සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු | මෝඝරාජ සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,709
    2,154
    113


    ආයුෂ්මත් මොඝරාජ මෙසේ ඇසීය : මම දෙවටක් ශාක්‍ය මුනිහු විචාළෙමි, පසැස් ඇති මුනිහු මට නො දෙසූහ. දෙවර්ෂීහු තෙවනුවට දක්වා විචාරන ලද්දාහු ප්‍ර‍කාශ කරන්නාහ‘යි මා විසින් අසන ලද.
    මෙ මිනිස්ලෝ වැසි තෙමේ ද, අන්ලෝ වැසි තෙමේ ද දෙවියන් සහිත බඹලො වැසි තෙමේ ද යශස්වි වු ගෞතම ගොත්‍ර‍ ඇති මුඹ වහන්සේගේ දෘෂ්ටිය නොදන්නේ ය.
    මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ කරා පැන පුළුවුස්නෙන් අර්ථී ව ආයෙමි. ලොව කිසෙයින් බලන්නාහු මෘත්‍යූරාජ තෙමේ නො දක්නේ ද?

    මෝඝරාජය හැමකල්හි ස්මෘතිමත් වැ සත්කාය දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය හෙයින් බලව, මෙ සෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි මෙසෙයින් ලොව දක්නහු මෘත්‍යුරාජ තෙම නොදක්නේ යයි.
     
    • Like
    Reactions: Yeezus