සුද්දන්ගේ යුක්‌තිය ඉල්ලන අයට...
අපේ රටේ යුද අපරාධ සොයන්නට විදේශීය විනිශ්චයකාරවරුන් එපා යෑයි පසුගියදා මෙරට සමාජයෙන් විශාල විරෝධයක් එල්ල විණි. නොබෝදා සම්මත කළ අතුරුදන් කිරීම පිළිබඳ පනතේදීද එවැනිම විරෝධතාවක් මතුවිණි.
අපේ වැඩවලට සුද්දා මොකටදැයි යන්න විරෝධයේ සරල තේරුම විය. සුද්දා සම්බන්ධ වන්නේ හොඳකට නොවේ යෑයි යන්න ඊළඟ සාධාරණ සැකයයි.
මේ සැකය ඇති වන්නේ අහම්බයකින් නොවේ. මෙය ඉතිහාසයේ සිට පැවත එන සැකයකි.
අතුරුදන් වීම් ගැන සොයන කොමිෂන් කාර්යාලයට විදේශික සහාය ලබා ගැනීමට මෙන්ම විදේශීය මුදල් ආධාර ලබා ගැනීමටද හැකියාව ඇතැයි කියෑවේ. සුද්දා සම්බන්ධ වන කටයුතුවලින් අපට අයහපත සිදු වූ බව ඉතිහාසය පුරාම දිස්‌වන කරුණකි.
සුද්දාගෙන් සාධාරණය ඉෂ්ට නොවන්නේය යන්න ලංකාවාසී ජනතාව අත්දැක තිබෙන දෙයකි. අදටත් අප සුද්දා සැක කරන්නේ එබැවිනි.
වල්ගම්පාය නඩුව ශ්‍රී ලංකා ඉතිහාසයයේ නඩු අතර සුප්‍රසිද්ධ නඩු විභාගයකි. වල්ගම්පාය නඩුව සුද්දා ශ්‍රී ලාංකිකයනට සැලකු ආකාරය කියා පාන කදිම නඩු විභාගයකි.
මේ කියන්නට හදන්නේ ඒ නඩුව ගැනය.
1916 ජුලි 07 දා මහනුවර දිස්‌ත්‍රික් උසාවියේ මෙම නඩුව පවරන ලද්දේ කොලුගල වල්ගම්පාය ලොකු මැණිකා කුමාරිහාමි විසිනි. තම ස්‌වාමිපුරුෂයා වූද බාල වයස්‌කාර දරු සිව් දෙනාගේ පියා වූද පුංචි බණ්‌ඩා වල්ගම්පාය බස්‌නායක නිලමෙතුමාගේ මරණය නීති විරෝධී ලෙස සිදු කිරීම හේතු කොට ගෙන රු. 50,000 ක වන්දියක් ඉල්ලා එච්. එල්. ඩව්බිගින් මහතාට විරුද්ධවය. ඩව්බිගින් යනු එවකට ලංකාවේ සිටි පොලිස්‌පතිවරයාය.
පැමිණිල්ල මෙහෙය වූයේ සුප්‍රසිද්ධ නීතිවේදියෙකු වූ ජොර්ඡ්. ඊ. ද සිල්වා මහතාය. පැමිණිල්ල එකලස් කළේ රාජ නීතිඥ බාවා, රාජ නීතිඥ ඊ. ජී. සමරවික්‍රම, සී. එස්. රාජරත්නම් සහ ඒ. ඒ. පෙරේරා යන දක්‌ෂ නීතිඥ මණ්‌ඩලයක් විසිනි.
පොලිස්‌පති ඩව්බිගින් වෙනුවෙන් පෙනී සිටියේ ලීචිං සහ ලීද යන නීතිඥයන්ය. එමෙන්ම සොලිසිටර් ජනරාල් ටී. එෆ්. ගාර්ටින් නිල වශයෙන් රජය වෙනුවෙන් පොලිස්‌පති වෙනුවෙන් පෙනී සිටියේය.
වල්ගම්පාය නිලමේතුමා යහපත් මිනිසෙකු විය. ගඩලාදෙණිය විහාරස්‌ථානයේ සහ ගඩලාදෙණිය දේවාලයේ කටයුතු කෙරුණේ ඔහු අතිනි. හේ රහමෙර පානයෙන් තොර වූවෙකි.
ඔහු උදේ 7.00 ට පමණ ගෙදරින් පිට වූයේ කොළඹ - නුවර පාර අසබඩ ඔහු වවන තේ ඉඩමට යැම සඳහාය. මේ දිනවල මහනුවර ප්‍රදේශයේ සිංහල මුස්‌ලිම් කෝලහලයක් ඇවිල තිබිණි. සිංහලයන් මුස්‌ලිම් මිනිසුන්ගේ කඩ ගිනි තබා තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් මහනුවර සිට මුස්‌ලිම් කණ්‌ඩායමක් අවි ආයුධ රැගෙන ගඩලාදෙණිය දේවාලයට පහර දෙන්නට එන බව ආරංචි වී සිංහල පිරිසක් ගඩලාදෙණිය දේවාලය අසල රැස්‌ව සිටියහ.
වල්ගම්පාය නිලමේ තේ ඉඩම වෙත ගියේ දේවාලය හරහාය. රැස්‌ව සිටි පිරිස සමඟ කතා බහ කළ ඔහු පිරිසට ගෙවල් බලා යන්නැයි කියමින් තේ ඉඩම බලා පිටත්ව ගියේය. ඔහුගේ සහායට අබිලීනු නමැති ගැමියෙකුද පසුපසින් ගමන් කළේය. ඔවුන් දෙදෙනා මහ පාරට පැමිණෙනවාත් සමඟම පැමිණි මෝටර් රථ කිහිපයක් නතර කරනු ලැබීය.
පොලිස් භටයෝ සහ පන්ජාබ් යුද භටයෝ ඒ රථවලින් බිමට බටහ. ඔවුන් පාරේ යමින් සිටි හෙන්ද්‍රික් සහ ගාබ්‍රියෙල් යන අහිංසක ගැමියන් දෙදෙනා අල්ලා බැඳ දැමූහ. ඒ අතර බාන කඩාගෙන දුමන තම හරකා අල්ලා ගැනීමට පාර දිගේ දිව ගිය පිනා නමැති මහල්ලා අල්ලා ගත් පොලිස් භටයෝ ඒ මහලු මිනිසාට පහර දෙන්නට වූහ.
වල්ගම්පාය නිලමේ ඉදිරියට ගොස් මේ මිනිසාට පහර දෙන්නේ ඇයි දැයි ඇසීය.
ඔබ කවරෙක් දැයි යුද ඇඳුමෙන් සැරසී සිටි උස් මිනිසෙක් ඇසීය.
" මම ගඩලාදෙණිය දේවාලයේ බස්‌නායක නිලමේ"
" මොහු ලොරියට දමන්න" යෑයි හේ පොලිස් භටයන්ට අණ දුන්නේය. පන්ජාබ් භටයෝ බස්‌නායක නිලමේ ලොරිය දෙසට තල්ලු කර කරන්නට වූහ. බස්‌නායක නිලමේ ඊට විරෝධය පා ලොරිය වෙත යැම ප්‍රතික්‍ෂේප කළේය.
එවිට පොලිස් භටයෙක් බැටන් පොල්ලෙන් ඔහුට පහර දුන්නේය. මෙවිට වල්ගම්පාය නිලමේ කෑගසමින් දඟලන්නට විය. පන්ජාබ් භටයෙක් බයිනෙත්තුවෙන් ඔහුට ඇන්නේය. ඒ පහරින් නිලමේ බිම ඇද වැටිණි. ඔහුගේ හිසෙන් ලේ ගලන්නට විය. සිරුරේ එක් පසෙකින්ද ලේ ගලමින් තිබිණි. ඒ තත්ත්වය ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්‌වූ ලොරිය භාරව සිටි තැනැත්තා වහාම නිලමේගේ දැතට විලංගු දමනු ලැබීය. ඊළඟට පිනාද හෙන්ද්‍රික්‌ද ගේa්‍රබ්‍රියෙල් ද සමඟ නිලමේද ලොරියට පටවනු ලැබීය. ඉක්‌බිති ඉලුක්‌වත්තේදී දෙදෙනෙක්‌ද හංවැල්ලෙන් දෙදෙනෙක්‌ද කඩුගන්නාවෙන් දෙදෙනෙක්‌ද පේරාදෙණිය හන්දියෙන් දෙදෙනෙක්‌ද ආදී වශයෙන් මිනිසුන් අල්ලා ගෙන ලොරිය මහනුවර පරණ හිර ගෙදරට ළඟා වන විට ප.ව. 1.00 පසුවී තිබුණි. හිරකරුවන් ලොරියෙන් එළියට ගත්aතේ එතැනදීය.
තුවාලකරු නිලමේ සිටියේ මරණාසන්න තත්ත්වයේය. පොලිස් භටයන් කිහිප දෙනකු විසින් ඔහු ලොරියෙන් පිටතට එසවූ කල්හි මැරී නැත්නම් මැරී යන තත්ත්වයක සිටිනා බව හඟවමින් ඔහුගේ හිස පැත්තකට එල්ලෙමින් තිබුණි. මෙහිදී ඔහු රික්‌ෂෝවක තබා රෝහලට ගෙන යන ලදී. ඒ වන විට නිලමේ මියගොස් තිබුණි. රෝහලේ වෛද්‍යවරයා මළ සිරුර භාර ගැනීම ප්‍රතික්‌ෂේප කළ බැවින් මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලදී.
වල්ගම්පාය නිලමේගේ මාමණ්‌ඩිය දිසානායක මහතා බෞද්ධ සාමයික දේපළ පිළිබඳ කොමිටියේ ලේකම්වරයා ලෙස නුවර පළාතේ වැදගතෙකු විය. ඔහු සිය බෑණන්ඩිය පොලිසියෙන් අල්ලා ගත් බව දැනගත්තේ එදින සවසය. රටේ තත්ත්වය අයහපත් බැවින් එදින රාත්‍රියේ පිටත නොගිය හේ පසුවදා මහනුවර ගියේය.
තම බෑණන්ඩිය මැරී ඇති බවත් ඔහුගේ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් ඔහු දැන ගත්තේ දහවල් 12.00 ට පමණය. දිසානායක මහතා ඇටර්නි ජනරල් තැන්පත් ශ්‍රීමත් ඇන්ටන් බර්ට්‍රම්ගෙන් ඉල්ලා සිටියේ තම බෑණාගේ මරණය පිළිබඳ පරීක්‌ෂණයක් කරන ලෙසය.
" ඔබ විසින් ගෙනෙන ලද බස්‌නායක නිලමේ මැරී ඇත. පරීක්‌ෂණයේදී ඔබේ පෙනී සිටීම අවශ්‍ය වෙයි."
මහනුවර පොලිස් සුපිරින්ටෙන්ඩන්වරයා පොලිස්‌පති ඩව්බිගින්ට විදුලි පුවතක් යෑවූ නමුදු අද වාගේම එදාද පොලිස්‌පති පෙනී සිටියේ නැත.
මරණ පරීක්‌ෂණය කළ අධිකරණ වෛද්‍යවරයා කීවේ බහු විධ තුවාල අතරින් හිසෙහි වූ තුවාලය මාරාන්තික බවය.
හදිසි මරණ පරීක්‌ෂක ඉදිරියේ සාක්‌ෂි දුන් වල්ගම්පාය නිලමේ අත්අඩංගුවට ගත් හියුස් නමැත්තා කීවේ නිලමේ පිහියක් උලුක් කරමින් තර්ජනාත්මකව හැසිරුණු බවත්, එවිට ඔහුගේ හිසට භටයෙකු විසින් පහර දුන් බවත් එවිට ඔහු වැටුණු බවත්ය. කොටින්ම කිවහොත් නිලමේ පොර බැඳීම නිසා මෙය සිදු වූ බවයි ඔහු කියා සිටියේ. මේ සාක්‌ෂිය පමණක් සටහන් කර ගත් හදිසි මරණ පරීක්‌ෂකවරයා මෙය හදිසි මරණයක් ලෙස තීන්දු කළේය. නිලමේගේ මරණය පිළිබඳ සිද්ධිය එලෙස එතෙකින් අවසන් විය.
මේ සිද්ධියෙන් කලකට පසු ජාති හිතෛෂියෙකු වූ ඊ. ඩබ්. පෙරේරා මහතා එංගලන්තයට ගොස් බ්‍රිතාන්‍ය පාලකයන් ශ්‍රී ලංකාවේ කරන ලද කෘර අපරාධ පිළිබඳව එංගලන්තයේ විදේශ භාර ලේකම්වරයාට දිගින් දිගට පැමිණිලි කරන්නට විය. එහෙත් ප්‍රතිඵලදායි නොවීය.
සිය බෑණාගේ මරණය වෙනුවෙන් එංගලන්ත පාලකයන් කළ අයුක්‌තිය වෙනුවෙන් දිසානායක මහතා පොලිස්‌පති විත්තිකරු ලෙස නම් කොට රු.50,000 ක වන්දියක් ඉල්ලා නඩු පැවරුවේ මේ තත්ත්වය යටතේය.
මෙහිදී වල්ගම්පාය නිලමේතුමා අල්ලා පහර දුන් සැටි සත්‍ය වශයෙන්ම ඇසින් දුඩු අබිලීනු, පිනා, ගෙබ්‍රියෙල්, හෙන්ද්‍රික් දේවාලයේ කපුරාල සහ විදානේ යන අයවලුන් පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දුන්හ.
ඒ හැම සාක්‌ෂියක්‌ම ඇසින් දුටු ඒවා බැවින් වග උත්කාර පක්‌ෂයට හරස් ප්‍රශ්aනවලදී බිඳීමට හැකි වූයේ නැත.
විත්තියද ඩව්බිගින් පොලිස්‌පති ඇතුළු පන්ජාබ් යුද භටයෝ සහ පොලිස් භටයෝ සාක්‌ෂියට කැඳවූහ. ඔවුන් කීවේ බස්‌නායක නිලමේ පිහියක් අත දරා කලබල කළ හෙයින් පහර දෙන්නට සිදුවූ බවය.
උසාවියේ රැස්‌ව සිට සියලු දෙනාම සිතා සිටියේ වල්ගම්පාය පාර්ශ්වය නඩුව ජයග්‍රහණය කරනු ඇති බවය.
එහෙත් විනිශ්චයකාරවරයාගේ ප්‍රකාශය හාත් පසින්ම වෙනස් එකක් විය. විනිශ්චයකරු කීවේ " කැරලිකාර බෞද්ධ රොත්ත" එකතු වීම නිසා වල්ගම්පාය නිලමේ මේ සිද්ධියට ඈඳී ඇති බවය. නිලමේ පාරට ආවේ ඇයි දැයි විනිසුරු ප්‍රශ්න කරයි. කලබල කළ නිසා ඔහු පහර කෑමට ලක්‌ව ඇතැයි හේ කීවේය.
ඩව්බිගින් පොලිස්‌පතිගේ නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ කැරළි කෝලහාල මැඬ පැවැත්වීමේ නීති ප්‍රතිපාදන යටතේ යෑයිද විනිශ්චයකාර තෙම විශ්වාසය පළ කළේය.
අනිත් අතට පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාවක යෙදෙන්නේ නම් එය සිද්ධියෙන් තුන් මසකට පෙරාතුව කළ යුතු යෑයි නීතියක් තිබෙන බවද මේ නඩුව පවරා ඇත්තේ තුන් මසකට පසුව බවද කියා සිටියේය.
නඩුකාරයා කියා සිටියේ ඒ හේතු මත මේ නඩුව ඉවත දමන බවය.
වල්ගම්පාය තීන්දුව බ්‍රිතාන්‍ය පාලන සමයේ දේශීය සිංහල බෞද්ධයාට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය කියාපාන නඩු තීන්දුවකි. මේ තීන්දුව දෙනු ලැබුවේ මෙයින් වසර 100 කට පෙරදීය. අවු. 100 ක් ගතවී ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ පද්ධතිය දියුණු වී තිබෙන අද යුගයේ වුවද නීතිය මෙලෙස අවකල්හි යෙදෙන අවස්‌ථා තිබේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියමන කිසිදා පැරණි වන්නේ නැත.
මේ නඩු තීන්දුව දෙනු ලැබුවේ මෙයින් අවුරුදු සීයකට පෙරදීය. අදත් පොලිසියට හෝ රජයට එරෙහි නඩුවක් නම් එය වල්ගම්පාය තීන්දුවක් වීමට තිබෙන ඉඩ කඩ වැඩිය.
Source - Divaina News paper