ගලබැද්ද බිසෝ පොකුණ

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    8ED5F414-C5BA-462A-9C99-099FBE715DD5.jpeg
    දළදා පූජාවලියේ සඳහන් වන රුහුණේ උදුන්දොර අමරගිරි පර්වතය සමීපයේ දළදා වහන්සේ සුරක්ෂිත කර තිබූ බව පැවසෙන වර්තමාන මොනරාගල, මරගල කන්ද සමීපයේ ගලබැද්ද නම් ප්‍රදේශයේ හුදකලා වු පුරාවිද්‍යා ස්ථානයක් මෙහි දැක්වෙයි.

    රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකෙන දළදා වහන්සේ හා පාත්‍ර ධාතූන් 12 වන සියවසේ දී සුගලා දේවිය සමීපයේ පැවතීම නිසා රෝහණ දේශයේ රජ කිරුළ ඇය සතු ලෙස පිලිගත් සේම පරාක්‍රමබාහුගේ රෝහණය ආක්‍රමණයේ දී රුහුණේ ජනතාව ඇය වටා එකතූ වී ඇත.

    විජයබාහු රජුගේ මිනිපිරියක හා පරාක්‍රමබාහුගේ නැන්දණියක් වූ ඇය සටන්කාමී රැජිණක් ලෙස සමාජයේ පිළිගෙන ඇති අතර පරාක්‍රමබාහු රජු සමග දීර්ඝ කාලයක මහා සටන් අතර දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් ආරක්ෂා කළ බව වාර්තා වෙයි.

    කෙසේ නමුත් උදුන්දොර නම් වර්තමාන මොනරාගල, ගලේබැද්ද බිසෝ පොකුණ නම් වු පොළොන්නරු යුගයට අයත් මෙම නටබුන් තුළින් සුගලා දේවිය මතකයට ගෙන එයි.

    වර්තමානයේ හුදකලාව ඇති මෙම ස්තානය ආශ්‍රිත මෙහෙණි ආරාමයක් දැකිය හැකි අතර මොනරාගල - පොතුවිල් මාර්ගයේ ගමන් කිරීමේ දී ප්‍රවේශ විය හැක.
    by: ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය

    BISO POND (Queen’s Pond) GALABEDDA, MONARAGALA | 4K ගලබැද්ද බිසෝ පොකුණ