සීපා ගැන නොදන්නා හරක්ට - දන්නා සිංහලෙන්....
මේ සීපා ගිවිසුමත් සමග මේ පාළම හැදුණාම ඉන්දියානුවන් තොග පිටින් ලංකාවට එනවා. ලංකාවේ තත්වය තමයි මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී අගමැති වුණාම ඉන්දියාට ලොකු තැග්ගක් දුන්නා පැමිණෙන විට ඉන්දියානුවන්ට විසා ලබා දීම (on arrival visa). ලංකාවට ඉන්දීයානු ජාතිකයෙක් ආවොත් ආපු ගමන් ලංකාවේ විසා එක දෙනවා ආපසු හරවලා යවන්නේ නෑ. එහෙන් වීසා අනුමත කරගෙන ලංකාවට එන්න ඹ්නේ නෑ. එහෙම ඇවිත් අද පිටකොටුවේ මුට්ට කර ගහන්නේ ඉන්දීයානුවන්. කොණ්ඩේ කපන්නේ බාබර් සප්පුවල ඉන්දියානුවන්, ග්‍රමීය ප්‍රදේශ වල කුඹුරු කපන්නේ ඉන්දීයානුවන්, මොන දේශවාත්සන්ය ඇගේ තිබුණත් රුපියල් 1000 වැඩේ 250කට කරන්න අවම අනිවාර්යෙන්ම එකට යොමු වෙනවා. එක පැත්තකින් සීපා වලින් කරන්න හදා ගන්න හදද්දි නීතියානුකුලව එක වෙනවා. සීපා වලින් කරන්න හදන්නේ එක නීතියානුකුල කරලා ඊට පස්සේ ඒ අය රුපියල් කොටි හැත්තෑ හතර දහක් මේ පාළම හදන්න වියදම් කරලා මොකට ද ? සිංහල කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. ඉන්දීයාව මෙච්චර දැවැන්ත මුදලක් පාළම වෙනුවෙන් වැය කරන්නේ එය ඉන්දීයාවේ තියෙන විරුකියාවට, දිලිදු කමට උත්තරයක් නිසා. මේ පාළම දිගේ ඉන්දියානුවන් දස දහස් ගණනින් ලක්ෂ ගණනින් පෙරහැර වගේ ලංකාවට එද්දි අපිට තියෙන්නේ එන හැමකෙනාගෙම ගමන් බලපත්‍රයට වීසා දෙන්න විතරයි. ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නෑ අපේ මේ තියෙන ගිවිසුම් අනුව. ඒ අනුව මේ අය ආවාට පස්සේ අර අපේ ලංකාවේ අය රස්සාවල් හොයා ගෙන වඩා හොද ජිවන තත්වයන් තිබෙන ඉතාලියට, ඹ්ස්ටේලියාවට, ජපානයට යනවා. වීසා නැතුව යනවා ගිහිල්ලා ඒ රට වල හොරෙන් ඉන්නවා. හොරෙන් ඉදලා අහු වුණාම ප්ලෙන් එකේ නග්ගලා අයේ ලංකාවට එවනවා. හැබැයි මේ ඉන්දියානුවන් පාළම දිගේ ලංකාවට ඒද්දි අපි වීසා දෙනවා. වීසා දෙන්න බැරි කෙනෙක් හිටියොත් අපි හිතමු දුෂිත නිලධාරියෙක් හිටියත් අපි ඒ අයටත් වීසා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ අය ලංකාවට එන්නේ කාශ්මීරයෙන්, ඇසැමයෙන්, සීජීමයෙන් නෙවෙයි. ධනුෂ්කොඩි තියෙන්නේ තමිල්නාඩුවේ.
ඉන්දීයානු දෙමළ ජනතාව තමයි ලංකාවට එන්නේ. ඒ අයගේ නම් රාම ලින්ගම් චන්ද්‍රෙස්කරන් වගේ ලංකාවේම තියෙන නම් මේ අය කතා කරන්නේ ලංකාවේ රාජ්‍ය භාෂවක් වුණ දෙමළ බස මේ අයගේ පෙනුම ලංකික ජන පෙනුමට හරි හරියට සමානයි. මේ අය ලංකාවට ඇවිත් ගමන් බලපත්‍රය වීනාශ කරලා දුෂිත නිලධාරින් ලවා ජාතික හැදුනුම්පතක් හදා ගත් පසු මේ අය 100% ලංකිකයි. ලංකාවේ කෙනෙක් හොරෙන් පැනලා ඹ්ස්ටේලියාවේ, ඉතාලියේ, ජපානයේ ඉන්නවට වඩා මේ තත්වය වෙනස්. ඒ නිසා අදටත් මේ පාළමක් නැතුව ඇෆ්ගනිස්ථානයෙන් වීශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා ලංකිකයන් විදියට හොර රහසේ ජිවත් වෙනවා. මාලදිවයිවෙන් ලංකාවට ඇවිල්ලා ව්‍යාජ ලිපි ලේඛන හදා ගෙන ලංකිකයක් විදියට දෙහිවල, රත්මලාන ප්‍රදේශ වල ජිවත් වෙනවා. ඇෆ්ගනිස්ථානයෙත්, මාලදිවයිනෙත් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජාතිකයන් නිසා ඔවුන්ගේ නම් ලංකික මුස්ලිම් නම් වලට සමාන නිසාත් ඔවුන්ට අද රට තුල සැගවි ඉන්න පහසු වෙලා තියෙනවා. හැබැයි තමිල්නාඩුවේ දස දහස් ලක්ෂ ගණනින් මේ රටට අවොත් මේ රටේ ජන සංයුතිය, ජන අනුපාතය වෙනස් වෙනවා, දේශිය අයට කිසිම රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා. මොකද පස් ගුණයක් ලබායි ඉන්දීයානු ශ්‍රමය. ඒ නිසා ඉන්දීයා එක පැතිතකින් මුදල් වැය කරලා මේ පාළම ඉදිකරන්නේත්, අනෙත් පැත්තෙන් සීපා අත්සන් කරන්න අපිට බල කරන්නෙත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න 2ක් වන විරුකියාව සහ දිලිදුකම සැහෙන්න දුරට විසද ගන්නයි. ඒ නිසා ධනුෂ්කොඩි හා තළෙයිමන්නාරම යාකරන පාළම රටට ආරක්ෂාවට තර්ජනයක්, ආර්ථිකයට තර්ජනයක්, සමාජීය තර්ජනයක්. අපි මේකට විරුද්දයි.