සුකිත_මුධිත_වෙමු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සුකිත_මුධිත_වෙමු

    යහපාලන රජයක් යටතේ රට සුකිත මුධිත කිරීමේ මහා සංග්‍රාමයට දැනටම අත ගසා අවසන්

    මේ සියලුම සංවර්ධන කටයුතු කරන්නේ ජනතාව මත අතිරේක පිරිවැයක් පටවන්නේ නැතිව වීම විශේෂයක්

    බාන්ඩ හා සේවා වල අගයන් එලෙසින්ම පවත්වා ගනිමින් හෝ තවත් අඩුකර ජනතාව ලිහිල් කරමින් මේ සංවර්ධන ක්‍රියාවලිය සිදුවීම යහපාලන රජයේ සුවිශේෂත්වය මැනවින් විදහා පායි .

    අත්‍යවශ්‍ය බෙහෙත් සියල්ලේම පාහේ මිල 75% කින් අඩුකර ඇත , පැනඩෝල් සදහා රුපියල් විස්සක් සොයාගත නොහැකිව දරුවෙක් මියගිය පුවත ඔබට මතක ඇති . නමුත් දැන් එසේ වන්නේ නැත , පැනඩෝල් පෙත්තක් රුපියල් 5ක් දක්වා අඩුකර ඇත.

    රුපියල් 50ට තිබු සමහන් එකක මිල රුපියල් 20කි

    රුපියල් 60ට තිබු යෝගර්ට් එකක මිල රුපියල් 35 දක්වා පහත දැමුවේ කිරි ගොවියා සක්තිමත් කරන ගමන්මය

    ......................................................................................

    සියල්ලටම වඩා අප දිනු නිදහස වටින්නේය , දැන් ඕනෑම කෙනෙක් ට පාරට බැස රජයට විරුද්ද ව උද්ගෝෂණය කල හැක , ඉස්සර වගේ හමුදාවෙන් ඇට කටු කුඩු කරන්නේ නැත , හොදම උදාහරණ මෑතකදී හම්බන්තොට සිදුවූ සිද්දියේදී මහජනයාගෙන් පහර කා හමුදාවේ අයවලුන් රෝහල් ගත කිරීමයි , එවන් තත්වයකදී උවද රජය කිව්වේ ජනතාවට අත නොතබන ලෙසයි

    .....................................................................................

    පරාජිත කණ්ඩායම් දැන් වල පළලටම වැටී තිබේ , ගමේ නගරයේ සැමගේ හදවත් වල වීරයන් වීමට වත්මන් පාලකයන් සමත් වී ඇත , මෙලස තරුපහේ ප්‍රජතන්තවාදයක් සමග ඉදිරියට යන ලංකාව ආසියාවේ සුපිරිම රටක් ලෙස හෙට දින වැජබෙනු ඇත

    ..........කන්දහාර් .................
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,886
    113
    Dubai
    භූමිතෙල් ලීටරය රුපියල් 5කින් බහී

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට පියවර ගෙන ඇත.
    2017 අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 44ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    Lankadeepa

    භූමි තෙල් අඩු වෙනවා රුපියල් 5කින්.. දැන් ඉතින් බඩගින්නට භූමිතෙල් බීපියව් :lol:
     
    එහෙම කියන්න එපා බන්
    උබල මොනා අඩු කරත් බනිනවනේ
    මාරගේ ෆේස්බුක් කල්ලිය
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,886
    113
    Dubai
    එහෙම කියන්න එපා බන්
    උබල මොනා අඩු කරත් බනිනවනේ
    මාරගේ ෆේස්බුක් කල්ලිය

    මොකෙකුටවත් කඩේ යන කේස් එකක් නෙවෙයි බන්. මිල අඩු කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? දැන් ඉතින් උඹ කියන්නේ යොර්ගට් කාලා භූමිතෙල් ටිකකුත් බීලා ඒකේ අමාරුව යන්න සමහන් බිව්වම හරි කියලාද? රටේ හැම දෙයකටම බදු කෙලපුවා උබට පේන්නේ නැද්ද? තවම උඹ යැපෙන්නේ දෙමව්පියොන්ගෙන්ද? පොඩ්ඩක් එලි පෙහෙලියට බැහැලා බලපන් රටේ මොකද වෙන්නේ කියලා.. මම නම් ෆේස්බුක් පාවිච්චි කරන්නේම නෑ මචෝ... එලකිරියේ විතරයි ඉන්නේ. ඒ නිසා මම ෆෙස්බුක් කල්ලියේ නෙවෙයි, හැබැයි උඹ නම් මංගලගේ ෆේස්බුක් කල්ලියේ වගේ පේනවා:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රී වයි පයි......
    ගුග්ල් ලූන්.....
    වොක්ස්වැගන් රැකියා....
    මේ රජය නාවනම් මේව ලැබෙයිද......????
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මොකෙකුටවත් කඩේ යන කේස් එකක් නෙවෙයි බන්. මිල අඩු කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? දැන් ඉතින් උඹ කියන්නේ යොර්ගට් කාලා භූමිතෙල් ටිකකුත් බීලා ඒකේ අමාරුව යන්න සමහන් බිව්වම හරි කියලාද? රටේ හැම දෙයකටම බදු කෙලපුවා උබට පේන්නේ නැද්ද? තවම උඹ යැපෙන්නේ දෙමව්පියොන්ගෙන්ද? පොඩ්ඩක් එලි පෙහෙලියට බැහැලා බලපන් රටේ මොකද වෙන්නේ කියලා.. මම නම් ෆේස්බුක් පාවිච්චි කරන්නේම නෑ මචෝ... එලකිරියේ විතරයි ඉන්නේ. ඒ නිසා මම ෆෙස්බුක් කල්ලියේ නෙවෙයි, හැබැයි උඹ නම් මංගලගේ ෆේස්බුක් කල්ලියේ වගේ පේනවා:lol:

    uba rata patalagena machan :P poddak hemin ayeth kiyawapan kiyala thiyena eka ;)