සුටින්,මාටින්,ඊටින්

සුටින්,මාටින්,ඊටින්

ඔන්න එකෝමත් එක රටක ධීවරයින් 3 දෙනෙක් හිටිය සුටින්,මාටින්,ඊටින් කියල..


දවසක් මේ තුන් දෙන මුදු යද්දී..ඔරුව කුණාටුවකට අහු උනා..
ඊට පස්සේ මේ තුන් දෙන යන්තම් ලී කොටේක එල්ලිලා..පාලු දුපතකට පා වෙලා ආවා..
ඉතින් ඔහොම අවුරුදු ගණනක් ගෙවිල ගියා,,මේ ගොල්ලෝ රැවුල්,කොන්ඩ වවාගෙන කන්ඩ දෙයක් හරියට නැතුව,
පුදුම කට්ටක් තමයි කෑවේ,
දවසක් මේ තුන් දෙන වෙරළට වෙලා ඉන්නකොට..කුප්පියක් රැල්ලත් එක්ක ගහගෙන ආවා..
සූටින් දුවල ගිහින් කුප්පිය අහුලාගෙන මූඩිය ඇරියම මෙන්න බොලේ තඩි භූතයෙක් එලියට ආපි!..දැන් මේ භූතයා මෙහෙම කියනවා..



"අනේ කල්ප ගණනක් මම හිරවෙලා හිටිය මේ කුප්පියෙන් මාව එලියට ගත්තට ඔබ තුමාලට තැන්ක්ස් අලොට්,,මම ප්‍රති උපකාරයක් විදිහට
ඔබ තුමාලා එක්කෙනාට එක ගානේ වර තුනක් දෙනවා"
..කියල..
සූටින් කිව්වලු


"අනේ මිස්ටර් භූත..මාව ගෙදර ගිහින් දාන්න"..

කියල ඉතින් භුතය ඌස්වාආහං පුහ් පුහ් කියල සූටින් ව ගෙදර ගිහින් දැම්මලු..


ඊලගට මාටින් ඉල්ලුවෙත් ඒකමලු..ඉතින් භූතයා මාටින්වත් ගෙදර ගිහින් දැම්මලු..



දැන් ඊටින් ගේ වරෙලු..ඊටින් දැන් මෙහෙම කියනවලු..



"හෆොයි..මොකක්ද ඕයි ඒ කරපු කැත වැඩේ??..අපී තුන් දෙන දෙන කොච්චර කාලයක් එකට එකට හිටියද??මට උන් දෙන්න නැතුව ෆට්ට පාලුයි ඕයි....
මෙන්න මෙහෙ උන් දෙන්නව ආපහු ගෙනල්ල දෙනවා පව් නොදී ",,කිව්වලු..



ඉතින් භුතයත් ඌස්වාආහං පුහ් පුහ් කියල සූටින් වයි..මාටින් වයි අයෙත් දුපතටම ගෙනල්ල දාල වැනිෂ් උනාලු. :lol::lol::lol::lol:




++REP හොදේ