සීපා - යටින් කතාව

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සීපා - යටින් කතාව

    සීපා ඕනේ කාටද?
    - පැහැදිලිවම ඉන්දියාවට. එයින් තඹ සතයක වාසියක් ලංකාවට සිදු නොවන අතර ඊට පක්ෂව හඬ නගන ලංකාවේ පිරිස් එසේ කරන්නේ එමගින් ඔවුන්ට ලැබෙන යම් වාසියක් නිසා, එසේ නැතිනම් ඔවුන් බලපෑමකට යටත් කර තිබෙන නිසාය. ( කිසිවෙකුත් හදවතින් ඔය කියන වාසි කිසිවක් නැති බව හොඳින් ම දනී )

    ඉන්දියාවට මෙය අවශ්‍ය ඇයි?
    - මූලික වශයෙන් මෙයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වලටත් වඩා ඉන් ඔවුන්ගේ භූ දේශපාලනික බලවත් භාවයට හා කලාපීය මුදුනා ගේ භූමිකාවට ලැබෙන වැදගත් කම නිසාය. ලංකාවේ වෙලඳපල ඉන්දියාවේ ප්‍රාන්තයක වෙලඳපල ට ත් වඩා කුඩා වන අතර ඔවුන් ගේ මූලික අරමුණ හුදු ඉන්දියානු රැකියා විරහිතයින්ට ලංකාවේ රැකියා ලබාදීම පමණක් නොවේ. එය බොහෝ විට ආංශික වාසියක් (side benifit) වීමට බොහෝ ඉඩ ඇත.

    මෙය ලංකාවට කියන තරම් හානිකරද?
    - කතන්දර අවශ්‍ය නැත. බොහෝ විට ලංකාවේ අවසානය වීමට ඉඩ ඇත. මේ ගැන වැඩි විස්තර පාට දේශපාලන කණ්නාඩි ගලවා අන්තර්ජාලය සැරිසැරීම මගන් විනාඩි 20ක් ඇතුලත උගත හැකිය.

    ඇයි ඉන්දියාව දැන් ඔහොම බලපෑම් කරන්නේ?
    - ඉන්දියානු බලපෑම් වසර දහස් ගණනක අප රටේ ඉතිහාසය පුරා දැකිය හැකි අතර දැන් ඒවායින් වෙනස් වෙන්නේ වර්තමානයේ කඩුව සහ පළිහ වෙනුවට පෑන සහ කඩදාසිය ඇතුලත් වීම මගින් පමණි. මෑතම උදාහරණ වශයෙන් දැන් ECTA වෙනුවට මහින්ද යුගයේ CEPA සහ ඊට පෙරාතුව චන්ද්‍රිකා යුගයේ ඉන්දු ලංකා නිදහස් වෙලඳ ගිවිසුම, J R යුගයේ ඉන්දු ලංකා ගිවිසුම් දැක්විය හැක.

    ලංකාවේ පාලකයින්ට මීට එරෙහි වෙන්න බැරිද?
    - පැහැදිලි ප්‍රායෝගික උත්තරය නම් නොහැකියි යන්නයි.. ඉන්දියාව වැනි ලෝක බලවතෙක් කි.මි 30 ක් දුරින් පිහිටීම සහ ලොව සක්කිලිම ජාතිය එහි වාසය කිරීම යනු කිසිසේත්ම අපිට ගැලවීමක් නොමැතිය යන්නයි. J R, චන්ද්‍රිකා බිත්තියට හේත්තු කර අත්සන් ගත්තාක් මෙන් මෙවර ECTA ලබන වසර මැද දී අනිවාර්යයනේ අත්සන් කරනු ඇති.

    ප.ලි -

    මීට වසර කීපයකට පෙර පළවූ ඡායාරූපයකින් මේ හුය අවසන් කරමි. මෙහි පසුපසින් දැක්වෙන්නේ ඇඹිලිපිටි යේ චන්ද්‍රිකා වැව වන අතර මෙහි සිටින සුදු හමක් ඇත්තවුන් ගඳ ගසන ඉන්දියානුවන් නොවන අතර ලෝක දේශපාලනය තීරණය කරන බ්‍රිතාන්‍යයන් ය. මොවුන් මෙහි "හදිසියේ " පැමිණියේ චන්ද්‍රිකා වැවේ ස්නානය කිරීමට නොව එවකට ලංකාවේ නායකයාව දුරකථනය මගින් පාලනය කිරීමට නොහැකි වූ නිසාය. නමුත් ඔවුන් ට සිදුවුනේ කිරිබත් කා ආපසු යන්නටය. ආවේ කොටින් සමඟ අවසන් සටන නවත්වා ප්‍රභාකරන් බේරා ගැනීමට ය.

    නමුත් මෙවැනි ගොඩේ බයි රාජ්‍ය තාන්ත්‍රික ගැට ගසා විදේශීය බලපෑම් වලින් රට බේරීම ඉතාම මෝඩ වැඩකි. ඒ බව මේ ඡායාරූපයේ සිටින පොල් රැවුලක් වවාගෙන සිටින පුද්ගලයාට දැන් අත්වී තිබෙන ඉරණම දෙස බලන විට ඉතා හොඳින් පැහැදිලි වේ... :lol::lol: :(:(

    mr_042909_02.jpg
     
    • Like
    Reactions: netsurfer

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    bump
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    තවත් වසර තුනකට පසු දිනක්.......,
    කොණ්ඩය හොදටම වැවී ඇති නිසා කපා ගැනීමට හංදියට යා යුතුය, ඉස්සර 150ට කපපු කොන්ඩය ඉන්දියාවෙන් පැමිණි සුරේෂ් මල්ලි දැන් 60ට කපා දෙයි. හන්දියේ ඉස්සර කපපු රංජි අයියා දැන් සැලෝන් එක වසා ගෙදරට වෙලා බලාගත්තු අත බලාගෙන සිටින බව සියල්ලෝ කතා වෙයි. රංජි අයියට බම්බු ගහගන්න කියා අපි සියල්ලෝම දැන් සුරේෂ්ගෙන් කොණ්ඩය කපා ගනී.
    කොණ්ඩය කපාගෙන වාහනේට තෙල් ටිකක් ගහගන්න පිරවුම්හලට යා යුතුය. දැන් පිරවුම් හලේ එක සිංහල මල්ලි කෙනෙක්වත් නැත පිරවුම්හලේ වැඩ කරන දහ පහළොස් දෙනාම ඉන්දියන් මල්ලිලාය. මාසෙන් මාසය ඔවුන්ගේ මුහුණු වෙනස් වෙයි. අලුත් මුහුණු එයි. මල්ලිලා කිහිපදෙනෙක්ම අපේ නංගිලා කසාද බැදගෙන දරුවෝ හදා මෙහිම රැදී සිටියි. ඔවුන් අතේ ලංකාවේ හැදුනුම්පත්ද ඇත.
    තෙලුත් ගහගෙන එමින් ගමන් රෑට කන්නට කොත්තුවක් ගන්නට ගියෙමි. ඉස්සර හිනාවෙලා කොහොමද අසා කොත්තු දාන මල්ලි දැන් කඩේ නැත,කඩේ වැඩ කරන්නේ ඉන්දියන් මල්ලිලා හය හත් දෙනෙකි. මේ හන්දියේ පමණක් නොව සියලු හන්දි වල හොටෙල් වල,සයිවර් කඩ වල කොත්තු දමන්නේ ඉන්දියන් මල්ලිලාය.
    කොත්තුවත් රැගෙන එමින් ගමන් අම්මා ෆාමසියෙන් බෙහෙත් වගයක් රැගෙන එන ලෙස පැවසු බව මතක් විය. හන්දියේ ෆාමසියේ වැඩ කරන්නේද ඉන්දියන් මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙකි. ඔවුන් දෙදෙනාත්,ඔවුන්ගේ දරුවෙකුත් අම්මා තාත්තා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුත් දැන් පදිංචිව සිටින්නේ මෙහිය.
    ඔහුගේ තාත්තා දැන් හංදියේ පාසලේ මුරකරුය,අයියා කෙනෙක් ටයිල් අල්ලන බාස් කෙනෙකි. ඔහුගේ මව ගෙදරක සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියි,
    බෙහෙත් ටිකත් රැගෙන ගෙදර එන්නට පිටත් විය,අහෝ එක්වරම රෝදයක පැච් එකක් යෑම නිසා රෝදය මාරු කරගැනීමට අසළ තිබු ගරාජයට යාමට සිදුවිය, ගරාජයේද දැන් වැඩ කරන්නේ හොදට සිංහල කතා කළ හැකි ඉංදියන් මල්ලිලා කිහිපදෙනෙකි කෙසේ හෝ ටයරයත් මාරු කරගෙන ගෙදර ඒමට පිටත් විය.
    ටික දුරක් එන විට පාරේ වේගයෙන් ආ ත්‍රී රෝද රථයක් මගේ වාහනයේ ගැටිණි. එයින් බැස්සේ රැවුල වවාගත් ඉන්දියානු චන්ඩි අයියා කෙනෙකි.
    ''කොහෙද ඕයි යන්නේ තමුෂෙ...කියමින් මට සද්දයක් දමමින් ත්‍රිවිලයෙන් බැසගත්තේය. ඔහුගේ කෑ ගැහිල්ලට තවත් ත්‍රිවිලර් රියදුරෝ කිහිපදෙනෙක් මා වට කරගත්තේය. ඔවුන් අතරත් අදුනන මුහුණක් නොවිය,සියල්ලෝම ඉන්දියානුවන් වූහ. ඔවුන්ගෙන් ගැලවීමට මට කිසිදු අවස්තාවක් නොවිය අවසානයේදී මගේ රටේදී මං පිට මිනිහෙක් මෙන් වෙන රටකින් ආ උන්ගෙන් ගුටිකා නිවසට පැමිණෙන්නට සිදුවිය.
    නිවසට ආ මා සිදුවූ දේ නිවැසියෝට කියා පුටුවේ වාඩිවීය
    එවෙලෙහි ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය වෙමින් තිබුණි.
    ''මිට වසර තුනකට පෙර ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට බදුන් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අත්සන් කළ ''සීපා ගිවිසුම'' ගැන ඉන්දියානු අගමැත නරේන්ද්‍රසිංග් මෝඩි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිට,අගමැතිට සහ ආණ්ඩුවට සුභ පැතුම් පණිවිඩයක් ඒවා තිබෙනවා...එය විදේශ අමාත්‍ය.............''
    ළග තිබු දුරස්ථපාලකයෙන් රූපවාහිනිය නිවා දැමු මා නොකා නොබීම නින්දට ගියේය.විටින් විට පාරේ කෑකෝ ගසමින් මෝටර් බයිසිකල් වල එහෙ මෙහෙ යන ඉන්දියානු තරුණයන්ගේ හඩ මට ඇසෙයි.මා තදින් ඇස් පියා ගත්තෙමි.
    ඔව් මමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි !!
    (කාලෙකට කලින්)