සීදූවේදී එක්දරු මවක් කපා කොටා ඝාතනය කෙරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    seeduwa-incident


    රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් හට ගත් ආරවුලක් දුර දිග යාමෙන් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු සේවිකාවක අද (28) දින අලුයම සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේ දී මරා දමා තිබේ.
    36 හැවිරිදි එක් දරු මවක වන බටහිර බටුවත්ත නෙළුව, ගාල්ල යන ලිපිනයෙහි පදිංචි උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නැමැති කාන්තාව මෙසේ මරා දමා තිබේ.

    ඇය මීට වසර 06 කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය සදහා පැමිණ තිබූ අතර

    පසුව ඇය සීදුව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකු සමග සීදුව , ලියනගෙමුල්ල , ජූඩ් මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව පදිංචි වී සිට තිබේ.

    ඇය රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ සිදු වීමක් මුල් කර ගෙන මෙම පුද්ගලයා සමග ආරවුලක් ඇති කර ගෙන ඇති අතර අද (28) දින අලුයම 02.00 ත් 03.00 ත් අතර කාළයේ ඇය සහ එම පුද්ගලයා සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටින් ගමන් කරන ආරක්ෂිත කැමරා දර්ශන සීදුව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
    ඒ අනුව මෙම දේවස්ථානය ඉදිරිපිට මාර්ගය අසළ දරුණු කැපුම් තුවාල සහිතව ඇය මරා දමා තිබුණි.

    මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මෙම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදු කළ අතර ඇයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

    5.webp







    seeduwa-area.jpg
     
    • Sad
    • Wow
    Reactions: Cenon and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    දවල්ට වැඩ කරල රෑට ක්ලබ් යනව ද මුන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    දවල්ට වැඩ කරල රෑට ක්ලබ් යනව ද මුන්
    දැන් මේක සාමාන්‍ය දෙයක් වෙලා නේද? ගොඩක් දුරට වලට Night Clubs වලට සෙට් වෙන්නේ දුර පලාත් වලි ඇවිල්ලා ඉන්න එව්න්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මහේස්ත්‍රාත් ගේ සෙකට්‍රි සාරිය ඇතුලෙන් කලිසමක් ඇඳගෙන වගේ.

    @AnuradhaRa මේ කොහෙද බන් මේක වෙලා තියෙන්නෙ?
     

    AnuradhaRa

    Well-known member
  • මහේස්ත්‍රාත් ගේ සෙකට්‍රි සාරිය ඇතුලෙන් කලිසමක් ඇඳගෙන වගේ.

    @AnuradhaRa මේ කොහෙද බන් මේක වෙලා තියෙන්නෙ?
    සීදූව අපිට දුරයි බං
    මං ඔය වගේ නිවුස් එච්චර බලන්න කැමති නෑ, ඔය දේම අපේ කෙනෙකුට වුණොත්... :(
    ඊයෙත් දැක්ක හෙඩිං එක
    මේ ත්‍රෙඩ් එකේ විස්තරේ කියෝල බැලුව දැං