සීගිරි බිතු සිතුවම්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    සීගිරි බිතු සිතුවම්

    සීගිරි බිතු සිතුවම්

    %E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA_1.jpg


    5වන සියවසෙහි අග භාගයේ රජ කළ කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද සීගිරිය එදා මෙන්ම අදත් පෙර අපර දෙදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ලොව අටවන පුදුමය ලෙස විශ්ව සම්මාන දිනීමට සමත් වී ඇත.සීගිරියේ ශේෂව පවත්නා නටඹුන් අතර ඉතා වැදගත් ස්ථානයක් සීගිරි බිතු සිතුවම්වලට හිමි වේ.මෙම බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්‍ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ.

    Sigiriya_21.jpg

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි,මකුළු මැටි,රණවරා ආදිය වේ.ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ.



    Sigiriya_20.jpg


    ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ.දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කරගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. ඉගටියෙන් ඉහළ නග්නව සිටින රන්වන් ලියන්,තනපටක් බැඳ සිටින නිල්වන් ලියන් කැටුව සිටින අයුරින් දර්ශනය වන ජෝඩු සහ තනි අය වශයෙන් සීගිරි සිතුවම් නිර්මාණය වී ඇත.එමෙන්ම සීගිරි සිතුවම් කලාත්මක සෞන්දර්යය කාර්යයන් උදෙසාම නිර්මාණය වූවකි.


    කාන්තා රූප වළාකුළුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත.මෙම වළාකුළු රන් පැහැතිය.හිරු බැස යන අවස්ථාවේ රතුපාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැතිව හිස් අහස පමණක් තිබීම විශේෂයකි.මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්‍ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති.පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්,නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත්ය. සන්ධ්‍යා භාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ.ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල් වට්ටිවලට එකතු කරති.පුබුදුවන ලද මල් බිමට දමන කාන්තාවෝ ද වෙති.තවත් කාන්තාවන් මල් දෙස බලාසිටී.මෙම රැඟුමට සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන තිබේ. ඒ බව කුරුටු ගී වල සඳහන් වේ.එනම්,වීණාවක් අතින් ගත් තැනැත්තියක් හා චිත්‍ර ලෙනේ දකුණුපස මහලු කාන්තාවක් තාලම්පට වැනි උපකරණයක් වයමින් සිටීමයි.

    මල්වල ඇති මෘදු මොළොක්බව,සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්‍ධතාවයත් සංගීත රාවයට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැඟුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිලි වේ.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    භාවිතා කර ඇති ශිල්පීය මූලධර්ම


    චිත්‍ර ශිල්පීය මූලධර්ම හයක් පැරණි යුගයේ භාවිතා විය. එනම්,ප්‍රමාණ,භාව,රූපභේද,ලාවන්‍යයෝජන,වර්ණකාංග හා සදෘශ්‍යකරණ යනුවෙනි.මෙම මූලධර්මයන්ට අනුකූලව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. සීගිරි කතුන්ගේ පුන් පියයුරු,සිහිනිඟ,නිලුපුල් ඇස්,දිගටි මුහුණු,තඹවන් තොල් ආදී අංගයන් වර්ණනා කර ඇති ආකාරය අනුව පෙනීයන්නේ මෙම ළඳුන් නව යෞවනියන් බවයි.සීගිරි චිත්‍ර නිර්මාණයේ දී කාන්තා ශරීරයේ ව්‍යවච්ජේද විද්‍යාත්මක වැදගත්කම ද සැලකිල්ලට ගෙන ඇත.සිරුර නැමෙන විට උදරයේ ඇතිවන රැළි ඉතා පැහැදිලිව දක්වා තිබේ.මෙවැනි රූප මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්‍ෂා කිරීමට ඉවහල් වී තිබේ.

    • ඉරියව්: දැනට ශේෂව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.

    • ප්‍රමාණ: සීගිරි සිතුවම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.

    • භාව: චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවීව පෙනේ.සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය.මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ.භාව ප්‍රකාශන අතින් ප්‍රධාන තැන මුහුණට ලැබෙයි.

    • ලාවන්‍යයෝජන: ලාවන්‍යයෝජන යනු,චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි.ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස අඟ පසඟ උචිත වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය තැනට ආලෝකය ද අඳුර අවශ්‍ය තැනට අඳුර ද තිබිය යුතුය.සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජන මැනවින් දැකිය හැකිය.එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී තිබේ.

    • වර්ණකාංග: එනම්,චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙලිතුඩ හැසිරවීමේ ක්‍රමයයි.සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ.එමෙන් ම නාරිදේහයේ ලාලිත්‍යයට අනුකූලව තෙලිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ.සීගිරි චිත්‍ර වියළි බදාම තලයක් මත නිර්මාණය කිරීම නිසා "ටෙම්පරා"ගණයට අයත් වේ.

    ඉතා මෑතක දී පුද්ගලයකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි.


    %E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA_4.jpg



    %E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA_5.jpg


     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    සීගිරි චිත්‍ර පිළිබඳ ඉදිරිපත් වී ඇති මත


    01.එච්.සී.පී.බෙල් මහතාගේ මතය:
    මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය.ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බව කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත.

    02.ආනන්ද කුමාරස්වාමිගේ මතය:
    සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවයි.

    03.නන්දදේව විජේසේකර මහතාගේ මතය:
    "රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බවයි.

    04.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතය:
    මෙම චිත්‍රවලින් දැක්වෙන්නේ දිය කෙළියක් බව ඔහු කියයි.

    05.මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය:
    රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බව ඔහුගේ මතයයි

     
    Last edited: