සුජීව හැන්ගෙයි; දයාසිරි පැනයයි; විවාදය කලš
බස්නාහිර පලාත් සභා මන්ත්රී සුජීව සේනසිංහ ඊයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වු විශේෂ රතුඉර වැඩසටහන මගහැරීම හේතුවෙන් සරත් ෆොන්සේකාගේ සහ ඔහුගේ බෑනාගේ Hicorp වංචාව පිළිබද විවාදය කල් දැමීමට නිෂ්පාදක කණ්ඩායමට සිදුවිය.
ආණ්ඩුව නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ සහභාගී වූ අතර විපක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර සහභාගී විය. වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මෙම විවාදය සදහා දෙදෙනෙකු බැගින් සහභාගීකරවන ලෙස දන්වා තිබූ නමුත් විපක්ෂය වෙනුවෙන් ආරාධනා ලැබ තිබූ සුජීව සේනසිංහගේ නොපැමිණිම හේතුවෙන් රතුඉර වැඩසටහන කඩාකප්පල් විය.
මේ හේතුවෙන් දයාසිරි ජයසේකරට තනිවම දෙදෙනෙකු සමග විවාද කල නොහැකි නිසා තමා විවාදයෙන් ඉවත් වන බවත් වෙනත් ඕනෑම දිනයක විවාදය සදහා සූදානම් බවත් පැවසීය.
රටේ බහුතර ජනතාවක් ඉතා උනන්දුවෙන් නැරඹීමට සිටි මෙම විශේෂ රතුඉර වැඩසටහන බලාපොරොත්තු රහිත ආකාරයෙන් නිමා කිරීමට සිදු වූයේ සුජීව සේනසිංහ පලාත් සභා මන්ත්රී වරයාගේ වගකීමක් රහිත ක්රියාව නිසාය. ඔහු වැඩසටහන මගහැරියා පමණක් නොව ඔහුගේ නොපැමිණීම නිෂ්පාදක කණ්ඩායමට දැන්වීමටවත් ශිෂ්ඨසම්පන්න නොවීය.
කෙසේ වෙතත් අවසානයේ දයාසිරි ජයසේකර විවාදයෙන් ඉවත්ව යන ලදී.