බලහල්ලකෝ මේ සින්දුව අද කාලෙට කොච්චර ගැලපෙනවද කියලා. 1980 ගණන් වල හදපු නන්දා මාලිනි ගයන සුකිරි බටිල්ලන්ගේ ගීතය.
සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා..
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා...
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා...
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා...
වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා...
බීපු ළිඳේ දිය බොර කර මූදට ආවඩල්ලා...
දනින් වැටී නළල ඔබා නිල තල අර ගනිල්ලා...
කල දුටු කළ වල ඉහ ගෙන මඩි තර කර ගනිල්ලා...
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහි වරෙල්ලා...
කව්සිළුමිණ අමාවතුර කසළ ගොඩට දමල්ලා...
සුකිරි බටිල්ලන් එක්කල බයිලා පොළට ඇවිල්ලා...
රවිකිඤා තාල අනුව කපිරිඤා ගයල්ලා...

Last edited: