අද (29) දහවල් 1.30ට පමණ කොස්ගම නගර මධ්‍යයේ දී සුඛෝපභෝගී ජීප් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
කොට්ටාවේ සිට කතරගම බලා ගමන් කරමින් තිබූ ජීප් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ගිනිගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇත.
කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමග එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනා ජීප් රථයෙන් බැස දිවි බේරාගෙන ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
ජීප් රථය ගිනි ගනිමින් තිබිය දී මාර්ගය ආසන්නයේ නතර කර ඇති අතර, එහි තිබූ ගමන් මලු ඒ අසල වු වෙළෙඳසැළක් ඉදිරිපිට තබා තිබේ.
පසුව ඒ පිළිබඳ අකමැත්ත පළ කරමින් එම වෙළෙඳසැල් හිමියා හා තවත් පිරිසක් ආවේගශීලිව හැසිරුණු බවත් ගිනි ගත් ජීප් රථයේ රියදුරුට බැන වැඳුන බවත් අප වාර්තාකරු පැවසීය.
මේ හේතුවෙන් පමණ කාලයක් මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති අතර, පසුව කොස්ගම පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.
ප්‍රදේශවාසීන් හා අවිස්සාවේල්ල අපනයන සැකසුම් කලාපයේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දමා ඇතත්,
ජීප් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ..