සීට්ටු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,922
    11,662
    113

    සීට්ටු= Rotating Savings and Credit Association (ROSCA)​

    ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව තුළ ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්ෂුද්‍රමූල්‍ය පද්ධතියක් පැවති බවට සාක්ෂ්‍යය ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන “සීට්ටු” ක්‍රමය, 20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී පමණ ඇරඹි, නිළ නොවන නමුත් සඵල ඉතුරුම් සහ ප්‍රාග්ධන ඒකරාශීකරණ ක්‍රමයකි. එම නිසා එය, දිළිඳු පුද්ගලයින් වෙත ක්ෂුද්‍රමූල්‍ය සපයන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ.

    සීට්ටු දානවා කිව්වම සමහර අයට හිතෙයි ඒක කරන්නේ සමහර විට සමාජයේ ටිකක් පහල මට්ටමක ඉන්න බැංකු ගණු දෙනු ගැන වැඩි දැනුවමක් නැති අය කියලා ඒත් මේ ලඟදි පත්තරේක තිබ්බා ලංකාවේ කොහේ හරි පැත්තක කෝටි ගානක් සීට්ටු සල්ලි වංචාවක් ගැන. ඒ ඇරෙන්න මන් දන්න ඉතා උසස් තත්වයේ ඉන්න බැංකු ගණු දෙනු ගැන හොඳට දන්න අය පවා මිලියන ගනන් වල සීට්ටු වලට දායක වෙනවා

    සීට්ටු කියන්නේ බැලූ බැල්මට වාසි දායක නැති මුදල් ඉතිරිකිරීමේ ක්‍රමයක් ඒත් මේකට යෙදෙන පුදගලයන් නම් කියන්නේ මේක බැංකුවට වඩා වාසියි කියලා. සීට්ටුවකින් වෙන්නේ මේ වගේ දෙයක් 10 දෙනෙක් ඉන්නවානම් එයාලා හැමෝම සමාන මුදලක් උදා 1000ක් වගේ හැම මාසෙම එකතු කරලා එක්කෙනෙක්ට දෙනවා මේ වගේ මාස 10කදි හැමෝටම 10000 ගානේ ලැබෙනවා. මුදල් සීට්ටු විතරක් නෙමෙයි ලීබඩු සහ වෙනත් බඩු භාණ්ඩ වලටත් සීට්ටු දානවා.


    ඔය සල්ලි දෙන පිළිවෙල තෝරන්නේ තුණ්ඩු ඇදලා. පළවෙනි එක හැමදාම සීට්ටුව කරන කෙනාට. මේකේදී වාසි වෙන්නේ සල්ලි හදිස්සි කෙනෙක් මුල් සීට්ටු වටිනාකමට වඩා අඩු මුදලකට ලබා ගන්නවා ඒ කියන්නේ 10000 වෙනුවට එයා 9000ක් ඇති කියන්වා එතකොට අනික් අයට යන්නේ ඒ මාසේ 900 ඒත් 9000 ගත්ත කෙනා සීට්ටුව කල් පිරෙනකන් 1000 ගානේ ගෙවන්න ඕනේ. ඒ වගේ උනාම 9900ක් ගෙවපු කෙනෙක්ට උනත් 10000ක් අන්තිමට ලැබෙනවා.

    වෙන්දේසි සීට්ටු ක්‍රමය
    එකේදී තුන්ඩු දන්නේ නැ..... සීට්ටුවට වෙන්දේසි කරන දවසක් දාගන්නවා... අපි හිතමු හැම මාසෙම 10 වෙනිදා හවස 5 ට කියලා.... සීට්ටුව ගන්න ඕනේ කියලා හිතන අය වෙලාවට වෙන්දේසියට යන්න ඕනේ... සීටුව organize කරන කෙනා තියනවා ලන්සුවක් .... අපි හිතමු 250 කියලා .. එක්කෙනෙක්ගෙන් මාසෙට 1000 කියලා... දැන් සීටුව ගන්න ඕනේ අය 250 ඉදලා ගාන වැඩි කර කර ඉල්ලනවා... 275 .... 300... 325... 350...400.... ඔහොම ගිහින් වැඩිම ගානට ඉල්ලන කෙනාට සීට්ටුව දෙනවා.... අනිත් අය ඒ මාසේ ගෙවන්න ඕනේ වෙන්දේසි උන ගාන සම්පුර්ණ ගානෙන් අඩු කරලා එන ගාන සාමාජිකයන් ගානෙනේ බෙද්දාම ලැබෙන ගාන.... අන්තිමටම සීට්ටුව ගන්න අයට වාසියි.....

    සීට්ටුවක් සාර්ථක වෙන්නේ ඒක කරන කෙනා අනුව. කරන කෙනාට පුළුවන් නම් ඉන්න 10 දෙනාගෙන්ම හැම මාසෙම බලෙන් හරි 1000 එකතු කරන්න සීට්ටුව හරියට යනවා. නැත්නම් ඉතින් කවුරු හරි මග ඇරියොත් එතන ලොකු පාඩුවක් සිද්ද වෙනවා. 1000 වගේ සුළු මුදලකදි නෙමෙයි ලක්ෂ කෝටි ගනන් වලින් ඔය ගණු දෙනුව සිද්ද වෙද්දි තමා ඒකේ පාඩුව සිද්ද වෙන්නේ.

    මන් හිතන්නේ මේ සීට්ටු කියන ක්‍රමයම හරි විදිහකට කලා නම් ලංකාව තුලත් හොඳ ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තිබ්බ මොකද මෙච්චර සාර්ථක විදිහට සීට්ටු ක්‍රමය යනවනම් ඒක බැරි වෙන්න විදිහක් නැති නිසා.

    PS: මමත් අද රු 5000 ගානේ දාන සීට්ටුවකට සෙට් උනා නැන්දම්මාගේ කරදරේට. මට හම්බුනේ නො 04 :P
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සීට්ටුව කීදෙනෙක් ඉන්න එකක්ද? 5000 දවසටද මාසෙටද?
    ගානක් නැ . යන්නේ විශ්වාසෙ මත මචන්. හිතපන් උබට මේ මාසේ ලක්ස 4 ක් ඕනේ කියල. උබ උබේ ෂුවර් යාලුවෝ නෑයෝ සෙට් කරන සීට්ටුවක් දානවා . එතකොට ඉන්නේ 5 නම් එකෙක් ලක්ශේ ගානේ දාන්න ඕනේ. මුල්ම එක උබට හම්බෙන්නේ. දැන් උබට හම්බෙන්නේ ලක්ෂ 4 යි. උබ මාස 5 ගෙවන්න ඕනේ ලක්ෂ 4 ක්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ගොඩක් උන් කරන්නේ සීට්ටුව අඩුවට අරන් පොලියට දෙනවා
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,662
    113
    වෙන්දේසි සීට්ටු

    මෙහෙම හිතමුකෝ සීට්ටුව දාන්න 10 දෙනෙක් ඉන්නා මාසෙට දාන්න ඕනේ ගාන 1000 යි ,එතකොට පළවෙනි මාසේ සීට්ටුව දාන එකා ගන්නවා එතකොට එයාට 10000 ක් හම්බ වෙනවා .. දෙවැනි මාසෙදි නම දෙනෙක් ඉන්නවනේ තව උන් නවයෙන් කැමති උන් දෙවැනි සීට්ටුව ඉල්ලනවා.. එතකොට ඉල්ලන අඩුම ගානට තමයි සීට්ටුව දෙන්නේ
    එකෙක් 9000 කට ඉල්ලනවා තව එකෙක් 8500 ඉල්ලනවා තව එකෙක් 8000 කට ඉල්ලනවා ,
    සීට්ටුව හම්බවෙන්නේ 8000 ට ඉල්ලන එකාට (ඌට 2000 ක් පාඩු පිට ටමයි ගන්නේ සමදානෙන් කවුරුවත් ඉල්ලන්නේ නැතුව එකෙක්ට ගන්න කිව්වනම් 10000 ම ගන්න පුළුවන් )
    දැන් එතකොට සිට්ටුවට ගෙවන්න ඕනේ 8000 නේ ඉන්න ගානෙන් 8000 බෙදනවා 8000/10=800
    එතකොට ඒ වාරෙදි එකෙක් ගෙවන්න ඕනේ 800 යි .
    ඔය විදියට සීට්ටුව ඉල්ලලා යන විදියට ගණන් වෙනස් වෙනවා , ආයෙමත් අවසානයටම සීට්ටුව ගන්න ඉන්න කෙනාට 10000 ම ලැබෙනවා

    සාමාන්යෙන් වෙන්දේසි සීට්ටු දාන්නේ ලොකු ගණන්..කට්ටියත් ගොඩක් ඉන්නවා , අවුරුදු 3 ,4 වගේ දිග ඇදෙන සීට්ටු තියෙනවා මිනිස්සු 30 ,40 එකතුවෙලා , එතකොට තමන්ගේ අවශ්‍යතාවයන් ආවමත් ගොඩක් අය ඉල්ලලා ගන්න බලනවා .. සමහරු වෙන අයට ඉල්ලන්න එපා කියලා සල්ලි පවා දෙනවා (මම කියන්නේ ලොකු සීට්ටු වල ,) සමහරු පොලියට එහෙම දෙන්න ගන්නවා එතකොට අර ගානක් කැපුනට එයිට වඩා ලාබයක් උපයන්න පුළුවන්නේ සමහරු බිස්නස් වලට ආයෝජනය කරන්න වගේ ගන්නවා .. කොහොමත් සීට්ටුව ගන්න කට්ටිය වෙන්දේසියේ පොරකනවා ලන්සු අඩු වට තිය තියා
     
    • Love
    Reactions: ChamodhK

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,662
    113
    mmmmm සීට්ටු …….

    495086DE-6AAA-4DC6-9B38-C69FDA90A93B.jpeg