සුදර්මා නිවෙසේ මෙහෙකාරියගේ මරණයේ සැකකරුවන් හදුනා ගැනෙති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සාක්කිකරුවෝ සැකකරුවන් තිදෙනා අද හඳුනාගනු ලැබූහ.

    හඳුනාගැනීමේ පෙරට්ටුව සදහා සාක්ෂිකරුවන් වශයෙන් ව්‍යාපාරික සුදර්මා නෙත්තිකුමාර, ඇයගේ සේවිකාව, රියැදුරු සහ මියගිය මෙහෙකාරිය සේවයට ලබාදුන් බ්‍රෝකර්වරයා ඇතුලු පස් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    ඒ අනුව සැකකරුවන් තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිකඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර, පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමචන්ද්‍ර බස්නායක, ගාමිණී ජයසිංහ සහ පොලිස් කොස්තාපල් මාලිංග ජයවර්ධන යන අයවලුන්ය.