සීතල_යුද_සමයෙන් ඇසෙන කතා
ඇමෙරිකානු නියමු ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් විසින් පියාසර කරවන ලද යූ-2 නම් ඔත්තු බැලීමේ යානය 1960 වර්ෂයේදී සෝවියට් ගුවන් අවකාශයේදී බිම හෙළීම සීතල යුද සමයේ සිදුවූ බොහෝදෙනා හොඳින් දන්නා සිදුවීමකි.සීතල යුද්ධයේ ප්‍රධාන ප්‍රති පක්ෂයන් වූ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර ලෝකයට සොරා සිදුවූ ගුවන් සටන් තිබෙන බව වැඩි දෙනෙක් දන්නේ නැත.අද මෙන් එදත් එක්සත් ජනපදය සිය ප්‍රමුඛතම සතුරා වූ සෝවියට් දේශයේ රහස් සෙවීමේ පිපාසයෙන් පසුවිය.ඔත්තු බැලීමේ චන්ද්‍රිකා එතරම් දියුණු තත්ත්වයක නොතිබූ එසමයේ මේ සඳහා ඇමෙරිකානුවන් භාවිතා කලේ ගුවන් යානා නාශක තුවක්කු සහ මිසයිලවල සීමාවට ඉහලින් පියාසර කල හැකි ගුවන් යානාය.මෙම ලිපියෙන් විස්තර කරන්නේ එක්සත් ජනපද ගුවන් යානා සෝවියට් ගුවන් සීමා ඉක්මවා යෑම නිසා දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම් කිහිපයකි.
පසුගිය සතියේදී විදේශීය ගුවන් යානා සහ අනෙකුත් පියාසර යානා 18ක් රුසියානු දේශසීමා ආසන්නයේ නිරීක්ෂණ සිදු කරමින් සිටියදී හසුවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේය. රුසියානු ගුවන් හමුදාවේ ෆයිටර් ජෙට් යානා 8 වාරයක් පමණ මෙම විදෙස් යානා වලට බාධා කර තිබේ.නමුත් එම යානා රුසියානු ගුවන් සීමා උල්ලංඝනය කලේ යැයි වාර්තා නොවේ.
සීතල යුද්ධයේ මුල් සමයේ,විලැඩ්වොස්ටොක් නගරයෙන් පිටත අසුරි බොක්කට උඩින් හඳුනා නොගත් ගුවන් යානයක් පියාසර කරන බවට ලැබුණු අනතුරු ඇඟවීමකට ප්‍රතිචාර ලෙස සෝවියට් පැසිෆික් ඇණියට අයත් මිග්-17 ෆයිටර් ජෙට් යානා යුගලක් 1953 ජූලි 29දා එම ප්‍රදේශයට පිටත් කර හරින ලදි.ආසන්නයට ගමන් කරද්දී මිග් යානාවල නියමුවන් දුටුවේ එන්ජින් 4කින් සමන්විත දැවැන්ත ඇමෙරිකානු බෝම්බ හෙළන යානයක් මුහුදු මට්ටමට මීට 10,000ක් ඉහලින් ආස්කොල්ඩ් දූපත දෙසට ඇදෙන බවයි.එම දූපත සෝවියට් පැසිෆික් ඇණියේ මවු කදවුර පිටතින් පිහිටා තිබේ.
මිග්-17 ෆයිටර් ජෙට් යානයක් ගුවන් ගත වන අයුරු
එක්සත් ජනපද ගුවන් හමුදාවේ බෝයින් ආර්බී-50ජී සුපර්ෆෝට්රස් යානය,මිග් යානා සමග කිසිදු ආචාරශීලී කතාබහකින් තොරව විවෘත වෙඩි තැබීමක් කලේ යානය සතු මැෂින් තුවක්කු ආධාරයෙන්ය.පළමු ලුතිනන් ඇලෙක්සැන්ඩර් රයිබැකොව් පැදවූ මිග් යානය ප්‍රහාරයට ගොදුරු විය.වෙඩි ප්‍රහාර හමුවේ ඇති හානි නොසලකා හරිමින් මිග් යානයට තවදුරටත් ගුවනේ රැදී සිටිමට හැකියාව ලැබුණේ වාසනාව නිසාය.
ඇමෙරිකානු Boeing Boeing KB-50J යානයක්
සංවාදයකට ඉඩක් නොමැති බව වැටහී ගියෙන් මිග් යානාද ප්‍රති ප්‍රහාර එල්ල කරන ලදි.මිනිත්තු කිහිපයකදී බොයින් යානය විනාශ වී මුහුදට කඩා වැටුණි.එම සිද්ධියේදී ඇමෙරිකානු යානයේ කාර්ය මණ්ඩලයේ 18 දෙනාගෙන් එක් අයෙක් වූ සහායක නියමු ජෝන් අර්න්ස්ට් රොච් පමණක් දිවි ගලවා ගන්නට සමත් විය.
වසර දෙකකට පසුව, 1955 අප්‍රේල් මාසයේදී තවත් ගුවන් සටනක් සිදුවිය.මෙවර සටන ඇතිවූයේ ඈත පෙරදිග,කැම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේදීය.එක්සත් ජනපද ආර්බී-47ඊ Stratojet යානයක් වූ එය මිග්-15 ෆයිටර් ජෙට් යානා යුගලයක් සමග කෙටි සටනකින් අනතුරුව විනාශ වූයේ එහි ගමන් කල ඇමෙරිකානුවන් තිදෙනාට මරු කැදවමින්ය.
ඇමෙරිකානු Boeing B-47E-50-LM Stratojet යානයක්
1960 මැයි මාසයේදී ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ ගුවන් නියමුවෙක් වූ ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ඔහු පැදවූ යූ-2සී ඔත්තු බැලීමේ ගුවන් යානය සෝවියට් ගුවන් අවකාශයේදී බිම හෙළීමෙන් පසුවයි.ඒවන විට යානය සෝවියට් ගුවන් සීමා පසුකර කිලෝ මීටර් 2000ක් රට තුලට පිවිස තිබිණි.මුහුදු මට්ටමේ සිට කි.මී.21 උසින් ගමන් කරමින් තිබූ එම යානය ගුවන් යානා නාශක මිසයිලයක් යොදාගෙන බිම හෙළන ලදි.මෙම මෙහෙයුමට මාසයකට අඩු කාලයකදී ඔහු කසක්ස්ථානයේ සෙමිපලටින්ස්ක් ආසන්නයේ රහසිගත න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් භූමියක තිබූ රහස් වස්තූන්ගේ ඉහල ගුණාත්මයක් සහිත ඡායාරූප ගැනීමට සමත් විය.කසක්ස්ථානයේ ෆයිටර් ජෙට් යානා බලගණ සහ ගුවන් ආරක්ෂක පද්ධතීන්,මෙම ඇමෙරිකානු ගුවන් යානයට අභියෝගයක් දීමටත් තරම් සුදුසු තත්ත්වයේ නොතිබුණි.නමුත් ස්වැඩ්ලොව්ස්ක් ආසන්නයේදී එල්ල වූ නවතම මිසයිල හමුවේ දෙවන වර බේරී යාමට ඔහු හැකියාවක් නොලැබුණි.
1960 මැයි 1දා උදෑසන 9 පමණ ගුවනට නැගුණු පළමු එස්-75 Dvina මිසයිලය යූ-2 ඔත්තු බලන යානයේ වල්ගය සිප ගත්තේය.ඉතා පරිස්සමින් සැලසුම් කල ඔපරේෂන් ඔවර්ලයිට් නම් රහසිගත මධ්‍යම බුද්ධි කාර්යාංශ මෙහෙයුම අපකීර්තියක් ගෙන දෙමින් අවසන් විය.තම ගුවන් යානය ක්‍රමයෙන් බිදී යන අයුරු දුටු පවර්ස්,එය ආරක්ෂා සහිත උසකට පැමිණෙන තෙක් සිට ඉන් ඉවත් විය.
ඇමෙරිකානු යානය ලුහුබැද ගිය මිග්-19 ෆයිටර් ජෙට් යානා යුගලයෙන් එකක නියමුවෙක් වූ සර්ගෙයි සෆ්රොනොව් සෝවියට් ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාරයකට ගොදුරු වී මිය නොයන්නට මෙම මෙහෙයුම අතිසාර්ථක එකක් ලෙස ඉතිහාස ගත වන්නට තිබිණි.දෙවන මිග් යානය මිත්‍ර පාර්ශ්වයේ ප්‍රහාරයට මැදි වුවද අවසන් මොහොතේ ඉන් බේරී යන්නට සමත් විය
තම හමුදා ගුවන් යානයක් සෝවියට් ගුවන් සීමාව උල්ලංඝනය කලේය යන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නට මෙම සිද්ධියේ මුල පටන් ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කලද,මිසයිල ප්‍රහාරය නිසා කඩා වැටුණු යූ-2 යානයේ කොටස් සොයාගෙන ඒවා අතර තිබූ ඔත්තු බැලීම් උපාංග සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත යන ලේබලය ලෝකය හමුවේ නිරාවරණය කිරීමට සෝවියට් දේශය සමත් වීමත් සමග ඇමෙරිකානුවන්ට සත්‍යය හෙලි කරන්නට සිදුවිය.
ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් මොස්කව් හිදී සිය නඩු විභාගයට මුහුණ දෙමින්
මෙම සිද්ධිය ලෝක බලවතුන් දෙදෙනා අතර විරසකය තවත් වැඩි කරන්නටත් බරපතල දේශපාලනික ප්‍රතිවිපාක ගෙන දෙන්නටත් සමත් විය.එම වසරේ මැයි මාසය මැද දී යොදාගෙන තිබූ නැගෙනහිර-බටහිර පැරිස් සමුලුව අවලංගු කිරීමටත්,ඇමෙරිකානු ජනපති අයිසන්හවර්ගේ මොස්කව් සංචාරය නවතා දමන්නටත් සිද්ධිය හේතුවක් බවට පත් විය.සෝවියට් ශ්‍රේෂ්ඨාධිකරණය යූ-2 යානයේ නියමුවා වූ ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් හට වසර 10ක සිර දඬුවම් නියම කලේ ඔත්තු බැලීමේ චෝදනාව යටතේය.නමුත් 1962 පෙබරවාරි මාසයේදී ඔහු සෝවියට් ඔත්තු කරුවෙක් වූ රැඩොල්ෆ් ඇබෙල් වෙනුවට හුවමාරු කරගන්නා ලදි.
යූ-2 යානයේ සිද්ධියෙන් මාස දෙකකට පසුව 1960 ජූලි 1දා නෝර්වේ-සෝවියට් දේශ සීමාව උල්ලංඝනය කල ඇමෙරිකානු බොයින් බී-47එච් Stratojet යානයක් ලුතිනන් වැසිලි පොලිකොව් විසින් පැදවූ මිග්-19 යානයක ප්‍රහාරයකින් විනාශ විය. ඇමෙරිකානු යානයේ සිටි හයදෙනෙක්ගෙන් යුතු කාර්ය මණ්ඩලයෙන් දෙදෙනෙක් පමණ දිවි ගලවා ගැනීමට සමත් විය.ඔවුන් දෙදෙනා සෝවියට් දේශයේ සිරකරුවන් බවට පත්විය.මාස කිහිපයක් සෝවියට් දේශයේ ගත කල ඔවුන් 1961 ජනවාරි මාසයේදී නිදහස් කරන ලදි.සිද්ධියෙන් මාසයකට පසුව සෝදිසි මෙහෙයුමකදී තවත් ඇමෙරිකානුවෙක් හමුවිය.ඔහුද එක්සත් ජනපදයට පිටත් කර හරින ලදි.
1973 නොවැම්බර් මාසයේදී ඉරානයට අයත් ආර් එෆ්-4සී පැන්ටම් 2 යානයක් කෝකේසස් ප්‍රදේශයේදී සෝවියට් ගුවන් සීමාව උල්ලංඝනය කරන ලදි.ෆයිටර් ජෙට් යානය ඇමෙරිකානු ගුවන් හමුදාවේ එකක් නොවීය.එහි ඉරාන ගුවන් නියමුවෙක් සමග ඇමෙරිකානුවෙක්ද ගමන් කලහ.
ගුවන් සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධව අනතුරු ඇගවීමත් සමග මිග්-21එස් එම් ෆයිටර් ජෙට් යානයක් ගුවන් ගත වූයේ අනවසරයෙන් ඇතුලු වූ යානය බිම හෙලීමටයි.මිග් යානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාර ඉලක්කය එල්ල නොවීය.ඉන්පසු මිග් යානයේ නියමු ගෙනෙඩි යෙලසෙයෙව් සුපර්සොනික් වේගයෙන් ගමන් කර තම යානය සතුරු යානයේ ගැටීමට සලස්වන ලද්දේ ජෙට් යානා ඉතිහාසයේ පෙර සිදුනොවූ දෙයක් කරමින්ය.නමුත් ඔහුට යානයෙන් පිටතට පැන ගැනීමට අවස්ථාවක් නොලැබුණි.පැන්ටම් යානයේ කාර්යමණ්ඩලය දිවි ගලවා ගත් නමුත් ඔවුන් සෝවියට් අත් අඩංගුවට පත් විය.කෙටි කාලයක් තුල ඔවුන් මුද හරින ලදි.
F-4 Phantom II යානයක්