ජාතික උරුමය රකින්නට පත් වූ මහජනතාවගේ බදු මුදලින් කන වැඩකට නැති සෙවල ඇමතියන්ද පුරාවිද්‍යා බලධරයන්ද තවමත් මර නින්දේය." පොළොන්නරු රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එම සංවිධානයේ නිලධාරීන් ඊයේ පොළොන්නරුව සිරි පුර ප්‍රදේශයට පැමිණියහ. එම අවස්ථාව වන විටත් පුරාවිද්යාභූමියක් තුළ (බලපත්‍රයක් ඇතිව) පවත්වාගෙන ගිය ගල්කොරියේ කටයුතු සිදුවෙමින් පැවති අතර පුරා විද්‍යා නටඹුන්වලට කර ඇති විනාශය පිළිබදව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා දැනුවත් කරමින් ඉල්ලා ඇත්තේ සිදුවන පුරාවස්තු සංහාරය වහා නැවැත්වීම සඳහා නුවරගල රූමස්සල කන්දේ පවත්වාගෙන යන මහා පරිමාණ ගල්මෝල් පරිශ්‍රය වහා තහනම් කරන ලෙසයි. එම ඉල්ලීමට අධ්යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කළ බව ද උන්වහන්සේ කියා සිටිති. ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණදේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මව සුගලා දේවිය වේ. රණකාමී වීර කතක් ලෙස සැලකේ. දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂාකොට පුතුවූ මාණාභරණ රජ වෙත භාරදී ඇත. මාණභරණ රජගේ මරණින් පසු රජරට රජකල පළමුවන පරාක්‍රමබාහු රජ රුහුණ ආක්‍රමණය කර සුගලා දේවිය ජීවග්රහයෙන් අල්වා දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තම භාරට ගෙන ඇත. පසුව එතුමිය පොළොන්නරුවට රැගෙනගොස් එහි ජීවත් විමට සැලැස්සු අතර එතුමියගේ මරණින් පසු එතුමියගේ දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කල බව ජනප්රවාදයේ සඳහන්ය.ගල්කොරිකරුවා විසින් විනාශ කරදමා ඇත්තේ මෙම සංරක්ෂිත දේහය බව පැවසේ. මේ රටේ පෞඩ ඉතිහාසය මහ පොලොවටම සමතලා කර පුරා වස්තූ විනාස කරන්න බලපත්‍ර දුන් පුරාවිද්‍යාවේ අමන බලධාරීන් මෙයට සම්මාදම් වී තිබීම ගැන මුලුමහත් ජාතියටම කර ඇත්තේ දුෂ්ඨ ක්‍රියාවකි. මේ විනාශය කළ පාපතරයින් අල්ලා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු අතර, නොනැවතී සිදුවන මේ සහගහන ඓතිහාසික සංහාරයට ඉඩදි බලාසිටියා දැන් හොදටම ඇතිය. අන්‍යගමික අන්තවාදීන් මෙන්ම බඩගෝස්තරවාදී දේශපාලන නරුමයන්ද තරගයට මෙන් සිංහලයාගේ උරුමය පොළොවට සමතලා කරද්දී ජාතික උරුමය රකින්නට පත් වූ මහජනතාවගේ බදු මුදලින් කන වැඩකට නැති සෙවල ඇමතියන්ද පුරාවිද්‍යා බලධරයන්ද තවමත් මර නින්දේය. මේ පළමු අවස්ථාව නොව, ජාතියේ කරුමයට අවසාන අවස්ථාවද නොවනු ඇත. මේ රටේ උරුමක්කාරයන් වන අපි තව දුරටත් මේවා දෙස නිහඩව නිවටව බලා සිටිනවානම් අපි අපේ දරුවන්ගේ අනාගතයටත්, ලේ කදුළු හෙලා ජාතිය ගොඩ නැගූ අතීත රජ දරුවන්ටත් කරන්නේ මහා ද්‍රෝහීකමකි. දේශපාලන බඩගොස්තරය වෙනුවෙන්ම කැප වූ අවස්ථාවාදී පාලකයින් දැනටමත් අපේ වර්ථමානයත්, ජාතියේ අනාගතයත් අන්‍යාගමිකයන්ට බිළි දී ඇති අවස්ථාවක අතීත උරුමයවත් ඒ හැටියෙන්ම අපේ අනාගත පරපුරට දායාද කර දීමේ පරම යුතුකම වෙනුවෙන් සියළුම සිංහලයන් දැන්වත් පෙරට පැමිණිය යුතුය.
FB: vision
mee harakma thama.thx for sharing macho

)
කතා කරලා වැඩක් නෑ..... 