සීලෙන සුග්ගතිං යන්ති-සීලෙන භෝග සම්පදා
සීලෙන නිබ්බුතිං යන්ති-තස්මා සීලං විසුද්ධයෙ”
සිහිනුවණ යොදවමින් ධර්මය අහන්නට කියවන්නට විමසන්නට ඕනෑ. ඇස්,කන් ආදී ඉන්ද්‍රියන් තුලින් ඇතිවන දැනෙන සියලු සුඛ දුක්ඛ වේදනා මනස තුළ මුල් බැස ගනී. එනිසා අකුසලයෙන් ඈත්ව කුසලය තුළ ජීවත්වීමට ශීලය අත්‍යවශ්‍ය අංගයකි. “ශීලය” යන්න කුමක්දැයි විමසා බලමුලය නම් හීලෑ කමයි. උතුම් පිළිවෙතකට තමාගේ කය හා වචනය යොදා ගැනීමයි. ශීලය චේතනා ශීලය චෛතසික ශීලය සංවර ශීලය අව්‍යත්‍රික්‍රම සීලය වශයෙන් සිව් වැදෑරුම් වේ....බුදු දහමේ පරමාර්ථය කෙලෙසුන් නසා රහත්වීමයි. එය එකවර කළ නොහැක. එනිසා ඒ සඳහා මාර්ගයක් ඇත. නිවන් අවබෝධය ප්‍රධාන පරමාර්ථය වුවද එම මගෙහි ගමන් කිරීම ගිහි හා පැවිදි සුඛයට බාධාවක් නැත. නිර්වාණය ඇත්තේ ශික්‍ෂා පදවල නොව ධර්මාවබෝධය තුළයි. ධර්මය අවබෝධ කරගන්නා තුරු අප දුසිරිත් ක්‍රියාවන්ගෙන් ඈත්වීමට ශික්‍ෂාපද මහත් පිටුවහලක් වන්නකි.“ ශීලය” ආරක්‍ෂා කිරීමට හිරි ඔතප් අවශ්‍යය. බිය විය යුත්තේ පවටය. ලැජ්ජාවිය යුත්තේ පවටය. නොහොත් අකුසල් ක්‍රියා වන්ටය. යමෙකුට ලැජ්ජාව නැත්නම් ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. ලැජ්ජාව භය නොදන්නා අය සමාජ යේ අපි‍්‍රය පුද්ගලයන් වශයෙන් සැලකිය යුතුය..“ඔත්තප්ප “ නම් කාය දුෂ්චරිතයෙහි බියවන ස්වභාවයයි. පවිටු ක්‍රියාවක් කිරීමට සිත පෙළඹුනු විට බාහිර ලෝකයෙන් පැමිණෙන නින්දා කරදර පිළිබඳ සිතා පවට බිය වීමයි. එය “ලෝකාධිපති ධර්මයකි” ඔත්තප්පය දිලිසෙන ගිනි ගුලියකට උපමා කළ හැකිය. එයට අත තැබූ විට පිළිස්සි දුකට පත්වෙයි. එමෙන්ම පාපයට බිය තැනැත්තෝ සතර අපා ආදි දුක් වලට බියෙන් සිල් නොබිඳියි.
දෙමව්පියන් විසින් තම දරුවන් කුඩා කල සිටම දරුවන්ට පවු කිරීමට ලැජ්ජා භය පුරුදු කළ යුතුය. දෙවියන්ට යකුන්ට මාරයන්ට බිය උපදවන්නේ නැතිව පාපයට ලැජ්ජා බිය උපදවීම තුළ යහපත් සමාජයක් ගොඩනැගිය හැකිය. ආත්ම ගෞරවයක් කෙනෙකුට ඇති කරගැනීමට නම් ඔහුගේ කායික මෙන්ම වාචසික සංවරය ඇතිකර ගත යුතුමය. සමාජයේ යහපැවැත්මද එක් අතකින් සීලය මත පිහිටා ඇතිබව පෙනේ.
ශීලං සග්ගස්ස සෝපානං “ ශීලය යනු නිවනට හිණි මගකි” සෝපානයකි. ඉණිමගේ කරන්නේ ගමන් කිරීමයි. රැඳී සිටීම නොවේ. නිවන් අපේක්‍ෂා කරන පුද්ගලයා ශීලයෙන් එතෙර විය යුතුය. ශීලය පමණක් නිවන් ලැබීමට හේතු නොවේ. ශීීලයෙන් එතෙර වීම යනු සිත සමාධිගත කිරීමයි. ශීලයෙන් සකස් වූ පුද්ගලයා සමාධියට පත්වෙයි. සමාධියද තරණය කළ යුතුය. ඉන් තරණය කිරීමෙන් ප්‍රඥාවට පත්වේ. ප්‍රඥාවන්ත භාවය නම් ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එයින්ද මාර්ග සත්‍ය තුළ පෙන්වන්නේ මූලිකව සිල්වත් විය යුතු බවයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශීල සමාධි ප්‍රඥා ලෙස දක්වා ඇත. එයින් ලෝකෝත්තර ජීවිතයට මාර්ගය පෙන්වන්නේ ලෞකික ජීවිතයේ මාර්ගය පිරිසුදු නම් ලෝකයේත් එතෙරව ලබන නිවන් මග ලැබිය හැකි බවයි...එහෙයින් පිරිසුදු ජීවිතයක පදනම සුපිරිසුදු ශීලයයි. ඔබත් සුපිරිසුදු සිල්වත් ජීවිතයකින් සසර දුක් කෙළවර නිර්වාණය අවබෝධ කරගන්න අදිටන් කරගන්න. තෙරුවන් සරණයි....
ශාස්ත්‍රපති පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමි

