සුකිරී බටිල්ලන්ගේ ගීතය
සොදුරු දසුන් ඇස තවරා ඇස සනසාගනිල්ලා
මියුරු බොජුන් දිව රදවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැද පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ලිදේ දිය බොර කර මුහුදට ආවඩල්ලා
දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
කලදුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කව් සිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කලා බයිලා පොළට ඇවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා
- නන්දා මාලනී -