සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ

    සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ හෙට දවස

    නිදහස් වෙළඳ ගිවිසුම් සංකල්පයට ඉතා දිගු අතීතයක් ඇත. අන්තර් ජාතික වශයෙන් බොහෝ රටවල් එකඟ වුන පලමු වෙළඳ ගිවිසුම ලෙස GATT (General Agreement on Trade & Tariff) ගිවිසුම හැඳින්විය හැකිය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව, සාමාජික රටවල් අතර වෙළදාමට තිබුණු බාධක ඉවත් කිරීමට හා භාණ්ඩ සඳහා අයකළ තීරුබදු අඩුකිරීමේ අරමුණ ඇතිව 1945 දී රටවල් 23 ක් එක් වි GATT ගිවිසුමට අවශ්‍ය මුලික සම්මුතීන් ඇතිකර ගන්නා ලද අතර මෙහි දීර්ඝ කාලීන අරමුණ ලෙස ලෝක වෙළදාම ඉහල තලයකට ගෙන එම ද ඇතුලත් විය.
    GATT ගිවිසුම 1947 දී බිහිවූ අතර ඉන් පසුව විවිධ අවස්ථා වලදී අන්තර් ජාතික සමුළු ගණනාවක් විවිධ කරුණු අරමුණු කරගෙන පැවැත්වූ අතර 1994 දී රටවල් 117 ක සහභාගීත්වයෙන් උරුගුවේ දී පවතී සමුළුව දී ලෝක වෙළදාමට තිබු බාධක ඉවත් කර ගැනීමට අදාල බොහෝ එකඟතා ඇතිකර ගන්නා ලදී. ඊට අමතරව ලෝක වෙළදාමට අදාල නෛතික රාමුවක් ඇතිකර ගැනීමටද මෙම සමුළුවට හැකිවූ අතර ලෝක වෙළද සංවිධානය WTO (World Trade Organization) බිහි වීමද මෙහිදී සිදුවිය. WTO හි මූලික අරමුණ වුයේ, ලෝක වෙළදාමේදී අදාල පාර්ශව අතර ප්‍රතිපත්ති ගැටුම් ඇතිවූ විට ඒවා නිරාකරණය කරන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි. WTO මුල් කරගෙන ඇතිකර ගත් නීති පද්ධතිය අන්තර ජාතික වෙළදාමේදී භාවිතා කෙරෙන අතර යම් පාර්ශවයක් අන්තර් ජාතික වෙළද නීති උල්ලාංගණය කලහොත් ඒ සම්බන්දව අවශ්‍ය කටයුතු කිරීමට WTO වලට පැමිණිලි කල හැකිය. එසේම එවැනි රටලට හා ආයතන වලට එරෙහි කටයුතු කිරීමේ බලයද WTO හිමිව ඇත.
    WTO නිසා අන්තර් ජාතික වෙළදාම දියුණු වූ බව කියවෙන අතර අඩු මුදලකට තමනට අවශ්‍ය භාන්ඩ ගැනීමේ හැකියාව පාරිභෝගිකන් හට ලැබුණු අතර නිෂ්පාදකන් හට තම භාන්ඩ සඳහා නව වෙළදපොළ සොයා ගැනීමට ද මෙනිසා මග සැලසුනි.
    GATT හා බැඳුනු නිදහස් වෙළද ගිවිසුම් අනුව යම් රටක් යම් භාණ්ඩයකට තීරු බදු පැනවූ විට එය එම භාණ්ඩය කුමන රටකින් (ගිවිසුමට බැඳුනු) ආනයනය කලත් එහි තීරු බදු වල වෙනසක් නොවිය යුතුය.
    නිදහස් වෙළද ගිවිසුම් නිසා අඩු මුදලකට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබුනද , ඊට එහා ගිය ආර්ථික හා සමාජීය ප්‍රශ්න ගණනාවක් මෙ නිසා ඇතිවේ. ඉතා අඩු මුදලකට ශ්‍රමය ලබා ගැනීමේ හැකියව හා විශාල වෙලඳ පොලක් සහිත රටවලින් අඩු මුදලට භාණ්ඩ ආනයනය කලවිට කුඩා රටවල කර්මාන්ත වස දැමීමටත් ඒවායේ සේවය කල අයට රැකියා නැතිවී යාමත් මෙ නිසා සිදුවේ. එලෙසම සමහර රටවල නිෂ්පාදකයින් අඩු මුදලට භාණ්ඩ නිෂ්පාදය කිරීම සඳහා නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කල අවස්ථා බොහෝ විට වාර්තා වි ඇත. මේ අයුරින්ම මිල අඩු කිරීමේ පරමාර්ථයෙන් පරිසරය ගැන කිසි වගකීමක් නොමැතිව කටයුතු කල අවස්ථා ද බොහෝය.
    ඉහත දැක්වූ කරුණු සියල්ල අන්තර් ජාතික භාණ්ඩ වෙළදාමට අදාල වන අතර සේවා සඳහා වන අන්තර් ජාතික වෙළදාම පහත දැක්වෙන අයුරින් හඳුනාගත හැකිය.
    දේශසිමා හරහා කෙරෙන සේවා
    මෙහිදී සේවා සපයන්නා හා ලබන්නා එකිනෙක මුණ නොගැසෙන නමුත්, නවීන සන්නිවේදන තාක්ෂණය හරහා තම රටේ සිට සිය සේවා සපයනු ලැබීයි. උදා. උපදේශන සේවා, ටෙලි වෛද්‍ය කටයුතු, ආදිය වේ.
    අදාල රටට ගොස් සේවය ලබා ගැනීම
    වෛද්‍ය සේවා ලබා ගැනීමට පිටරට යාම. අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීම, සංචාරය කිරීම ආදිය වේ.
    සේවා සපයන්නා අදාල රටට යාම
    බැංකු සේවා ලබා දීම, විදේශීය රෝහල් ස්ථාපනය කිරීම, තාක්ෂණ සේවා සපයන ආයතන සිය කාර්යාල විදෙස් රටවල ආරම්භ කිරීම ආදියවේ.
    නිපුනතා ඇති පුද්ගලයින් තම සේවය ලබා දීම සඳහා විදෙස් රටවලට යාම.
    ඉංජිනේරුවන් , වෛද්‍ය වරුන් , නීති වේදීන්, නිර්මාණ ශිල්පින් රැකියා සඳහා විදෙස් රටවලට යාම ආදිය වේ.
    සීපා ගිවිසුමේ ඇති ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට බලපාන ප්‍රධානම කරුණ නම්, මෙම ගිවිසුම මගින් ඉන්දියානු වෘත්තිකයන්ට විවිධ මාර්ග හරහා ලංකාවේ සේවා කිරීමට අවශ්‍ය මංපෙත් විවර විමයි. උදා. ලෙස ඉන්දියාවේ වසරකට මිලියනයකට අසන්න ප්‍රමාණයක් විවිධ අයුරින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉංජිනේරු උපාධි ලැබීයි. නමුත් ලංකාවේ වසරට ඉංජිනේරු උපාධිය ලබා ගන්නා ප්‍රමාණය 4000 කට අඩුය ( රජයේ හා පුද්ගලිය විශ්ව විද්‍යාල වලින් හා පිටරට උපාධි වලින්). මේ අනුව යම් හෙයකින් ඉන්දියානු ඉංජිනේරුවන් හට ලංකාවේ රැකියා කිරීමට අවස්ථාවක් ලැබුනොත් ශ්‍රී ලංකික ඉංජිනේරුවන්ට අත්වන ඉරණම සිතාගත හැකිය.
    සීපා වැනි ගිවිසුමකින් ඉන්දියාව හා ලංකාව අතර නිදහසේ සේවා සැපයීමට අවශ්‍ය නෛතික රාමුවක් සැදුනු පසුව නිතැතින්ම ලංකික වෘත්තිකයන්ට සිය දිවි නසා ගැනීමට සිදුවනු ඇත. උදාහරණ යක් ලෙස ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ආරම්භ කරනු ලබන ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින්, සුපවේදීන් , වෛද්‍ය වරුන් , හෙදියන්, ගුරුවරුන්, ආදී මෙකි නොකී සියලු දෙනා තම මනාපය අනුව මෙහි ගෙන්වා ගැනීමට නිදහස ලැබුණු ඇත. “ මේ වන විටත් විවිධ ව්‍යාපෘති වල ඉන්දියානුවන් සිටින බැවින්, අප කුමකට සීපා ගිවිසුම පිළිබඳව කලබල විය යුතුදෑයි” , යමෙකුට පැනයක් නැගිය හැකිය.
    මෙම කරුණ පිළිබඳව සියළු ශ්‍රී ලංක්කිකයන් අනීවාර්යයෙන්ම දැනුවත් විය යුතුය. අද තිබෙන තත්වය යටතේ එම ඉන්දියානු වෘත්තිකයන් ගේ අවශ්‍යතාවය හා ඔවුන් මෙහි සේවය කිරීම, ඒ ඒ ව්‍යාපෘති අනුව අපගේ (ශ්‍රී ලංකා රජයේ) කොන්දේසි වලට අනුව සිදුකල හැකිය. ඒ අයුරින්ම ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විට එම ශ්‍රමිකයන් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත. නමුත් සීපා ගිවිසුම අත්සන් කල පසුව සියලු ඉන්දියානු සමාගම් වලට සිය අභිමත අනුව එම අවශ්‍ය වෘත්තිකයන් මෙහි ගෙන්වා ගැනීමේ නිදහස ලැබෙන අතර යම් ව්‍යාපෘතියක් ආරම්භ කල පසුව එම ශ්‍රමිකයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී සීපා ගිවිසුමේ එකඟතාවන් මත කටයුතු කිරීමට සිදුවනු ඇත. මෙහි ඇති අනිත් භයානක තත්වය නම්, එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ඇතිවන ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ගැනීමේ හැකියාව අවම වෙන අතර මෙම කටයුතු සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් (international arbitration ) වෙත යාමට සිදුවනු ඇත. ඉහිදී ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියේදී පාර්ශව කරුවන් ( ශ්‍රී ලංකා රජය හෝ එහි ආයතන සහ අදාල සමාගම් ) හට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර නීතියට හා WTO හි වෙළද රෙගුලාසි වලට යටත්වී, ඔවුන් ලබා දෙන ඕනෑම තීරණයකට හිස නැමීමට අපට සිදුවනු ඇත.
    මේවැනි දෙයක් පිළිබඳව අපට ඇති ආසන්නතම අත්දැකීම නම් ඛනිජ් තෙල් මිලදී ගැනීමට අදාල “හෙජින් ගනුදෙනුව” ගත හැකිය. එහිදී ශ්‍රී ලංකා රජය හා අදාල වාණිජ බැංකුවට ශ්‍රී ලංකා අධිකරණය වෙනුවට ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවට යාමට සිදුවුණුඅතර, අවසානයේ තීන්දුවට අනුව බිලියන ගණනක් අදාල වානිජ බැංකුවට ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.
    1996 ට පෙර නිදහස් වෙළද ගිවිසුම් වලට අදාලවූ ගැටුම් 38 ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග විය, 2011 දී එවැනි පැමිණිලි 450 වාර්තා වූ අතර, අද වන විට නිදහස් වෙළද ගිවිසුම් වලට අදාල ගැටුම් 3900 ක් ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග වෙමින් පවතී. මෙවන් ගිවිසුම් වල සඟව ඇති අතිශය සංකීර්ණ ගැටළු සහගත බවට මෙය කදිම නිදසුනකි. අන්තර් ජලයේ ඇති තොරතුරු අනුව උරුගුවේ රජය එරට ක්‍රියාත්මක වූ Phillip Morison නම් වූ ඇමරිකානු දුම්කොළ සමාගමට, නියෝගයක් කරමින් සෑම සිගරට් පැකට්ටුවකම සිගරට් නිසා ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව අවවාදයක් මුද්‍රණය කරන්නට නියම කළේය. එම දුම්කොළ සමගම තමන්හට ඉහත නියෝගය නිසා සිදුවූ වෙළද අලභය වෙනුවෙන් ඩොලර් බිලියන දෙකක වන්දියක් දෙන ලෙස ඉල්ලා අදාල ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. මේවයින් අපට ගතහැකි දේ බොහෝය. නිදහස් වෙළඳ ගිවිසුම් වලදී ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරනු ලබන අදාල පුද්ගලික සමාගම් වලට, යම් රටක් පසුව ගනු ලබන තීන්දු තීරණ අනුව වෙළද අලාභයක් සිදුවූ විට, එම රටට එරෙහිව ජාත්‍යන්තරව පැමිණිලි කිරීමට අයිතිය ලැබෙන අතර එහිදී WTO විසින් නම් කරනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ අදාල පැමිණිල්ල විභාග කරනු ලබයි. මෙම බොහෝ ජාත්‍යන්තර බේරුම්කරුවන්, අන්තර් ජාතික සමාගම් වල උපදේශකයන්ය. මෙවැනි අවස්ථාවල ලැබෙන තීන්දු හමුවේ අදාල රට අසරණ වීම නොවැලැක්විය හැකිය. එසේම අදාල රටේ නිතිය මෙවැනි අවස්ථාවලදී වලංගු නොවන අතර WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති අනුව අවසන් තීරණය ලැබෙනු ඇත.
    රටවල් අතර ඇතිවන නිදහස් වෙළද ගිවිසුම් GATT ගිවිසුම මගින් තව තවත් බලවත් කර ඇති අතර මෙම සෑම ගිවිසුමක්ම WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති වලට යටත්ය.
    විශේෂයෙන් සීපා ගිවිසුමේ ඇති භයංකර බව සිතාමතා යට ගසා හෝ ඒ පිළිබඳ නොදැනුවත් කමින් හෝ සීපා ගිවිසුම නිසා කෙදිනක වත් අපට නොලැබෙන ආර්ථික වාසි පිළිබඳව ආර්ථික වැදී බණ දේශනා කරන ආර්ථිකය පිලිබඳ වියතුන් ගේ ප්‍රයෝගික නොවන දවල් සිහින වලින් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සියලු වෘත්තිකයන්ගේ යුතුකමක් නොව පැහැර හැරිය නොහැකි වගකීමකි.
    මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කල පසුව කිසි දිනක එය ආපසු හැරවිය නොහැකි බව අමතක නොකළ යුතුය.
    අවසන් වශයෙන් 1815 අප එදා වසර 200 කට පෙර අත්සන් කල උඩරට ගිවිසුමෙන් අපට අත්වූ ඉරණම සිහිගැන්වෙන අතර 2015 දී හෝ මතුයම් දිනයකදී වත් සීපා ගිවිසුම අත්සන කිරීම වැලක්විමට අප සියලු දෙනා එක් විය යුතුය.


    උපුටා ගැනීම: Sri Lanka Engineers’ Association
     
    • Like
    Reactions: Ashman

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..
    ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය.
    Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ ,
    ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම.

    උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්..

    අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට..
    උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි...

    කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ...

    තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල...

    ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්, අවන්කවම නොතෙරෙන හින්දා අහන්නේ. ඇයි බන් ඔච්චර අඩුවට ඉන්දියාවි ඉන්ජිනියර්ලා, ලේබර්ස්ලා ඉද්දි, උන් ලන්කාවට ඇවිත් ප්‍රොජෙක්ට් පටන් ගන්නේ. ඔය කියන ප්‍රොජෙක්ට් ලන්කා ආන්ඩුවෙ එවද නැත්තම් පෞද්ගලික එවද? i
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..
    ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය.
    Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ ,
    ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම.

    උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්..

    අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට..
    උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි...

    කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ...

    තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල...

    ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා

    අහ්, හ්ම්ම්.. එක්කො ඔනේ නැ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔරුවල ලංකා වානේ සංස්ථාව දැනට ඉන්දියන් අය ගොඩක් වැඩ කරනවා.

    අලුතින් ලංකාවෙන් බදවා ගන්න අය ගන්නේ ඔක්කොම මාස 6 න 6 කොන්ත්‍රාත් පදනම මත. සීපා ක්‍රියාත්මක උන ගමන් කොන්ත්‍රාත් පදනම මත ඉන්න සියලු දෙනාගේ රැකියා අහිමි කරලා ඉන්දියානුවන් ගෙනාවා ගන්න තමයි අයිතිකරුවන්ගේ අදහස.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔරුවල ලංකා වානේ සංස්ථාව දැනට ඉන්දියන් අය ගොඩක් වැඩ කරනවා.

    අලුතින් ලංකාවෙන් බදවා ගන්න අය ගන්නේ ඔක්කොම මාස 6 න 6 කොන්ත්‍රාත් පදනම මත. සීපා ක්‍රියාත්මක උන ගමන් කොන්ත්‍රාත් පදනම මත ඉන්න සියලු දෙනාගේ රැකියා අහිමි කරලා ඉන්දියානුවන් ගෙනාවා ගන්න තමයි අයිතිකරුවන්ගේ අදහස.
    සීපා අත්සන් කලොත්, හයිපතෙටිකල් ක්වෙක්ශන් එකක් මචන්,

    උබලගේ ගෙදරට එනවා මිනිස්සු දෙන්නෙක් පොල් කඩන්න. එකෙක් ශ්‍රී ලන්කන්. ඌ ගහකට 100ක් ඉල්ලනවා. අනිකා ඉන්දියන්, ඌ ගහකට රුපියල් 10යි ගන්නේ.. උබ කොයි එකාට කියලද පොල් කඩව ගන්නේ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවාර්යෙන්ම මේකට විරුද්ධ වෙන්න ඕනේ... අපිට අඩුගානේ කරගෙන ඉන්න රස්සා ටික තියෙනවා.. ඒත් අලුතින් ඉගෙන ගෙන එලියට එන අපේ නංගිලා මල්ලිලාට මොකද වෙන්නේ..? උන්ට පාරේ හිඟාකන්න වෙන්නේ මේක ආවොත්... අපි ගැන වගේම ඉදිරි පරම්පරා ගැන හිතලා පක්ශ භේදයක් නැතුව මේකට විරුද්ධ වෙන්න ඕනේ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අනිවාර්යෙන්ම මේකට විරුද්ධ වෙන්න ඕනේ... අපිට අඩුගානේ කරගෙන ඉන්න රස්සා ටික තියෙනවා.. ඒත් අලුතින් ඉගෙන ගෙන එලියට එන අපේ නංගිලා මල්ලිලාට මොකද වෙන්නේ..? උන්ට පාරේ හිඟාකන්න වෙන්නේ මේක ආවොත්... අපි ගැන වගේම ඉදිරි පරම්පරා ගැන හිතලා පක්ශ භේදයක් නැතුව මේකට විරුද්ධ වෙන්න ඕනේ..
    ape ewatath kelawenawa ban :sorry: ai yako Phd thiyena un awilla 40000ta wada karama, kohomata thiyeida? yako 1 year exp nathi unuth 70-80 ganna eke dan...redda
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12512523_1215854401775361_6499237226940008328_n.jpg

    12507213_891654077620043_73590280325083747_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තවත් වසර තුනකට පසු දිනක්.......,
    කොණ්ඩය හොදටම වැවී ඇති නිසා කපා ගැනීමට හංදියට යා යුතුය, ඉස්සර 150ට කපපු කොන්ඩය ඉන්දියාවෙන් පැමිණි සුරේෂ් මල්ලි දැන් 60ට කපා දෙයි. හන්දියේ ඉස්සර කපපු රංජි අයියා දැන් සැලෝන් එක වසා ගෙදරට වෙලා බලාගත්තු අත බලාගෙන සිටින බව සියල්ලෝ කතා වෙයි. රංජි අයියට බම්බු ගහගන්න කියා අපි සියල්ලෝම දැන් සුරේෂ්ගෙන් කොණ්ඩය කපා ගනී.
    කොණ්ඩය කපාගෙන වාහනේට තෙල් ටිකක් ගහගන්න පිරවුම්හලට යා යුතුය. දැන් පිරවුම් හලේ එක සිංහල මල්ලි කෙනෙක්වත් නැත පිරවුම්හලේ වැඩ කරන දහ පහළොස් දෙනාම ඉන්දියන් මල්ලිලාය. මාසෙන් මාසය ඔවුන්ගේ මුහුණු වෙනස් වෙයි. අලුත් මුහුණු එයි. මල්ලිලා කිහිපදෙනෙක්ම අපේ නංගිලා කසාද බැදගෙන දරුවෝ හදා මෙහිම රැදී සිටියි. ඔවුන් අතේ ලංකාවේ හැදුනුම්පත්ද ඇත.
    තෙලුත් ගහගෙන එමින් ගමන් රෑට කන්නට කොත්තුවක් ගන්නට ගියෙමි. ඉස්සර හිනාවෙලා කොහොමද අසා කොත්තු දාන මල්ලි දැන් කඩේ නැත,කඩේ වැඩ කරන්නේ ඉන්දියන් මල්ලිලා හය හත් දෙනෙකි. මේ හන්දියේ පමණක් නොව සියලු හන්දි වල හොටෙල් වල,සයිවර් කඩ වල කොත්තු දමන්නේ ඉන්දියන් මල්ලිලාය.
    කොත්තුවත් රැගෙන එමින් ගමන් අම්මා ෆාමසියෙන් බෙහෙත් වගයක් රැගෙන එන ලෙස පැවසු බව මතක් විය. හන්දියේ ෆාමසියේ වැඩ කරන්නේද ඉන්දියන් මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙකි. ඔවුන් දෙදෙනාත්,ඔවුන්ගේ දරුවෙකුත් අම්මා තාත්තා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුත් දැන් පදිංචිව සිටින්නේ මෙහිය.
    ඔහුගේ තාත්තා දැන් හංදියේ පාසලේ මුරකරුය,අයියා කෙනෙක් ටයිල් අල්ලන බාස් කෙනෙකි. ඔහුගේ මව ගෙදරක සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියි,
    බෙහෙත් ටිකත් රැගෙන ගෙදර එන්නට පිටත් විය,අහෝ එක්වරම රෝදයක පැච් එකක් යෑම නිසා රෝදය මාරු කරගැනීමට අසළ තිබු ගරාජයට යාමට සිදුවිය, ගරාජයේද දැන් වැඩ කරන්නේ හොදට සිංහල කතා කළ හැකි ඉංදියන් මල්ලිලා කිහිපදෙනෙකි කෙසේ හෝ ටයරයත් මාරු කරගෙන ගෙදර ඒමට පිටත් විය.
    ටික දුරක් එන විට පාරේ වේගයෙන් ආ ත්‍රී රෝද රථයක් මගේ වාහනයේ ගැටිණි. එයින් බැස්සේ රැවුල වවාගත් ඉන්දියානු චන්ඩි අයියා කෙනෙකි.
    ''කොහෙද ඕයි යන්නේ තමුෂෙ...කියමින් මට සද්දයක් දමමින් ත්‍රිවිලයෙන් බැසගත්තේය. ඔහුගේ කෑ ගැහිල්ලට තවත් ත්‍රිවිලර් රියදුරෝ කිහිපදෙනෙක් මා වට කරගත්තේය. ඔවුන් අතරත් අදුනන මුහුණක් නොවිය,සියල්ලෝම ඉන්දියානුවන් වූහ. ඔවුන්ගෙන් ගැලවීමට මට කිසිදු අවස්තාවක් නොවිය අවසානයේදී මගේ රටේදී මං පිට මිනිහෙක් මෙන් වෙන රටකින් ආ උන්ගෙන් ගුටිකා නිවසට පැමිණෙන්නට සිදුවිය.
    නිවසට ආ මා සිදුවූ දේ නිවැසියෝට කියා පුටුවේ වාඩිවීය
    එවෙලෙහි ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය වෙමින් තිබුණි.
    ''මිට වසර තුනකට පෙර ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට බදුන් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අත්සන් කළ ''සීපා ගිවිසුම'' ගැන ඉන්දියානු අගමැත නරේන්ද්‍රසිංග් මෝඩි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිට,අගමැතිට සහ ආණ්ඩුවට සුභ පැතුම් පණිවිඩයක් ඒවා තිබෙනවා...එය විදේශ අමාත්‍ය.............''
    ළග තිබු දුරස්ථපාලකයෙන් රූපවාහිනිය නිවා දැමු මා නොකා නොබීම නින්දට ගියේය.විටින් විට පාරේ කෑකෝ ගසමින් මෝටර් බයිසිකල් වල එහෙ මෙහෙ යන ඉන්දියානු තරුණයන්ගේ හඩ මට ඇසෙයි.මා තදින් ඇස් පියා ගත්තෙමි.
    ඔව් මමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි !!
    (කාලෙකට කලින්)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ape ewatath kelawenawa ban :sorry: ai yako Phd thiyena un awilla 40000ta wada karama, kohomata thiyeida? yako 1 year exp nathi unuth 70-80 ganna eke dan...redda

    ඒක ඇත්ත... ඒත් මචං අපි අඩුගානේ ජොබ් වල ඉදලා ෆීල්ඩ් එකේ ටිකක් හරි ස්ටේබල් වෙලා ඉන්නේ... අනිත් එක එකපාර අපිව දොට්ට දාන්න බැහැනේ.. නිකං හිතපං අලුතින් කැම්පස් අවුට් වෙන කොල්ලන්ට කෙල්ලන්ට trainee වගේවත් යන්න විදිහක් නැති වෙනවා මෙහෙම යනකොට.. සල්ලි තියෙන උන් රට යයි.. ඒත් දුප්පත් උන් මොකෝ කරන්නේ... මෙහෙම වුනොත් නම් වෙන්නේ තව තරුණ කැරැල්ලක් රටේ ඇතිවෙන එක...
     

    Similar threads