සුකිරි බටිල්ලන්ගේ ගීතය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    සුකිරි බටිල්ලන්ගේ ගීතය


    සොදුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
    මියුරු බොජුන් දිව රදවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැද පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා

    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    බීපු ‍ළිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා
    දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
    කල දුටු කල වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

    දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
    කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
    සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
    රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා


    ගීතය: නන්දා මාලනී
    පද රචනය: සුනිල් ආරියරත්න

    ගීතය: http://bit.ly/14cAAFq