සීසේරියන් සැත්කම් 8000

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
61393182_124589702077180_3120231918784741376_n.jpg


Another Newborn Doctor!:lol::lol::lol:
:cool::cool:
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0


සිසේරියන් සැත්කම්‍ සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමු
Piyal-Perera.jpg


වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි)
##
මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ,පැලෝපීය නාළ, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය අතපත ගාන්නෙමි. එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.
සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන්, වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක් වෛද්‍යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය.
සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.
සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායකයා සහ සහායක හෙදියගේ ය. සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක.
වඳ සැත්කමක් සාර්තකවීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කළයුතුය. සිසේරියන් වඳ සැත්කමකදී දෙවන එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්‍රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි.
යතුරු සිදුරු වඳ සැත්කම කරන විට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ.
මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්‍රමවේදයයි. සමහරු මේවා යම් වෙනස් කිරීම් සහිතව සිදුකරයි. ඒ අනුව වෙනත් ක්‍රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක. පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්‍රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන(Re-Canalisation) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය.
සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්‍යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemy උපකරණ පාවිච්චි කරනු දැකිය හැක.
සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර නොහැක.
ඒවාට ග්‍රීන් ආර්මිටේජ් අඬුයයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්‍යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්‍යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.
සිසේරියන් සැත්කම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්‍යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.
නමුත් මෙම ක්‍රියාව මෙම වෛද්‍යවරයා හෝ වෙන වෛද්‍යවරයකු විසින් මහා පරිමාණ ලෙස අහබුවක් ලෙස සිදුකළ හැකිය. නමුත් එවන් අවස්ථාවලදී එය වාට්ටු භාර ප්‍රධාන වෛද්‍යවරයා හෝ වෙනත් ඉහළ නිලධාරීන් දැනගැනීමෙන් පසු ඔවුන්ට අවවාද කරනු ලැබේ.
නමුත් සමහර ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් ජනගහනය පාලනය කිරීම වෙනුවෙන් යම් යම් උපක්‍රම භාවිතා කළ හැකිය පවසනු අසා ඇත. එනම් පළවෙනි දරුවා ලැබෙන විට එම දරුවා සීසර් සැත්කමකින් බිහිකිරීමයි. එවිට දෙවැනි හා තෙවැනි සිසේරියන් සැත්කම කර ඒ සමගම මවගේ කැමත්තෙන් වඳ සැත්කම සිදුකරනු ලබයි.
සමහර විටෙක මෙම ගර්භාෂය තවදුරටත් දරු ගැබක් පිහිටා දරු ප්‍රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකර වෛද්‍යවරුන් සිටිය අතර ඔවුන් ඒ බවට රෝගියා ව දැනුවත් කර ඇත. නමුත් සමහර සිංහල බෞද්ධයන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් ලබා දීමේ උපක්‍රමය කරන බවට පුරසාරම් දොඩනු අසා ඇත. එසේම පැලෝපීය නාල තුවාල කළ හැකි බවට පුරසාරම් දොඩනු අසා ඇත. නමුත් ප්‍රායෝගිකව මහා පරිමාණයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්‍යවරුන්ගේ සහාය නැතිව කල නොහැක.
අද අපට අවශ්‍යව තිබෙන්නේ මෙහි සත්‍යතාවයක් තිබේදැයි නිවැරදි විද්‍යානුකූලව සොයා බැලීමයි.
මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිතාකර හැකිය.
1. මෙම පුවත්පතේ(මේ පිළිබද පුවත සදහන් වූයේ දිවයින් පුවත්පතෙහිය. සංස්කාරක) සඳහන් වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් ඒ ගැන සැක නම් ඒ සඳහා එච්.එස්. ජී. (Hysterosalpingography) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇති දැයි පරික්ෂා කර ගත හැක.
2. වෛද්‍යවරු හෝ හෙදියන් කිසියම් වෛද්‍යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට රෝහල් අධ්‍යක්ෂකට හෝ අමාත්‍යාංශයට දැනුම් දීමට චක්‍රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්‍යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය.
3. තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය.
එසේම අදාල පුවත අසත්‍ය පුවතක් පළ කලේ නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම හේතුවෙන්, නීති මාර්ගයෙන් ක්‍රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීම ද කළ යුතුව ඇත. මේ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය ,පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කල යුතුය.
:cool::cool:
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anura kumaeage punchi ammawa nam wadha karapu eka hodai nathnam kalin kasade lamaya suddui anurayage eka kalui:lol:

    Jvp terrorist kenek rep kapala. Uge kota terrorist ungen salli aran me rata kanawa. Wadak karaganna ba. Kisi deyak danne na. Opa dupa gani wage kiyawa awa Parliament eke. Anna ehema minissu marana ungen gen salli ganna. Gammiris hora mudalalia ekka gammiris mila wattapu..isis unwa list eke tiyagena inna lapa kotata kade yana un marenne bomba walata kali ghin next athme idan lapa kota wage athma 1000k anik un wenuwen poster gahanawa stage gahanawa. :) e unata okunta bomba wadinee na moko dote kale inne.:lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    ඉතින් බං මේවා පෝස්ට් කර කර කිරියේ උක දිදී ඉන්න වෙලේ ඕවා ටික පොලිශියට පෙන්නලා දොස්තරව එලියට ගන්න විදියක් බලපන්කෝ......... ආ..... මේක විතරක් නෙමෙයිනේ...... එකපාරට කෝටිපතියෙක් වෙච්ච සීන් එකකුත් තියෙනවනේ...... ඒකටත් බිජි කපලා සල්ලි හම්බුකරා වගේ කතාවක් කියපං :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    මම හිතන්නේ අපි එකපාරටම නිගමනවලට එන්නේ නැතිව දැන් ඩොකා ගැන කරන පරීක්ෂණය ගැන බලමු.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    (උපුටා ගැනීම : වෛද්‍ය පියල් පෙරෙරා ගේ ෆේස්බුක් පිටුවෙනි.වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අතර දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි)

    පියල් Panty Dalada Idala Thiyenne, ...?
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    muslihndfhf.jpg


    පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

    මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

    මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.
     

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    කවුද අර අම්මලා වඳ භාවයට පත් කරන්න බැහැ කියන ෙෙවදමය තර්ක ෙදන රාජිතෙග් පු... ෙලව කල යුඑන්පි ෙලාල්ලා......අපතෙයා් ෙතාෙග් අම්මත් උඔට කලින් ෂාෆි ෙගන් ෙෙවද්‍ය පහසුකම් ලබා ගත්ත නැති එෙක් ප්‍රතිඑල දැන් උෙඹන් ෙපනවා
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

    සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

    එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.
     

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීමට හේතුව වී ඇත්තේ කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට තිබූ තරඟයයක් බව කුරුණෑගල DIG කිත්සිරි ජයලත් මහතා රහස් පොලිසියේදී ප්‍රකාශ කර ඇත.
    සාෆි වෛද්‍යවරයා විසින් මෑතකදී කුරුණෑගල වැව රවුමේ ගොඩනැගිල්ලක් මිලදී ගෙන තිබිණි. මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත්ව සිට ඇති අතර ඔවුන් කුරුණෑගල සිංහල වෙළඳ සංගමය නියෝජනය කරන පිරිසක් බවත් පැවසේ.

    ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා දෙපාර්ශ්වය තරගයක නියැළෙද්දී රුපියල් කෝටි 13ක පමණ මුදලකට සාෆි වෛද්‍යවරයා විසින් එය මිලදී ගෙන තිබේ. මෙහිදී උරණ වූ අනෙක් පාර්ශ්වය වෛද්‍යවරයාගෙන් පළිගැනීම සඳහා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහාය ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් මුදලක් ගෙවීමටද පොරොන්දුවී ඇත. එකම පාසලේකමට හා ලබා දෙනවා යැයි පැවසූ මුදල නිසා ඊට එකඟ වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අණින්, සාෆි වෛද්‍යවරයා අයථා ලෙස වත්කම් උපයා ඇති බවට චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගෙන ඇත.

    එහෙත් අයථා වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වගකීමක් නොවන අතර එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීමකි. එම චෝදනා යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ අධිකරණ බලය ඇත්තේ ද පොලිසියට නොව අල්ලස් කොමිසමටය. එහෙයින් වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට හැකියාවක් පොලිසියට නොවුණි.

    ඒ අනුව, වෛද්‍යවරයා කොටු කරගැනීම සඳහා එතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු, විමර්ශනයක් ද සිදු නොවුණු සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳකිරීමේ චෝදනාව දිවයින පුවත්පත හරහා සමාජගත කෙරුණු අතර එය බරපතළ ලෙස සමාජය මත බලපාන තත්වයකට ගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් වන මහාචාර්ය චන්න ජයසුමන සහ රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර විසිනි. මේ වෙනුවෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂක සරත් වීර බණ්ඩාර මහතාටද වාසියක් වන ආකාරයට මුදල් ගනුදෙනුවක් සිදු වී ඇති බව හෙලිවී ඇත.

    ඉතාම සංවේදී කරුණක් පිළිබඳව බරපතළ සැකයක් අවුළුවා, පැමිණිලි කරන ලෙස මාධ්‍ය හරහා ජනතාවට ආයචනා කරනු ලදුවත් තවමත් දින දෙකක් තිස්සේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ පැමිණිලි 139 කි.එයද ඇතැම් මවුවරුන්ට ඇවිටිලි කිරීමෙන් පසුව බව කියැවේ. මවුවරුන් 4000ක් වඳකිරීමේ කතාව අතේ බොරුවක් බව දැනටමත් ඔප්පු වී තිබේ. පැමිණිලි කල මවුවරුන්ගේ පැලෝපිය නාල පරීක්ෂණයෙන් පසුව මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට නියමිතයි. සිද්දිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තව දුරටත් පරීක්ෂණ පවත්වයි.