[FONT="]සීකා යනු වෛරසයක් මගින් බෝවන උණ රෝගයකි. මෙහි ආරම්භය බ්‍රසීලය වැනි ලතින් ඇමෙරිකානු රටවල්ය. මේ වන විට එය මැලේසියාව , චීනය, සිංගප්පූරුව , දකුණු කොරියාව වැනි ආසියාතික රටවලද පැතිර ඇත.ලංකාවටද එය පැමිණිමේ අවදානමක් ඇත.
[/FONT]
[/FONT]
[FONT="]මෙම වෛරසය පළමුව 1947[FONT="] දි සොයා ගන්නා ලදි. එය උගන්ඩාවේ සීකා නම් වනාන්තරයෙන් අල්ලා ගත් රිලවකුට ආසාදනය වී තිබී සොයා ගෙන ඇත.[/FONT][/FONT]
1952[FONT="] වර්ෂය පමණ වන විට අප්‍රිකානුවන් කිහිප දෙනෙක් වෛරස ආසාදනයට ලක්විය. සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම අප්‍රිකානුවන් ආසාදනයට ලක්වුයේ ද ඉහත කී රිලවාගේ ශරීරයෙන් සොයාගත් වෛරසයෙන්ම බව තහවුරු විය. මෙම වෛරසය සීකා වනාන්තරයෙන් සොයා ගත් නිසා සීකා ලෙස නම් කෙරිණි. එය සීකා රෝගයේ ආරම්භයයි.[/FONT]
[FONT="]ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස් මදුරුවන් මගින් මෙම රෝගය බෝවේ. මෙම රෝගය මර්ධනයට බෙහෙතක් හෝ එන්නතක් නොමැත. එම නිසා සීකා රෝගය වැළදුනු විට නිසි ප්‍රතිකාරයක්ද නොමැත. මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් සීයයට අසූවකට රෝග ලක්ෂණ පහළ වන්නේද නැත. එබැවින් වැදගත් වනුයේ සීකා රෝගියකු බව හදුනා ගැනීමය. සීකා රෝගියෙකුටද ඩෙංගු රෝගියෙකුට මෙන්ම විවේකය වැදගත් වේ. මෙහිදී උණ වැළදී දින කිහිපයකින් හෝ සති දෙකකින් පමණ උණ බැස යයි.[/FONT]
[FONT="]මෙම සීකා වෛරසය ඩෙංගු තරම් මාරක නොවන අතර මෙහි වැඩිම අහිතකර බලපෑමට ලක්වනුයේ ගැබිනි මවුවරුන්ය. ගර්භනී මවකට මෙම රෝගය වැළදුණ හොත් ඉපදෙන දරුවා අංග විකල වීමට එය හේතු විය හැක. මෙහිදී කුසේ සිටින දරුවාගේ මොළයේ වර්ධනය අඩු වී හිසේ ප්‍රමාණය කුඩා විය හැකිය. දුර්ලභ රෝගී තත්වයක් වන මෙය මයික්රෝසෙපලි ලෙස හැදින්වේ. එම නිසා මෙම වෛරසය ආසාදනයෙන් ගර්භනී මව්වරුන් ආරක්ෂා විය යුතුය.
[/FONT]
[FONT="]පොත පත ඇසුරිනි[/FONT]
[FONT="]කේ.ඩී.පී.ඩී සිරිවර්ධන[/FONT]
1952[FONT="] වර්ෂය පමණ වන විට අප්‍රිකානුවන් කිහිප දෙනෙක් වෛරස ආසාදනයට ලක්විය. සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම අප්‍රිකානුවන් ආසාදනයට ලක්වුයේ ද ඉහත කී රිලවාගේ ශරීරයෙන් සොයාගත් වෛරසයෙන්ම බව තහවුරු විය. මෙම වෛරසය සීකා වනාන්තරයෙන් සොයා ගත් නිසා සීකා ලෙස නම් කෙරිණි. එය සීකා රෝගයේ ආරම්භයයි.[/FONT][FONT="]ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස් මදුරුවන් මගින් මෙම රෝගය බෝවේ. මෙම රෝගය මර්ධනයට බෙහෙතක් හෝ එන්නතක් නොමැත. එම නිසා සීකා රෝගය වැළදුනු විට නිසි ප්‍රතිකාරයක්ද නොමැත. මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් සීයයට අසූවකට රෝග ලක්ෂණ පහළ වන්නේද නැත. එබැවින් වැදගත් වනුයේ සීකා රෝගියකු බව හදුනා ගැනීමය. සීකා රෝගියෙකුටද ඩෙංගු රෝගියෙකුට මෙන්ම විවේකය වැදගත් වේ. මෙහිදී උණ වැළදී දින කිහිපයකින් හෝ සති දෙකකින් පමණ උණ බැස යයි.[/FONT]
[FONT="]මෙම සීකා වෛරසය ඩෙංගු තරම් මාරක නොවන අතර මෙහි වැඩිම අහිතකර බලපෑමට ලක්වනුයේ ගැබිනි මවුවරුන්ය. ගර්භනී මවකට මෙම රෝගය වැළදුණ හොත් ඉපදෙන දරුවා අංග විකල වීමට එය හේතු විය හැක. මෙහිදී කුසේ සිටින දරුවාගේ මොළයේ වර්ධනය අඩු වී හිසේ ප්‍රමාණය කුඩා විය හැකිය. දුර්ලභ රෝගී තත්වයක් වන මෙය මයික්රෝසෙපලි ලෙස හැදින්වේ. එම නිසා මෙම වෛරසය ආසාදනයෙන් ගර්භනී මව්වරුන් ආරක්ෂා විය යුතුය.
[/FONT]
[FONT="]පොත පත ඇසුරිනි[/FONT]
[FONT="]කේ.ඩී.පී.ඩී සිරිවර්ධන[/FONT]
