සමාජයෙන් පිරිමියාට පටවන බරක් තියෙනවා. ඕනෑ කෙනෙක් ඇහුවොත් කියන්නේ බිරිඳට දරුවන්ට කන්න හොයලා දෙන එක තාත්තාගේ වගකීම කියලා. ඒක පවුලක් විදියට ගත්තත් සමාජීය විදියට ගත්තත් ආදර සබඳතාවක් වුනත් වැඩි වගකීම පිරිමියට දෙනවා. අතීතයේ ඉඳන් ආපු ක්‍රමය. තාත්තා තමයි රස්සාවක් කරලා සල්ලි හොයලා පවුලට කන්න දෙන්නෙ. අපි ජීවත්වෙන සමාජයේ බහුතරයක් සබඳතා ගත්තොත් ඒවයෙදි වැඩි වගකීම තියෙන්නේ පිරිමියාට. වැඩි වැඩියෙන් සපයන්න පුළුවන් පිරිමියාට ලැබෙන සැලකිල්ල වැඩියි. ඒක සල්ලි වෙන්න පුළුවන්, ආරක්ෂාව වෙන්න පුළුවන්, මොනවයින් හරි භෞතික හෝ මානසිකව දෙන්න පුළුවන් නම් සැලකිල්ල ලැබෙනවා. ඒ විතරක්ද වැඩියෙන් ඉවසන්න ඕනත් පිරිමියා. ඉතින් මෙහෙම බැලුවම පිරිමියට ලැබෙන ආදරයත් සීමාසහිත ආදරයක්. ගෙදර වැඩ කරන හැටියට තමයි ආදරේ ලැබෙන්නේ. නැත්නම් සබඳතාවයට තමුන් කරන තරමෙ හැටියට තමයි පිරිමියට ආදරේ ලැබෙන්නේ. බොහොම කලාතුරකින් පිරිමියෙක්ට තමයි ඒ කෙනාගේ තියෙන ගුණාංගවලට, ගති ගුණ වලට ආදරේ ලැබෙන්නේ. සැලකීම ලැබෙන්නේ. නමුත් පිරිමියා ආදරේ දෙද්දී සීමාසහිත නැහැ. එහෙම බැලුවම සීමා නැති ආදරයක් ලැබෙන්නේ ගැහුණුන්ටයි, දරුවන්ටයි, බල්ලන්ටයි.

