සීවලී මහ රහතන් වහන්සේ...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සීවලී මහ රහතන් වහන්සේ...

    1521803_642072879193371_63107158_n.jpg



    මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතකුත් මව් කුස හිරවී දුක් විඳීමට සිදුවිය. මව්තුමිය වූ සුප්පාවාසාවට ද මෙතරම් කාලයක් දරු කුස දරා සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය. මෙයට හේතුව සුගතයන් වහන්සේ වදාළ සේක. සීවලී හිමියෝ පෙර රජකුව සිටිය දී කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේ ය. නමුදු ඒ කුඩා රට අල්ලා ගැනීමට නො හැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා අවුරුද්දකුත් සත් මසක් රැකවල් දා සිටියේ ය. නමුදු රට අල්ලා ගත නො හැකි වූ අතර මව ගේ උපදෙස් පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමග ද වසා දැමීය. පසුව රට වැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුවෙන් මෙදා මෙසේ දුක් විඳීමට වූ බව ද මව දුන් උපදෙස් හේතුවෙන් මවට ද ඒ කර්මය ආ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ බලය නො මඟට නො යොදත්වා!

    සීවලි මහ රහතන් වහන්සේටත් කර්මය මෙසේ පල දී නම් ඔබත් අපත් ගැන කුමන කතාද? එනිසා වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!


    (ආඝාත රූප ජාතකය)

    Niwan margaya (F.B.)
     
    Mar 22, 2014
    37
    5
    0
    එවුනාට පස්සෙ සීවලි රහතන් වහන්සේට තමා වැඩියෙන්ම දානය ලැබුනේ,බුදු හාමුදුරුවොත් සමහරක් ප්‍රදේශ වලට වඩින්න කලින් සීවලි රහතන් වහන්සේ වඩිනවාද කියලා ආනන්ද ස්වාමින්වහන්සේගෙන් අසනවාලු.මොකද සීවලි රහතන් වහන්සේ ඉන්න තැනකට ඔන තරම් දානය ලැබෙන නිසා.
     

    Similar threads