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දිනේෂ් ප්‍රියසාද් කියන්නෙ අපි හදුන්වන කාටූන් චිත්‍රපටකරණයේ ලාංකීය පුරෝගාමියෙක්.ඒ වගේම චිත්‍රපට සදහා විශේෂ ප්‍රයෝග සම්පාදකයෙක්.ඔහු විසින් කරණ ලද චිත්‍රපට සමාජයේ කථාබහට ලක්වෙච්ච නිර්මාණයන්.ඔවුගේ ගමනට ශක්තියක් වෙමින් වර්ථමානයේ ඔහුට කුසලතා වලින් පිරි දූවරු තිදෙනෙකුම සිටීමද ලොකු ශක්තියක්.ඔහු විසින් වර්ථමානයේ කරන ලද ඩබල් ත්‍රිබල්(මම හිතන්නෙ )චිත්‍රපටයකුත් එළිදැක්වීමට සුදානමින් සිටී.
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    දිනේෂ් ප්‍රියසාද් කියන්නෙ අපි හදුන්වන කාටූන් චිත්‍රපටකරණයේ ලාංකීය පුරෝගාමියෙක්.ඒ වගේම චිත්‍රපට සදහා විශේෂ ප්‍රයෝග සම්පාදකයෙක්.ඔහු විසින් කරණ ලද චිත්‍රපට සමාජයේ කථාබහට ලක්වෙච්ච නිර්මාණයන්.ඔවුගේ ගමනට ශක්තියක් වෙමින් වර්ථමානයේ ඔහුට කුසලතා වලින් පිරි දූවරු තිදෙනෙකුම සිටීමද ලොකු ශක්තියක්.ඔහු විසින් වර්ථමානයේ කරන ලද ඩබල් ත්‍රිබල්(මම හිතන්නෙ )චිත්‍රපටයකුත් එළිදැක්වීමට සුදානමින් සිටී.

    11.gif


    ලංකාවේ නොම්මර එකේ වැඩ්ඩෙක්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    av-10.jpg



    ඔබ වැනි අධ්‍යක්ෂවරයකු ඇයි හින්දි විඩියෝ අනුකරණය කරලා චිත්‍රපට හැදුවේ?

    කියන්න බලන්න මම මොන පික්චර් එකද කොපි කරලා තියෙන්නේ?

    ඇයි ‘පෙරළිකාරයෝ’. ඒක ‘සත්තේ පේ සත්තා’ චිත්‍රපටයේ කොපියක්නේ?

    ඒ චිත්‍රපටයෙන් මම ගත්තේ කතාව විතරයි. ‘පෙරළිකාරයෝ’ තිරගත වුණේ 1986 දී. ඒත් මම මේ හින්දි චිත්‍රපටය බැලුවේ 2007 දී. ඒ කියන්නේ අවුරුදු 21 කට පස්සේ. මගේ ‘හොඳ හොඳ සෙල්ලම්’ චිත්‍රපටයත් හින්දි කතාවක් යැයි කියනවා. මම ඒ චිත්‍රපටය හැදුවේ කොටින්ම තිරනාටකයක්වත් නැතුව.


    කතාව ගන්න එක තමයි කොපි කරනවා කියන්නේ....නැතුව වෙන මොකක්ද....අර මොකේද නැග්ග එකාටත් නිදහසට කරුණු තිබ්බලු....ඒ වගේ කතාවක් තමයි මෙයා කියල තියෙන්නේ.... :P
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    දුවල තුන්දෙනවා ලොකු සල්ලිකරින්ට බන්දල දීලා ගෙදරට වෙලා වැඩක් පොලක් කරගනින් දිනේෂ් ලොක්කෝ .....අපරාදේ දුවලට දෑවැද්දට දෙන්න තියෙන සල්ලි චිත්තරපටි හදන්න වියදම් කරන්න එපා
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දුවල තුන්දෙනවා ලොකු සල්ලිකරින්ට බන්දල දීලා ගෙදරට වෙලා වැඩක් පොලක් කරගනින් දිනේෂ් ලොක්කෝ .....අපරාදේ දුවලට දෑවැද්දට දෙන්න තියෙන සල්ලි චිත්තරපටි හදන්න වියදම් කරන්න එපා
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    :rolleyes::rolleyes:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    කතාව ගන්න එක තමයි කොපි කරනවා කියන්නේ....නැතුව වෙන මොකක්ද....අර මොකේද නැග්ග එකාටත් නිදහසට කරුණු තිබ්බලු....ඒ වගේ කතාවක් තමයි මෙයා කියල තියෙන්නේ.... :P
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දිනේෂ් ප්‍රියසාද් කියන්නෙ අපි හදුන්වන කාටූන් චිත්‍රපටකරණයේ ලාංකීය පුරෝගාමියෙක්.ඒ වගේම චිත්‍රපට සදහා විශේෂ ප්‍රයෝග සම්පාදකයෙක්.ඔහු විසින් කරණ ලද චිත්‍රපට සමාජයේ කථාබහට ලක්වෙච්ච නිර්මාණයන්.ඔවුගේ ගමනට ශක්තියක් වෙමින් වර්ථමානයේ ඔහුට කුසලතා වලින් පිරි දූවරු තිදෙනෙකුම සිටීමද ලොකු ශක්තියක්.ඔහු විසින් වර්ථමානයේ කරන ලද ඩබල් ත්‍රිබල්(මම හිතන්නෙ )චිත්‍රපටයකුත් එළිදැක්වීමට සුදානමින් සිටී.
    ha:P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ මනුස්සයා ඉස්සරම කරපු Films වලින්නම් සිනමාවට වැඩක් උනා. ඒත් දැන්නම් පොර talk තමයි.:oo: ලංකාවේ සිනමාවේ ඉන්න ඔක්කොම එකයි බලාගෙන යනකොට. වැඩට ඉස්සෙල්ලා කට ඉස්සර කරගන්නවා.:angry: මේ යකා සම්භවය සිනමාවට අත ගහපු උන්නට බැනලා තියෙනවා. ඒ මින්න්සු නිසා තමයි ලංකාවේ සිනමාවක් තියෙනවා කියල අඩුම තරමේ ලංකාවේ ඇතුලෙවත් කියන්න පුළුවන්. නැත්නම් තියෙයි සිනමාවක් කියල මෙහෙ, :oo: ආච්චිගේ රෙද්ද තමයි. :angry::angry::angry: දැන් ලක්ෂ ගණන් වියදම් කරන Film වලට වඩා හොද කළු සුදු චිත්‍රපටි තියෙනවා ලංකාවේ. සමහර අධ්‍යක්ෂක වරු කියනවා ලංකාවේ සිනමාව දිනෙන් දින ඉදිරියට යනවලු.:growl: බම්බුව, ඒක නිසා වෙන්න ඇති එහෙනම් ඒ කලේ හාස්‍යජනක Film වලට හිනා ගිහිලා දැන් එන හාස්‍යයජනක යැයි කියාගන්න වූ Films වලට ප්‍රේක්ෂකයන්ට හිනා යන්නේ නැත්තේ.:frown: දැන් ඉන්න උන් උන්ම විහිළුව කරගෙන උන්ම හිනා වෙනවා.

    මම අහගෙන මේ යක දවසක් TV එකේ කියනවා. මම හැදුවේ හාස්‍ය ජනක චිතපටි තමයි. ඒත් මිනිස්සුන්ට හිනා ගියේ නැහැ කියලා.:baffled: මේ යකට තේරෙන්නේ නැහැ එහෙම උනේ තමන් අසාර්ථක නිසා කියලා.:rolleyes:
     

    Similar threads