සීතල යුද්ධයට සාරාංශයක්
සීතල යුද සමය ගැන ඉතාම කෙටියෙන් සටහනක් තබන්නයි මේ සූදානම් වන්නේ .දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජනපදය සහ සෝවියට් දේශය ලෝකය දෙකඩ කරගෙන පාලනය ගෙන ගියහ.1945 සිට 1991 සෝවියට් දේශය බිඳ දමන තෙක් ඔවුන් දෙදෙනා එකිනෙකා පරයමින් ක්‍රියා කරන්නට විය.න්‍යෂ්ඨික අවි තරඟය,අභ්‍යාවකාශ තරඟය ඉන් විශේෂයි.ඇමෙරිකාව මෙම කාල සමය තුල සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත කිරිමේ ව්‍යාපාරය අඩාල කිරීම තම සියලුම හැකියාවන් පාවිච්චි කරන ලදි.නමුත් මේ බලවතු දෙදෙනා අතර කිසිවිටක මුහුණුට මුහුණ සටනක් සිදුවූයේ නැත.නමුත් ඔවුන්ගේ බලපෑම් මත රටවල් රැසක අර්බුද ඇතිවිය.ඒ තමන්ට පක්ෂපාතී රාජ්‍යතන්ත්‍රයන් එම රටවල නිර්මාණ කිරීමට යෑමත් ,අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමත් නිසාය.මෙම ලිපිය ඔස්සේ සීතල යුද සමයේ සිදුවූ ප්‍රධානතම සහ වැදගත් සිදුවීම් කිහිපයක් සාරාංශ කර දක්වා තිබේ.
Source:Datesandevents.org
-HarshaLulzSec-

1945
පෙබරවාරි 4-11:වින්ස්ටන් චර්චිල්,ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් සහ ජොෂප් ස්ටාලීන් යල්ටා සමුලුවේදී හමුවීම.ඔවුන් එහිදී ජර්මනිය බෙදා ගැනීම පෝලන්තය බෙදාගැනීම,එක්සත් ජාතීන්,ජර්මනයේ වන්දිය ආදිය ගැන කතා කරන ලදි.
මැයි 8: ජර්මනිය රුසියාවේ රතු හමුදාවට යටත්වීම
ජූලි 17-අගෝස්තු 2:පෝට්ස්ඩෑම් සමුලුවේදී ජර්මනිය සහ ඕස්ට්‍රියාව කලාප 4කට බෙදීමට සහ ජර්මන් අගනගරය වන බර්ලිනය කලාප 4කට බෙදීමට එකඟ වීම.රුසියානු පෝලන්ත දේශසීමා තීරණය කිරීම සහ කොරියාව සෝවියට් ඇමෙරිකානු ලෙස බෙදීම.
අගෝස්තු 6: එක්සත් ජනපදය ප්‍රථම පරමාණු බෝම්බය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළීම.
අගෝස්තු 8:එක්සත් ජනපදය දෙවන පරමාණු බෝම්බය ජපානයේ නාගසාකි නගරයට හෙළීම
අගෝස්තු 14:ජපානය තම යටත්වීම ප්‍රකාශ කිරීම සහ දෙවන ලෝක යුද්ධය අවසන් වීම
සැප්තැම්බර් 2:හෝ චිං මින් වියට්නාමය නිදහස් ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.

1946
පෙබරවාරි 9:ජෝෂප් ස්ටාලින්ගේ කතාව - සමාජවාදය සහ ධනවාදයේ ගැළපීමක් නැත.
මාර්තු 5: විස්ටන් චර්චිල්ගේ කතාව-නැගෙනහිර යුරෝපය තුල සමාජවාදය ව්‍යාප්ත වීමත් සෝවියට් දේශය තම බලය එම ප්‍රදේශවල පැතිරවීමත් සමග චර්චිල් කියා සිටියේ යුරෝපය යකඩ කඩතුරාවකින් වැසී ගියබවයි.
ජූලි 1: ඔපරේෂන් ක්‍රොස්රෝඩ්ස් - පැසිෆික් සාගරයේ බිකිනි දුපතේදී ඇමෙරිකාව න්‍යෂ්ඨික අවි 2ක් අත්හදා බලන ලදි.ඉන් පළමුවැන්න බී-29 බෝම්බ හෙළන යානයකින් පොළොවට අතහැරීමෙන් පුපුරවා හරින ලදි.
ජූලි 25: ඔපරේෂන් ක්‍රොස්රෝඩ්ස් - දෙවන න්‍යෂ්ඨික අවිය සාගරය යටදී අත්හදා බලන ලදි.

1947
මාර්තු 10:හැරී ටෲමන්(එ.ජ,ජනපති )ඉරානයෙන් ඉවත් වෙන්න යැයි සෝවියට් දේශයට බලකරයි.තවද කොමියුනිස්ට්වාදය පරාජය කරන්නට ඕනෑම රටකට උදව් දෙන බවද ඔහු කියා සිටියි.
ජූනි 5: මාර්ෂල් සැලැස්ම - මේ ඔස්සේ එක්සත් ජනපදය යුරෝපා රටවලට ආර්ථික වශයෙන් ආධාර සපයන ලදි.මෙම සැලැස්ම ස්ටාලින් සහ අනෙකුත් නැගෙනහිර යුරෝපා රටවලින් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර එහි ප්‍රථිපලයක් ලෙස ආර්ථික ආධාර ලබා දුන්නේ බටහිර යුරෝපා රටවලට පමණි.
සැප්තැම්බර් 2:ඇමෙරිකාව ලතින් ඇමෙරිකානු රටවල් එක් කරගෙන රියෝ ගිවිසුම පිහිටුවා ගන්නා ලදි.
සැප්තැම්බර් :සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපා රටවල එකතුවෙන් කොමියුනිස්ට් තොරතුරු කාර්යාංශය පිහිටුවීය.

1948
පෙබරවාරි 25:චෙක්ස්ලෝවැකියාව කොමියුනිස්ට් ආධිපත්‍යට නතුවීම.
මාර්තු 2:සීතල යුද්ධයේ ඔත්තුකරුවන් අල්ලාගැනීමට හැරී ටෲමන් විසින් වැඩසටහනක් සකස් කිරීම.
මාර්තු 17:යුරෝපය කොමියුනිස්වාදයෙන් රැක ගැනීමට බ්‍රසල්ස් ගිවිසුම ඇතිකිරීම.
ජූනි:ප්‍රංශය,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතරේ බෙදාගෙන තිබූ ජර්මනියේ බටහිර කොටස් එකතුකර බටහිර ජර්මනිය නිර්මාණය කිරීම
ජූනි 24:බර්ලිනය වැටලීම - ප්‍රංශය,එක්ස්ත් ජනපදය සහ බ්‍රිතාන්‍යය බටහිර ජර්මනිය නිර්මාණය කිරීමට ප්‍රතිචාර ලෙස සෝවියට් දේශය බර්ලිනය වෙත විවෘත වූ සියලුම මහා මාර්ග සහ දුම් රිය මාර්ග වසා දමන ලදි.මෙහි අරමුණ බටහිර ජර්මනියට ආහාර සැපයුම අඩාල කර හාමතේ තැබීමයි.නමුත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ගුවනින් බටහිර බර්ලිනයට ආහාර සපයන ලදි.මෙය බර්ලින් එයාර්ලිෆ්ට් නමින් හඳුන්වයි.බර්ලින් වැටලීම මාස 11ක් ක්‍රියාත්මක විය.

1949
අප්‍රේල් 4:නේටෝ සංවිධානය බිහිවීම-උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය බෙල්ජියම,කැනඩාව,ඩෙන්මාර්කය,ප්‍රංශය,අයිස්ලන්තය,ඉතාලිය,ලක්සම්බර්ග්,නෙදර්ලන්තය,නෝර්වේ,පෘතුගාලය,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව නිර්මාණය කරගන්නා ලදි.
මැයි 12:බර්ලින් වැටලීම අවසන් වේ.
අගෝස්තු 29:සෝවියට් දේශය ඔවුන්ගේ පළමු පරමාණු බෝම්බය අත්හදා බැලීම.
ඔක්තෝම්බර්1: මාවෝ සේතුන් චීනය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් කරයි.

1950
ජනවාරි 30: ජනපති ටෲමන් හයිඩ්‍රජන් බෝම්බ සංවර්ධනයට අවසර දෙයි.
ජූනි 25:කොරියා යුද්ධ අරඹමින් උතුරු කොරියාව දකුණු කොරියාවට කඩා වැදීම.

1951
අප්‍රේල් 11: ජනපති ටෲමන් විසින් ජෙනරල් ඩග්ලස් මැකාතර් තනතුරෙන් පහ කිරීම(කොරියානු යුද්ධයේදී)
1952
බ්‍රිතාන්‍යය පරමාණු බෝම්බ නිපදවිම.
1953
බ්‍රිතාන්‍යය පරමාණු බෝම්බ නිපදවිම.
1953
මාර්තු 5:ජෝෂප් ස්ටාලින් මිය යෑම.වයස අවුරුදු 74දී.
මාර්තු 17-ජූනි 4:නෙවාඩා හි න්‍යෂ්ඨික අත්හදා බැලීම් 11ක් සිදුකිරීම.
ජූලි 27:කොරියන් යුද්ධය අවසන් වීම.උතුරු කොරියාව රුසියාව සමගද දකුණු කොරියාව ඇමෙරිකාව සමගද සම්බන්ධ විය.

1954
මාර්තු 1:එක්සත් ජනපදය හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලීම.
මාර්තු 13:කේජීබී(KGB) හෙවත් සෝවියට් රහස් ඔත්තු සේවය පිහිටුවීම.
CIA සංවිධානය ඉරානයේ සහ ග්වෝතමාලාවේ ඇමෙරිකාවට සතුරු රාජ්‍යතන්ත්‍රයන් ඉවත් කිරීමට සහාය දීම.
ජූලි:ජිනීවා සම්මුතිය - වියට්නාමය උතුරු සහ දකුණු ලෙස කොටස් දෙකකට බෙදීම.
1955
මැයි 14 :වර්සෝව් සංවිධානය පිහිටුවා ගැනීම-සෝවියට් දේශය,නැගෙනහිර ජර්මනිය,චෙක්ස්ලෝවැකියාව,පෝලන්තය,හංගේරියාව,රුමේනියාව,ඇල්බේනියාව සහ බල්ගේරියාව යන රටවල් ඊට ඇතුලත්විය.

1956
ජූනි 29:පෝලන්තයේ ශ්‍රමිකයන්ගේ කැරැල්ල මර්ධනයට සෝවියට් දේශය පෝලන්තයට යුද ටැංකි යැවීම.
සැප්තැම්බර් 4:සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයට හමුදා ආධාර යැවීම.
ඔක්තෝම්බර් 23:හංගේරියානු විප්ලවය-හංගේරියාවේ කොමියුනිස්ට් රජයට එරෙහිව මෙම කැරැල්ල පැන නැගුණි.සෝවියට් හමුදා හංගේරියාවට ඇතුල්වී විප්ලවකාරීන් සමග සටන් කල අතර පසුව සෝවියට් හිතවාදී රජයක් ස්ථාපිත කරන ලදි.
ඔක්තෝම්බර් 30:සූවස් ඇල අර්බූදය-සූවස් ඇල ඊශ්‍රායල හමුදා අතට පත්විය.ඔවුන්ට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා වල සහාය ලැබුණි.

1957
අගෝස්තු 26:සෝවියට් දේශය වොස්ටොක් රොකට්ටුව දියත්කරන ලදි.
ඔක්තෝම්බර් 4:ස්පුට්නික් යානය පෘතුවි කක්ෂයට ලගා විය.
නොවැම්බර් 3:ස්පුට්නික්2 යානය දියත් කල අතර එය ලයිකා බැල්ලව අභ්‍යාවකාශයට ගෙන යන ලදි.

1958
ජනවාරි 31:එක්ස්පෝරා 1 යානය ඇමෙරිකාව විසින් දියත් කරයි.
ජූලි:නාසා ආයතනය මර්කරි ව්‍යාපෘතිය දියත් කිරීම.
නොවැම්බර්:සෝවියට් ජනපති ක්‍රස්චෙව් තම හමුදා බර්ලිනයෙන් ඉවත් කරගන්නට නියෝග කිරීම.

1959
ජනවාරි:කියුබාව පිදෙල් ක්‍රස්තෝ යටතට පත්වීම.
සැප්තැම්බර් 25:සෝවියට් ජනපති ක්‍රස්චෙව් එක්සත් ජනපදයට පැමිණීම.

1960
ප්‍රංශය පරමාණු බෝම්බ නිපදවීම.
මැයි 1:එක්සත් ජනපදයේ යූ-2 ඔත්තුබලන යානයක් සෝවියට් දේශයේදී බිම හෙළීම.
නොවැම්බර්:ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකානු ජනපතිවරණය ජය ගැනීම.
දෙසැම්බර් 19:කියුබාව සෝවියට් දේශය සමග සබදතා තරකර ගැනීම.
1961
අප්‍රේල් 12 යූරි ගගාරින් අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා බවට පත්වීම.
අප්‍රේල් 13:බර්ලින් දේශසීමාව වසා දැමීම.
අප්‍රේල් 17: Bay of Pigs Invasion හෙවත් CIA සංවිධානය සැලසුම් කල කියුබානු ආක්‍රමණය.මෙහි අරමුණ කියුබාවේ කොමියුනිස් ආණ්ඩුව පෙරලීම වුවද මෙහෙයුම අසාර්ථක විය.
අප්‍රේල් 17:බර්ලින් තාප්පය ඉදිකිරීම ඇරඹේ.

1962
ඔක්තෝම්බර් 14:ඇමෙරිකානු ඔත්තුබලන යානයක් කියුබාවේ සෝවියට් න්‍යෂ්ඨික මිසයිල කඳවුරක් නිරීක්ෂණ කරයි.ජනපති කෙනඩි කියුබාව මුහුදින් වටලන අතර සෝවියට් මිසයිල වහාම කියුබාවෙන් ඉවත් කරගන්නට බල කරයි.සෝවියට්-ඇමෙරිකා යුද්ධයක් වැළකී ගිය අතර ඔක්තෝම්බර් 28 සෝවියට් පාලකයෝ මිසයිල ඉවත් කරගන්නට පොරොන්දුවේ.එක්සත් ජනපදය කියුබාව ආක්‍රමණය නොකරන බවට එකඟ වේ.
ඇමෙරිකාව වියට්නාමයේ යුද්ධයට මැදිහත්වීම ඉහල දමයි.

1963
ජූලි:න්‍යෂ්ඨික අවි සීමා කිරීමේ ගිවිසුම වලංගු කෙරේ.
නොවැම්බර් 22:ජෝන් එෆ් කෙනඩි ජනපතිවරයා ඝාතනයට ලක්වේ.මෙම ඝාතනය සීඅයීඒ හෝ කොමියුනිස්ට් බලපෑමක් මත සිදුවූබවයි කියවෙන්නේ.

1964
ඔක්තෝම්බර් 15:නිකිටා ක්‍රස්චෙව් සෝවියට් ජනපති ධූරයෙන් පහකෙරේ.ඒ වෙනුවට ලියොනිඩ් බ්‍රෂ්නෙව් පත්වේ.
ඔක්තෝම්බර්:චීනය පරමාණු බෝම්බ නිපදවයි.
ඔක්තෝම්බර්:චීනය පරමාණු බෝම්බ නිපදවයි.
1965
අප්‍රේල්:එක්සත් ජනපද මැරීන් සෙබලුන් ඩොමිනිකන් සමූහාණ්ඩුවේ කොමියුනිස්ට්වාදීන් සමග සටනට යෑම.
ජූලි:වියට්නාමයට ඇමෙරිකානු සෙබලු 150,000ක් යැවීම.

1966
බී-52 යානා වියට්නාමයට බෝම්බ හෙළීම ඇරඹීම.
1968
ජනවාරි: U.S.S. Pueblo නම් නෞකාව උතුරු කොරියාව විසින් රඳවා ගැනීම.
අගෝස්තු 20:සෝවියට් හමුදා චෙකස්ලෝවැකියාව ආක්‍රමණය කිරීම.
දෙසැම්බර් 21:එක්සත් ජනපදය ඇපලෝ 8 යානය දියත් කිරීම.සඳේ කක්ෂයට ලඟාවූ පළමු මිනිසුන් සහිත යානය එයයි.

1969
ජූලි 20:ඇපලෝ 11 යානය සඳ මතට මිනිසුන් ගෙන යාම.
1970
අප්‍රේල් 30:ජනපති නික්සන් ඇමෙරිකානු හමුදා කාම්බෝජයට යැවීම.
1972
පෙබරවාරි:ජනපති නික්සන් චීනයට පැමිණීම.
මැයි 26:එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර උපායමාර්ගික අවි සීමා කිරීමේ ගිවිසුම ඇතිවීම.

1973
ජනවාරි:ඇමෙරිකාව සහ උතුරු වියට්නාමය අතර සටන් විරාමයක් ඇතිවීම.
සැප්තැම්බර්:ඇමෙරිකාව චිලී ආණ්ඩුව පරාජය කරන්නට සහාය ලබාදෙයි.
ඔක්තෝම්බර්:ඊජිප්තුව සහ සිරියාව ඊශ්‍රායලයට පහර දෙයි.

1974
අගෝස්තු:ජනපති නික්සන් ඉල්ලා අස්වේ.
1975
අප්‍රේල් 17:උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් හමුදාව දකුණු වියට්නාමය යටත් කරගනියි.
1976
පෙබරවාරි:සෝවියට් සහ කියුබානු හමුදාවල සහයෙන් ඇන්ගෝලාවේ කොමියුනිස්ට් ආණ්ඩුවක් ඇතිකරයි.

1977
ජනවාරි 20:ජිමී කාටර් ඇමෙරිකාවේ 39වන ජනපති බවට පත්වේ.
1979
ජනවාරි:ඇමෙරිකාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳකම් පිහිටුවා ගැනීම.
ජූලි:SALT II ගිවිසුමට අත්සන් තැබීම.
නොවැම්බර් 4:ඉරාන ප්‍රාණ ඇපකරු අර්බූදය-ඉරාන සිසුන් පිරිසක් සහ සටන්කාමීන් කණ්ඩායමක් ඉරානයේ ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ සිටි ඇමෙරිකනුවන් 53ක් ප්‍රාණ ඇපයට ගනියි.එය සිදුවූයේ ඉරාන විප්ලවයට සහාය පලකිරීමක් ලෙසයි.
දෙසැම්බර් 24:සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම.

1980
ජූලි:මොස්කව් හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇමෙරිකාව ඇතුලු රටවල් රැසක් විසින් වර්ජනය කිරීම.සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම ඊට හේතුව විය.
1981
ජනවාරි 20:ඉරාන ප්‍රාණ ඇපකරු සිද්ධිය එය ඇරඹී දවස 444කට පසුව අවසන් විය.
1982
ජූනි:ජිනීවා සමුලුවේදී ජනපති රේගන් උපක්‍රමශීලී අවි අවම කිරීම සම්බන්ධව යෝජනාවක් ගෙන ආවේය.
1984
ජූලි 24:රුසියාව සහ තවත් රටවල් 13ක් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලදි.ඒ 1980 දී ඇමෙරිකාව මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කීරීමට එකට එක කිරීමක් ලෙසයි.
1985
මාර්තු 11:මිහායිල් ගෝබචොව් සෝවියට් නායකයා බවට පත්විය.
1986
අප්‍රේල් 26:චර්නොබෙල් ව්‍යසනය-යුක්‍රේනයේ චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරය පුපුරා යෑම.

1987
ජූනි:ගෝර්බචොව් සෝවියට් දේශය ව්වෘතත්වයට ගෙන ඒමට කටයුතු කරන බව නිවේදනය කලේය.එනම් ආර්ථික සහ රාජ්‍යය ප්‍රතිසංස්කරණ,භාෂණයේ නිදහස,නිදහස් මැතිවරණය සහ අවි තරඟය නිමා කිරීමයි.
1989
පෙබරවාරි 15:අවසාන සෝවියට් හමුදා කණ්ඩායමත් ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යනු ලැබීය.
ජූනි 4:චිනයේ ටියන්මන් චතුරස්‍රයේදී කොමියුනිස්ට් විරෝධීන්ව දරුණු ලෙස චීන හමුදාවන් විසින් මර්ධනය කරන ලදි.
අගෝස්තු:පෝලන්තය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්විය.
ඔක්තෝම්බර් 23:හංගේරියාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
නොවැම්බර් 9:බර්ලින් තාප්පය බිඳ දැමීම
නොවැම්බර් 17-දෙසැම්බර් 29:චෙකස්ලෝවැකියාවේ කොමියුනිස්ට් පාලනය අවසන් කරන්නට මඟ පෑදූ සාමකමී විරෝධතා ව්‍යාපර මාලාව ඇතිවිය.
දෙසැම්බර් 2-3:ජොර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපති සහ රුසියානු නායක ගොර්බචොව් හමුව.මෙය ශීතල යුද්ධය නිමා කිරීමේ ආරම්භයක් ලෙස දැක්විය හැකිය.
දෙසැම්බර් 16-25:රුමේනියානු විප්ලවය

1990
ඔක්තෝම්බර් 3:ජර්මනිය ඒකාබද්ධ කිරීම.නැගෙනහිර සහ බටහිර ජර්මනිය එක්වී තනි රටක් නිර්මාණ විය.
1991
ජූලි 1:වෝර්සෝව් ගිවිසුම අවලංගු වීම
ජූලි 31:උපායමාර්ගික අවි අවම කිරීමේ ගිවිසුම රුසියාව සහ ඇමෙරිකාව අතර අත්සන් කෙරිණි.
දෙසැම්බර් 25:ගොර්බචොව් ඉල්ලා අස්වීම.
දෙසැම්බර් 26:සෝවියට් දේශයේ අවසානය.

Last edited: