සුද්දන්ව_බය කර සල්ලි අරන් පනී
සීගිරිය ප්‍රදේශයේ සංචාරකයන් ලැඟුම් ගෙන සිටි හෝටලයකට ඇතුළු වූ පිරිසක් විදේශීය සංචාරකයන් බියගන්වා පහර දී ඔවුන් සතු මුදල් දේපල කොල්ලකා පලා ගොස් ඇතැයි සීගිරිය පොලීසිය කියයි.
සීගිරිය ගල ආසන්නයේ මෙම සංචාරක හෝටලය පිහිටා තිබේ.
අද(06) දින අලුයම 2 ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණය කොට මෙම සංචාරක හෝටලයට ඇතුළු වී එහි සංචාරකයන් ළැගුම් ගෙන සිටි කාමර කිහිපයකට ජනෙල් විවෘත කොට ඇතුළු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සීගිරිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර එහිදී සිද්ධිය වූ සංචාරක හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් හෝ ආරක්ෂක නිලධාරීන් නොමැති වීම නිසා අවට ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාකර බැලීමේදී අලුයම 2.15 ට පමණ තරුණයන් කණ්ඩායමක් එම හෝටලයේ ආසන්නයේ සිට ප්‍රධාන මාර්ගයේ දිව යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මෙම සංචාරකයන් ළැගුම්ගෙන සිටි හෝටලයේ රාත්‍රී සේවකයා කියා සිටියේ, එකවරම අලුයම පුද්ගලයන් පස් දෙනකු පොලු අතැතිව පැමිණ තමන්ට පහර දීමට උත්සාහ කොට පසුව විදේශිකයන් සතු මුදල් කොල්ල කා පලා ගිය බවයි.
කෙසේ වෙතත් රටවල් 4ක පමණ මිතුරන් පිරිසක් මෙම සංචාරක හෝටලයේ ලැගුම් ගෙන සිට ඇති බව පොලීසිය කියයි.
එහිදී එක සංචාරකයෙකුට මෙම මංකොල්ල කණ්ඩායම විසින් පහර දී තිබෙන අතර ඔහු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
කෙසේවෙතත් එම සංචාරකයන් මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කර තිබේ.
පසුගිය දින කිහිපයේම දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ සහ සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ සංචාරකයන් ලැගුම් ගෙන සිටින හෝටවලට මෙයාකාරයෙන් කණ්ඩායම් ඇතුළු වී විශාල මුදල් මංකොල්ල කා ගෙන ගොස් ඇතැයි පසුගිය දිනවල වාර්තා වුවද එහි සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තවමත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.
විදේශීය සංචාරකයන්ට ලැගුම් ගන්නා මෙවැනි සංචාරක හෝටල්වල ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි නොකිරීම නිසා මෙම අපරාධ මැඩලීමට බොහෝදුරට අපහසු වී ඇතැයි පොලිසිය කියයි.
කෙසේවෙතත් අවම තරමේ ආරක්ෂක නිලධාරියෙකු හෝ එම හෝටල්වල නවතා නොමැති බවත් ඉතාමත් අනාරක්ෂිත ආකාරයෙන් සංචාරකයින්ගෙන් මුදල් ලබාගෙන ලැගුම්හල් ලබාදුන්නද සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙම සංචාරක හෝටල් හිමියන් අඩුතක්සේරුවක් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. එස්.කේ.රත්නායක මහතා පැවසීය.
පාන්දර සංචාරක නවාතැන් පලකට ඇතුළු වු පිරිසක් විදේශිකයන් බිය ගන්වා මුදල් හා දේපල කොල්ලකයි

.kee denek tourists la hinda jeewath wenawada me rate.