උඹල දැක්කද දන්නෑ මම ලඟදි ත්‍රෙඩ් එකක් දැම්මා පූසෙක්ට සනීප නැතුව අරන් යන්න ඩොක්ට කෙනෙක් ගැන අහලා.ඒ පූසා මැරුනා බං.ඒ විතරක් නෙවෙයි එයා මැරිලා දවස් දෙකක් යනකොට එයාගෙ පැටියත් මැරුනා.අම්මට අවුරුදු පහයි පැටියට අවුරුදු තුනයි.පැටියව ඩොක්ට ගාවට අරන් ගියාම කීවේ වස දීලා කියලා.දැන් ගෙදර අය කියන්නේ අම්මත් මැරෙන්න ඇත්තේ වස දීලා කියලා.දරුවො දෙන්නෙක් වගේ ඒ සත්තු දෙන්නම හැදුවේ.ගෙදරම මලගෙයක් වගේ දැන්.හිතපංකො ආදරෙන් හදපු සත්තු දෙන්නම දවස් දෙකක් ඇතුලත මැරුනම කොහොමද කියල.ගෙදර අය දැන් කියන්නේ ඔය වැඩේ කරපු එකාව හැඳිගෑවිලා යන්න සීනිගම ගිහින් මිරිස් අඹරන්න ඕනලු.එහෙම කරා කියලා සැනසීමක් ලැබෙන් නෑ කියලා මම දන්නවා.ඒත් ඒක එයාලට තේරුම් කරන්න කියන්න එපා.එහෙම කරන්න බෑ බං.එයාල තේරුම් ගන්න මට්ටමක නෑ. ඒ නිසා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් මට දේවාලෙ ගැන මේ විස්තර ටික කියපං.ලොකු උදව්වක්.
1.සීනිගම දේවාලෙ දැන් ඇරලද?
2.කීය වෙද්දි ඇවිල්ල ඉන්න ඕනද?
3.ඔය වැඩේට අවශ්‍ය කරන දේවල් මොනවද?
4.කරන්න ඕන වත් පිලිවෙත් මොනවද?
සීනිගම දේවාලය ඇරෙන්න ඔය වගේ වැඩ වලට ප්‍රසිද්ධ වෙන තැනක් දන්නව නම් කියාගෙන යන්න.
මේ ත්‍රෙඩ් එකෙන් මාව ජජ් කරන්න එපා මචංලා.මම ඔය දේවල් මම විශ්වාස කරන්නෙත් නෑ.ඒත් මටත් වෙන කරන්න දෙයක් නෑ.කොහෙහරි ගිහින් මොනව හරි කරලා මේ මිනිස්සුන්ගෙ හිතට දැනට වඩා හොඳක් දැනෙයිනෙ.ඒක නිසයි මම මේක අහන්නෙ.
දන්න කෙනෙක් කියාගෙන යන්න.ලොකු උදව්වක්.