සීගිරි අප්සරාවියකගේ පියයුරු

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    gal_fres1.jpg


    දවසක් සීගිරිය බලන්න ගිහිල්ලා,,
    සීගිරි අප්සරාවියකගේ පියයුරු අතගාපු පොඩි කොල්ලෙක්ට
    මේ අප්සරාවිය මෙන්න මෙහෙම කතාවක් කිව්වලු 👇👇
    ------------------------------------------

    බලා රස විද යනෙනු මිස හැඩ
    ඉතින් සීගිරි චිත්‍රයේ,,
    මොකද කොල්ලෝ හොරෙන් බල බල
    මගේ තනයක් මිරිකුවේ,,
    අම්මපයි පන තිබුනා නන් මට
    දෙන්නේ පැනි එන්නට මොලේ,,
    මෙහේ උන්නට මාත් ඉපදුනෙ
    එහායින් බෙන්තර ගගේ.......................

    ඇබිත්තක් හරි තිබුනා නන් පන
    ඉල්ලගෙන මගෙ නොම්බරේ,,
    Imo,whatsapp,face book වල
    හොයයි සේරම විස්තරේ,,
    ඇවිත් මහ රෑ ඉල්ලාවි නොවැ
    ෆොටෝවක් අහවල් එකේ,,
    වෙලාවට බන් නැති උනේ
    ගල මුදුනේ Wifi රව්ටරේ................................

    දන්නවා ඒ කාලෙ ඉදලම
    බොලාලට ඇති අසහනේ,,
    ලෝකෙන්ම එක උනා නේලුද
    හොයාලා වැල ගූගලේ,,
    ගලේ කොටලා උන් නිසා
    බේරුනත් සලු මේ චිත්‍රයේ,,
    හිතින් නන් කී දෙනෙන් ගලවා ඇත්ද
    මගෙ යට වස්තරේ.................................

    බොලා වගෙ වුන් ඉන්න බව
    දන්නා නිසාමයි විස්තරේ,,
    බලාපන් අර ගහලා තියෙනවා
    ""අත තියන්නට බෑ""හොදේ,,
    කලාවක් රස විදිනු මිස ගිලුනොතින්
    ඒ ගැන රාගයේ,,
    කළු ගලට වුව බබා හම්බෙයි
    නොවැද බන් සුදු මල්ලියේ......................
    Writer---shashika sadeep හීන with Shashika Sadeep
    From FB post
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සීගිරි ආමි
    විසල් පියයුරු දිටිමි
    සෙල්පිය ගසන්නට සැරසුනි
    අම්මා අසනු ඇසුනි
    - (උඹට පිස්සුද ඕව පොටෝ ගහන්ට..😡😡.??)
     
    • Like
    Reactions: Walter White

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලංකාවෙ ගෑනුන්ගෙ ඔය වගෙ ගෙඩි නෑ. පිට රටකින් ගෙනාපු එවුන් වෙන්න ඇති.
    නෑ බං, මේ සිරිලක ඒ්වමයි.
    අහල නැද්ද 'රියසක යුරු තිසරතන'....?
     
    • Haha
    Reactions: topkollek

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සීගිරි ළඳකගේ අම්මෙක්.....

    මගේ පැදුරෙන් මිදී කෙල්ලට
    වාසලට යන්නට වුණා
    අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
    හැම වෙලාවෙම සිහිවුණා
    මාලිගාවෙන් අපේ ගෙපැලට
    තෑගී-බෝගත් හිමි වුණා
    සිහල් ජල කෙළි -දුහුල් සළු පිළි
    දුවට හිමි බව සැල වුණා

    මහා සීගිරී ගලේ මුදුනක
    උඹේ රැව සිත්තම් වුණා
    එය බලන්නම හොරෙන් හවසක
    මාත් එතනට ගොඩ වුණා
    කරඬුවක් වගෙ උඹේ උඩු කය
    අනෙක් උන් මැද දිලිසුණා
    මගේ හුස්මක් ගැටී වෙන්නැති
    දුවේ කළු ගල හෙලවුණා

    පපුව ටික ටික මෙලෙක් වෙනකොට
    එන්න වෙයි මං දන්නවා
    උඹේ දූවිලි සුවඳ තැවරැණු
    පැදුර තාමත් තියෙනවා
    දැනුත් සීගිරි සිංහයා
    කට ඇරන් ඉන්නව පේනවා
    ඒ ඉසව්වෙන් යද්දි මං
    පොඩි කෙල්ල හංගාගන්නවා....

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල