සීයේ මනමාලි!

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

සීයේ මනමාලි!

2010_dplkd_100r_f.jpg


ඕන කෙහෙම්මලක්‌ වුණාදෙන් කියා සිතූ ''එනිසා'' රුපියල් සියයේ කොළ දහයක්‌ ගෙන තම ජංගම දුරකථන අංකය පැහැදිලිව ලිව්වාය, ඊට යටින් මෙසේද ලිව්වාය. හඳහන් පිළිනොගනිමි. වයස විසිපහයි බින්න බහින්න වුවද කම් නැත. සියලුම වචන ඉතා කුඩාවට සීයේ නෝට්‌ටු මත ලියූ ඇය දොම්පේ සිය නිවසේ සිට ගෙදර කිසිවෙකුට නොදන්වා ගිනිකුන්දලමේම ගාලු ගියාය. ගාල්ලේ ටවුමට ගොස්‌ කඩ සාප්පු කිහිපයකින් ඒක මේක ටිකක්‌ රැගෙන ඒ හැම කඩ සාප්පුවකටම ඈ යමක්‌ කමක්‌ ලියූ මුදල් නෝට්‌ටු දුන්නාය. ''එනිසා'' ඊට පසු කොළඹ කෝච්චියක නැඟී දොම්පේ සිය නිවසට ආවාය.

''කොහෙද දුවේ උදේම ගියේ'' අම්මා ඇසුවාය.

''මංගල දැන්වීමක්‌ පත්තරේ දාන්න ගියා. මෙතෙක්‌ කලක්‌ ආපු යෝජනා හඳහන් ගැලපෙන්නෙ නෑ කියල අම්මල අහක දැම්මනේ. මීට පස්‌සෙ මගේ වැඩ ටික මංම කරගන්නම්.''

''එනිසා'' අම්මාට කීවාය. ''එනිසා'' අම්මාට එසේ පිළිතුරු දෙනවාත් සමගම ඇයගේ ජංගම දුරකථනය නාද විය.

''රුපියල් සීයේ නෝට්‌ටුවක තිබුණා. මංගල යෝජනාවක්‌. මමත් හඳහන් පිළිගන්නෙ නෑ. බුදුහාමුදුරුවොත් ධම්ම පදේ කියල තියෙනව මෙහෙම..... ''කිං කරිස්‌සති තාරකා'' කියල. තාරකාවලින් ඇති ඵලේ මොකක්‌ද කියල. ඉතිං බොරු බුද්ධාගම පැත්තකට දාල ඇත්ත බුදුදහමට අනුව වැඩ කරමු. මම එන්නම් හෙටම ඔයාව බලන්න. ඔයා සත්‍යගරුක කෙල්ලක්‌ බව පේන නිසයි මම කතා කළේ.

''එනිසා'' නොමිලයේම උඩ ගියාය. අම්මට විස්‌තරය කියුවාය. එදින එළිවන තුරු ''එනිසා''ට නින්දක්‌ නොවීය. දුරකථනයෙන් විටින් විට කතා කළේ මනමාලයෝය. ''අද හෙට උත්තරයක්‌ දෙන්නම්'' කියා එම ඇමතුම්වලට පිළිතුරු දුන්නාය. පසුවදා මනමාලයා ගාල්ලේ සිට දොම්පේ ''එනිසා'' ගේ ගෙදරට ආවේය. ගෙදර උදවියද ඈ ද මනමාලයාට එකපයින්ම කැමති වූහ.

මසක්‌ ගතවීමටත් මත්තෙන් දෙදෙනා විවාහ වූහ. ''එනිසාගේ'' ගෙදර මනමාලයා බින්න බැස්‌සේය. පුතුන් දෙදෙනකු සහ දියණියක්‌ද බිහිකරගත් ඔවුහු සතුටින් දිවි ගෙවූහ. දරුවන් පාසල් ගිය මොහොතක අම්මා ''එනිසා'' ළඟට වී මෙසේ කීවාය.

''දුවේ උඹනම් හරිම වාසනාවන්තයි. මටත් දැනුයි මේ හඳහන් හුටපට තේරෙන්නෙ. අර ළමයි කියන්නැහෙ ජීවිතය කියන්නෙ හඳහන නෙවි. ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය. ඇත්තටම හඳහන සියයට සීයක්‌ ගැළපුණු අය දෙපැත්තට වෙලා තියෙනව ඕන තරම් නොගැළපුණ අය හොඳින් ඉන්න අයත් ඉන්නව. අර ළමය කියන්නැහෙ මේක දේශපාලන ගනුදෙනුවක්‌ වගේ. අනික බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙනවලු තාරකා ගැන. සුබ අසුබ දේවල් ගැන.

අම්මාගේ දේශනාව අහවරවනතුරු ''එනිසා'' කටපියාන සිටියාය. අනතුරුව ඇය අම්මාට මෙසේ කීවාය.

''ඒක තමයි මම මගේ පුංචි එවුන්ට හඳහන් නොහැදුවෙ. මීට පස්‌සෙවත් බුදුහාමුදුරුවො කියපු විධියට ජීවත්වෙන්න බලමු. මිථ්‍යාවෙන් ඈත් වෙමු. මං මගේ හඳහන කීතු කීතුවලට ඉරල දැම්මා.''

මේ සිද්ධිය සිදුවී ඇත්තේ මෙරටට ජංගම දුරකථන ආ අලුතය. දොම්පේ මීටාවිට ප්‍රදේශයේ මීට වසර බොහෝ ගණනකට පෙර මේ විවාහ මඟුල සිදුවී ඇත. දරුවන් පවා විවාහ වී සිටින්නේද හඳහන් නොමැතිවය.

කෙසේ වුවද මුදල් නෝට්‌ටුවල ඉරක්‌ හෝ ඇඳීම නම් නොකට යුත්තකි. නීතියෙන්ද වරදකි. එනිසා ජීවිතය යනු කුමක්‌දැයි වටහා ගැනීම භාග්‍යයකි.

අශෝක කාරියවසම්

Source:
Code:
http://www.divaina.com/2015/08/05/provin02.html
100 Rupee Note :
Code:
http://notes.lakdiva.org/cbsl/2010/images/2010_dplkd_100r_f.jpg
 
  • Like
Reactions: chethana kalan

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
kathawa nam boruwak wenna athi diwaina karayange eth gatha yuththak thiyenawa.

සිරාවටම කතාව බොහෝ දුරට බොරුවක් වෙන්න පුලුවන් ඒත් ගතයුත්තක් තියෙනවා මේ කතාවේ,