සීත කාලෙට සුදු වෙන අය

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    සීත කාලෙට සුදු වෙන අය

    සීත කාලෙට සුදු වෙන අය
    z0ofjhj.jpg


    වර්ණ වෙනස් කිරීමට ඇති හැකියාව සත්ත්ව රාජධානියේ දී ඉතා ප්‍රයෝජනවත් වන අනුවර්තනයකි. වර්ණ මගින් කරන වෙස්මාරුව, විලෝපිකයන් ගෙන් බේරී සිටීමට හෝ ගොදුරු සොයා ගැනීමට උපකාර වේ. වර්ණ මගින් සන්නිවේදනය ද කල හැක. තම සහචරයන්ට යම් සංඥාවක් ලබා දීමට වර්ණ උපයෝගී කරගත හැක. සතුන්ගේ වර්ණ වෙනස් කිරීම් ඉතා යුහුසුළුව හෝ සෘතු වෙනස්වීම් අනුව සිදුවේ. උත්තර ධ්‍රැවයේ ජිවත්වන සතුන් විශේෂ කිහිපයක් මෙලෙස සෘතු වෙනස්වීම් අනුව තම වර්ණය වෙනස් කරයි. සීත කාලෙයේදී දුබල හිරු එළිය, කෙටි දිවා කාලයන් හා අඩු උෂ්ණත්වය මගින් ඇති කරන බලපෑමෙන් සිරුරේ හෝමෝනමය වෙනස්වීම් සිදුවී ගණ සුදු ලොම් වැස්මක් බොහෝ සතුන්ට ලැබේ.

    Stoat aka Ermine

    cCiyP4B.jpg

    V0SjfJV.jpg

    BUPDxXWl.jpg


    මුගටි වර්ගයේ සතෙකි. සීත සෘතුවේ මාසවලදී ලැබෙන සුදු ලොම් වැස්ම, වසරේ අනෙකුත් කාල වලදී දක්නට ලැබෙන දුබුරු ලොම් වැස්මට වඩා මෘදුව, ලොම් සහිතව පිහිටයි. වල්ග අග ඇති කළු පැහැය මොවුන්ටම ආවේනික ලක්ෂණයකි. මෘදු, ලොම් සහිත හා සුදු යනු ලොම් කර්මාන්තයේ ජනප්‍රිය අංගයන්ය. බොහෝ විට උගුල් අටවන්නන් ලොම් සදහා මෙම සතුන් දඩයම් කරයි. එර්මයින් ලෙස විකිනෙන්නේ මොවුන්ගේ ලොම් ය.

    Snowshoe Hare

    H0HZ6HEl.jpg

    PFnYX1uh.jpg


    හිම සපත්තු හාවුන් විලෝපිකයන් ගෙන් බේරී සිටීමට වර්ණ උපයෝගී කරගන්නා සතුන්ට හොදම උදාහරණයකි. ප්‍රදාන වශයෙන්ම ලයින්ක්‍ස්,කයෝටේ, හිවලුන්, කුරුල්ලන් වැනි සතුන්ගෙන් බේරී සැගවී සිටීමටත් ශරීරය උණුසුම්ව තබා ගැනීමටත් මෙම ලෝම වැස්ම උපකාරී කර ගනී.

    Ptarmigan

    xd0mgYdh.jpg

    OQ01Z3eh.jpg


    එර්මයින් සහ හිම සපත්තු හාවුන් මෙන්ම මෙම කුරුල්ලන්ද බහුලව හමුවන්නේ උත්තර ධ්‍රැවයේ දි නිසා සෘතුමය වෙස්මාරුව සිදුකරයි. මේවනවිට උත්තර ධ්‍රැව සත්ත්ව විශේෂයන්ට පොදුවූ මෙම රටාව ඔබ හදුනාගෙන ඇතුවාට සැක නැත. ptarmigan කුරුල්ලන්ගේ සාමාන්‍ය කළු දුබුරු පිහාටු සීත කාලයේදී සිහින්ව ගණ වැස්මක් සහිතව සුදු පැහැයට හැරේ.

    Peary caribou

    WZJC9LLh.jpg

    RqmPJFOh.jpg


    කැනඩාවේ සහ ග්‍රීන්ලන්තයේ ජිවත් වන පිනිමුවන් විශේෂයකි. ගිම්හාන කාලයේදී දක්නට ලැබෙන රිදී පැහැති ලොම් වැස්ම ශිත කාලය වනවිට තනි සුදු පැහැයට හැරේ.

    Collared Lemmings

    gpdw1YGh.jpg

    Q0M377vh.jpg


    මොවුන් හිම යට සාදාගන්නා ගුල්වල දවසේ වැඩි කාලයක් ගත කරයි. සීත සෘතුවේදී පා ඇගිලි වලින් විශේෂිත වූ නියපොතු වර්ධනය වේ. මේවා පොලව හාරා ආහාර ඇති තැන් සොයාගැනීමට උපකාරී වේ. ගිම්හානයේදී අළු දුබුරු පැහැයෙන් දිස්වන ලෝම වැස්ම සීත සෘතුව පැමිණීමත් සමග සුදු පැහැයට හැරේ. මෙම සතුන්ගේ සම් අතීතයේදී එස්කිමෝ වරුන් විසින් විසිතුරු ඇදුම් සෑදීමට යොදාගෙන ඇත.

    Siberian Hamster

    8GpNrb4h.jpg

    k.dzungarsky9.jpg


    සුරතල් සතෙකු ලෙසද ජනප්‍රිය සත්ත්වයෙකි.

    Arctic Fox

    XvyKamuh.jpg

    QHqIb1yh.jpg

    AmtSQbYh.jpg


    ගිම්හානයේදී දුබුරු අළු පැහැයෙන් ද සීත සෘතුව වනවිට හිම සුදු පැහැයෙන්ද දැකිය හැක. මොවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන්නේ රතු හිවලාය. දේශගුණික වෙනස්වීම් මත රතු හිවලුන්, ආක්ටික් හිවලුන්ගේ භුමි ප්‍රදේශ කරා සංක්‍රමණය වීමත් සමග ආහාර සදහා තරගය ඇතිවේ. මිට අමතරව රතු හිවලුන් විසින් ආක්ටික් හිවලුන් ගොදුරු බවට පත් කරගත් අවස්තා ද වාර්තා වේ.

    සීත නොවන කාලයටත් සුදු වෙන අය

    Goldenrod Crab Spider
    t6qwdLBh.jpg
    OORFCJ0h.jpg

    මෙම මකුළුවන් නමෙහි සදහන් ආකාරයටම තද කහ පැහැති ගෝල්ඩන්රෝඩ් මල් වල ගොදුරු සොයමින් සැගවී සිටී. මලෙහි වර්ණයටම සමාන වර්ණයෙන් යුත් මොවුන් වෙන්කර හදුනා ගැනීම ඉතා අපහසුය. Goldenrod මකුළුවන් තම සිරුරේ වර්ණය සුදු පැහැයෙන් කහ වර්ණයට හැරවීමට සමත්කම් දක්වයි. මෙම වර්ණ වෙනස්වීම සිදු කිරීමට සති දෙකත්,තුනත් අතර කාලයක් ගතවේ. නැවතත් සුදු වර්ණයට හැරීමට ගතවන්නේ සතියකට අඩු කාලයකි.

    Peron's Tree Frog

    ZYsGMhKh.jpg


    ඔස්ට්‍රේලියාව නිජබිම කරගත් ගෙබි විශේෂයකි. සිනහවෙන ගස් ගෙම්බන් හෝ උමතු කෙකර ලන ගෙම්බන් ලෙස ද හැදින්වේ. එමෙන්ම මොවුන් ඉතා කෙටි කාලයකින් විශාල වර්ණ පරාසයකට අයත් වර්ණයන් ප්‍රදර්ශනය කිරීමට සමත්කම් දක්වයි. උෂ්ණත්වය,කාලය හෝ තමා අවට පරිසරය මත ලා කහ, අළු කොළ, රතු දුබුරු හා කළු තිත් සහිත තනි සුදු වර්ණ වලට වෙනස් වේ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අමුතුම විදිහේ විස්තරයක්.. :)
    ගොඩක් අය කියනවා මමත් සුදු වෙලා කියලා.. මගෙත් පාට මාරු වේගන එනවද මන්ද..:rofl:
    බොහොම ස්තූතියි මචන් බෙදා ගත්තට..
    11.gif


    (You must spread some Reputation around before giving it to H.O.R.T.O.N again.)