සීටීබී ලොක්කෙක් කරපු වැඩක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු තමන්ගේ පෞද්ගලික වාහනය එම මණ්ඩලයට ලබාදී රුපියල් ලක්ෂ 11ක මාසික කුලියක් ලබාගෙන ඇතැයි ජාතක විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    මෙම කුලී මුදල ලබාගෙන ඇතැයි පැවසෙන්නේ 2020 ජනවාරි 22 වැනිදා සිට 2022 මැයි මස 31 වැනිදා දක්වා යැයි එම වාර්තාවේ දැක්වේ.

    මෙම නිලධාරියාගේ වාහනය වාහන කුලියට ලබා දෙන ආයතනයක් හරහා මණ්ඩලයට ලබාදී ඇතැයි කියති.

    ඩිපෝ අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් භාවිත කරන වාහනවලට 2022 වර්ෂයේදී සීමාව ඉක්මවා ඉන්ධන ලබා ගෙන ඇති බවත් ඒ සඳහා වැය කර ඇති මුදල ලක්ෂ විසි හතකට වැඩි බවත් වාර්තාව පවසයි.

    මේ අතර පසුගිය 2022 මැයි මස 9 වැනිදා සිදුවූ කලබලකාරී සිද්ධියේදී හානියට පත් වාහනවල වටිනාකමවූ දෙකෝටි විසිඑක් ලක්ෂයක මුදල සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

    මේ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කර ඇතත් ඒවා ක්‍රියාත්මක තත්වයට පත්කර නොතිබූ බව විගණන අංශ පවසයි.

    වවුනියාව කොළඹ දක්වා ගමන් භාර අටක් පොදුවේ දක්වා ගමන් වාර දෙකක් සහ වවුනියාව සිට මහනුවර දක්වා ගමන් වාර දෙකක් සඳහා බස් රථ ධාවනයට එක් නොකිරීම හේතුවෙන් 2022 වර්ෂයේදී රුපියල් කෝටි පනස් හතකට වැඩි ආදායමක් අහිමිවී තිබූ බව පවසන විගණන වාර්තාව වායු විමෝචන මධ්‍යස්ථාන නවය සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීමෙන් ඒ සඳහා වැය කර ඇති රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් අපගේ ගොස් ඇති බව සඳහන් කරයි.

    වායු විමෝචන භාරකාර අරමුදල එම මධ්‍යස්ථානවල ලබාදී ඇති රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා උපකරණ දිරාපත් වෙමින් පවතින බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

    මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

    yako mun nan minissu wenna baha
     

    Similar threads