සීගිරියේ ඔබ නොදුටු

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සීගිරියේ ඔබ නොදුටු

    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.


    අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

    මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

    කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

    එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

    අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?


    විශාල රුපය මෙතනින් >>

    මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?


    බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට ද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

    මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස ය . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.


    එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ද ?

    රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් ය .


    ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

    ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .

    කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.


    වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය.

    දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

    බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය.


    ක්‍රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් ම කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

    වඩාත් ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

    පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

    සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

    පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .

    Source http://tharu.net
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    nnmwyf.jpg
     
    අඩෝ මේ කතාව ඇත්තක්නම් අපේ ඉතිහාසය හංගගෙන හෙන ප්‍රෝඩාවක්නෙ බං කරල තියෙන්නෙ. මාර අපරාධයක්නෙ බං. මේව ආපහු හදන්න ගියොත් ලොකෙ සම්පූර්ණම ඉතිහාසය උඩු යටිකුරැ වෙනවනෙ බං.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෙල් කියන්නෙ පුරාවස්තු කොල්ලකාරයෙක් කියන එක නම් අහලා තියෙනවා.. සීගිරියේ ඇතුලට යන්න රත්තරං සෝපානයක් තිබ්බ කියලත් කට්ටිය කියනවා... වැදගත් ලිපියක් මචං... :yes:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1


    පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.
    Source http://tharu.net
    සිදුහත් කුමරු ඉපදුන බුදුන් පිරිනිවන් පෑව තැන් හොයාගෙන තියනවා නේද ඉන්දියාවෙන්:confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    බෙල් කියන්නෙ පුරාවස්තු කොල්ලකාරයෙක් කියන එක නම් අහලා තියෙනවා.. සීගිරියේ ඇතුලට යන්න රත්තරං සෝපානයක් තිබ්බ කියලත් කට්ටිය කියනවා... වැදගත් ලිපියක් මචං... :yes:

    සීගිරියේ ඇතුලේ මොනවහරි තියේ නම් ඒක බලන්න පුළුවන් නේද ස්කෑන් කරල. ඒ විදිහට ඊජිප්තුවේ පිරමිඩ ස්කෑන් කරල තිබ්බ. අනේමන්ද ලංකාවේ එහෙම රිසර්ච් එකක් වත් කරන්නේ නෑ අර රාවනෙක් අල්ලාගෙන බයිලා පතුරු ගහනවා
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    බෙල් කියන්නෙ පුරාවස්තු කොල්ලකාරයෙක් කියන එක නම් අහලා තියෙනවා.. සීගිරියේ ඇතුලට යන්න රත්තරං සෝපානයක් තිබ්බ කියලත් කට්ටිය කියනවා... වැදගත් ලිපියක් මචං... :yes:

    ටැන්කූ වේවා බෙදාගන්න හිතුනා කියවපු තැනෙන් දාල තියෙන්නේ ලින්ක් එක :yes::yes:

    අනික ඔය කතාව මම අහල තියනවා බන් රත්තරන් සෝපානේ කේස් එක ඒ උනාට කවුරුත් සාදක ඔප්පු කරන්නේ නෑ නේ :dull::dull:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සීගිරියේ ඇතුලේ මොනවහරි තියේ නම් ඒක බලන්න පුළුවන් නේද ස්කෑන් කරල. ඒ විදිහට ඊජිප්තුවේ පිරමිඩ ස්කෑන් කරල තිබ්බ. අනේමන්ද ලංකාවේ එහෙම රිසර්ච් එකක් වත් කරන්නේ නෑ අර රාවනෙක් අල්ලාගෙන බයිලා පතුරු ගහනවා


    පුහ් ඔකුන් ම කොරයි රිසච් මෙන්න කියල :angry::angry: ස්කෑන් කලොත් බඩු මාට්ටු වෙන නිසා තමා නොකර ඉන්නේ නැතුව වෙන අහවල් එකටද ගල ඇතුලේ ලෙසටම මාලිගාව තියනවා :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සීගිරියේ ඇතුලේ මොනවහරි තියේ නම් ඒක බලන්න පුළුවන් නේද ස්කෑන් කරල. ඒ විදිහට ඊජිප්තුවේ පිරමිඩ ස්කෑන් කරල තිබ්බ. අනේමන්ද ලංකාවේ එහෙම රිසර්ච් එකක් වත් කරන්නේ නෑ අර රාවනෙක් අල්ලාගෙන බයිලා පතුරු ගහනවා

    පරණවිතානත් ඉතිහාසේ හංගලා තියෙන්නෙ කියලා කියනවා මචං.. ඕවා ගැන එක එක කතා තියෙනවා... අපේ උන්ට ඕවා කරන්න තරම් සල්ලි නෑ බං... අනිත් එක ආණ්ඩුවලින් ඕවා කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටැන්කූ වේවා බෙදාගන්න හිතුනා කියවපු තැනෙන් දාල තියෙන්නේ ලින්ක් එක :yes::yes:

    අනික ඔය කතාව මම අහල තියනවා බන් රත්තරන් සෝපානේ කේස් එක ඒ උනාට කවුරුත් සාදක ඔප්පු කරන්නේ නෑ නේ :dull::dull:

    ඕක නිකං ලේසියෙන් ඔප්පු කරන්න බැහැනේ බං.. හෙන ලොකු ගේමක් දෙන්න වෙනවා ඕවා ස්කෑන් කරලා... කැනීම් කරලා වැඩ කරන්න.. කවුරුවත් ඒවට අතගහන්නේ නෑ...
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    කාශ්‍යප රහතන්වහන්සේගැන අහුවමයි මේ වගේ විස්තරයක්. නමුත් ලංකාවෙ ඉන්න බකපන්ඩිතයන්ට නම් මේවා නයාට අඳුකොළ වගේ තියෙයි. හොඳ විස්තරයක්. රෙප් +

    http://www.sirilanka.info/history.mp3
    http://www.sirilanka.info/
     
    Last edited:

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    රන්මුතු දූව ලග කිමිදිලා බැලුවොත් නරකද ? මට හිතෙනවා එහේ තවම මුහුද යට බඩු ඇති කියල ගිලුන නැවේ :yes::yes:
     

    Similar threads