සුද්දන්ව_බය කර සල්ලි අරන් පනී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    සුද්දන්ව_බය කර සල්ලි අරන් පනී

    පාන්දර සංචාරක නවාතැන් පලකට ඇතුළු වු පිරිසක් විදේශිකයන් බිය ගන්වා මුදල් හා දේපල කොල්ලකයි

    සීගිරිය ප්‍රදේශයේ සංචාරකයන් ලැඟුම් ගෙන සිටි හෝටලයකට ඇතුළු වූ පිරිසක් විදේශීය සංචාරකයන් බියගන්වා පහර දී ඔවුන් සතු මුදල් දේපල කොල්ලකා පලා ගොස් ඇතැයි සීගිරිය පොලීසිය කියයි.

    සීගිරිය ගල ආසන්නයේ මෙම සංචාරක හෝටලය පිහිටා තිබේ.

    අද(06) දින අලුයම 2 ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණය කොට මෙම සංචාරක හෝටලයට ඇතුළු වී එහි සංචාරකයන් ළැගුම් ගෙන සිටි කාමර කිහිපයකට ජනෙල් විවෘත කොට ඇතුළු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    සීගිරිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර එහිදී සිද්ධිය වූ සංචාරක හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් හෝ ආරක්ෂක නිලධාරීන් නොමැති වීම නිසා අවට ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාකර බැලීමේදී අලුයම 2.15 ට පමණ තරුණයන් කණ්ඩායමක් එම හෝටලයේ ආසන්නයේ සිට ප්‍රධාන මාර්ගයේ දිව යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

    මෙම සංචාරකයන් ළැගුම්ගෙන සිටි හෝටලයේ රාත්‍රී සේවකයා කියා සිටියේ, එකවරම අලුයම පුද්ගලයන් පස් දෙනකු පොලු අතැතිව පැමිණ තමන්ට පහර දීමට උත්සාහ කොට පසුව විදේශිකයන් සතු මුදල් කොල්ල කා පලා ගිය බවයි.

    කෙසේ වෙතත් රටවල් 4ක පමණ මිතුරන් පිරිසක් මෙම සංචාරක හෝටලයේ ලැගුම් ගෙන සිට ඇති බව පොලීසිය කියයි.

    එහිදී එක සංචාරකයෙකුට මෙම මංකොල්ල කණ්ඩායම විසින් පහර දී තිබෙන අතර ඔහු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

    කෙසේවෙතත් එම සංචාරකයන් මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කර තිබේ.

    පසුගිය දින කිහිපයේම දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ සහ සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ සංචාරකයන් ලැගුම් ගෙන සිටින හෝටවලට මෙයාකාරයෙන් කණ්ඩායම් ඇතුළු වී විශාල මුදල් මංකොල්ල කා ගෙන ගොස් ඇතැයි පසුගිය දිනවල වාර්තා වුවද එහි සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තවමත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

    විදේශීය සංචාරකයන්ට ලැගුම් ගන්නා මෙවැනි සංචාරක හෝටල්වල ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි නොකිරීම නිසා මෙම අපරාධ මැඩලීමට බොහෝදුරට අපහසු වී ඇතැයි පොලිසිය කියයි.

    කෙසේවෙතත් අවම තරමේ ආරක්ෂක නිලධාරියෙකු හෝ එම හෝටල්වල නවතා නොමැති බවත් ඉතාමත් අනාරක්ෂිත ආකාරයෙන් සංචාරකයින්ගෙන් මුදල් ලබාගෙන ලැගුම්හල් ලබාදුන්නද සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙම සංචාරක හෝටල් හිමියන් අඩුතක්සේරුවක් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. එස්.කේ.රත්නායක මහතා පැවසීය.

    1533548455-Robbury_L.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕ ඕ ඔහොම තමයි රටේ අගමැති පොන්න රනිල, මහ බැoකුව කොල්ල කාල බිලියන ගමන් උස්සන එකේ, ඔය පොඩි මනුස්සයෙක් සුද්දෙක්ව බය කරල කීයක් හරි කඩාගත්තට මක්කා වෙනව...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕ ඕ ඔහොම තමයි රටේ අගමැති පොන්න රනිල, මහ බැoකුව කොල්ල කාල බිලියන ගමන් උස්සන එකේ, ඔය පොඩි මනුස්සයෙක් සුද්දෙක්ව බය කරල කීයක් හරි කඩාගත්තට මක්කා වෙනව...

    tho wage harakek moda muslayek. ponila newi thoi ponnaya. lankawata ena suddo tikath adu unama hari thota sathutu athi gota pakawa genna puluwan ne
     
    • Like
    Reactions: pradeeplk1025

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    yako u nemeyi suddange salli horakam karala thiyenne.:lol:

    u newi. balahan u kiyanne ponil bankuwa kadapu nisa normal ekek suddongen salli issuwata kamak na lu.

    oya suddo loweth enne na. eka newi prashne. un owa loke pur publish kalama enna inna unuth enne na.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    tho wage harakek moda muslayek. ponila newi thoi ponnaya. lankawata ena suddo tikath adu unama hari thota sathutu athi gota pakawa genna puluwan ne

    Comments එකකට රුපියල් 100k ද කොහෙද හම්බ වෙනවා වෙන්න ඇති . පවු ජීවත් වෙන්න සල්ලි හොයන්න කරන දේවලට එ මනුස්සයට බයින්න එපා. :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    u newi. balahan u kiyanne ponil bankuwa kadapu nisa normal ekek suddongen salli issuwata kamak na lu.

    oya suddo loweth enne na. eka newi prashne. un owa loke pur publish kalama enna inna unuth enne na.

    u oka nitharama kiyawana ekakne ban.ubala nikan le puchchagannawa.ow meka suluwata ganna baha thama.:yes:.kee denek tourists la hinda jeewath wenawada me rate.:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සංචාරක හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් හෝ ආරක්ෂක නිලධාරීන් නොමැති වීම නිසා

    Yako higana rest house walada dan suddo nawathinbeth cctv wath nathi. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    tho wage harakek moda muslayek. ponila newi thoi ponnaya. lankawata ena suddo tikath adu unama hari thota sathutu athi gota pakawa genna puluwan ne

    ලොල් රිදිල, මම කියුවෙ බොරුද..රටේ අගමැති රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් උස්සපු එකේ ඔය සමන්ය මනුස්සයොත් තමන්ට පුලු පුලුවන් විදිහට සුද්දෙක්ගෙන් හරි හොරාකන්ඩයි තියෙන්නෙ..ඇයි හත්වලාමේ රටේ අගමැති විදිහට පුරවැසියොත් ඉන්ඩ එපැයි..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    yako u nemeyi suddange salli horakam karala thiyenne.:lol:

    :rofl::rofl:

    u newi. balahan u kiyanne ponil bankuwa kadapu nisa normal ekek suddongen salli issuwata kamak na lu.

    oya suddo loweth enne na. eka newi prashne. un owa loke pur publish kalama enna inna unuth enne na.

    ඔව් ඔව් සුද්දො කිරියට ඇවිල්ල, මම සීහලෙන් දාපු එක කියෝල, සිරිලකට එන්නෙ නැතුව් ඉන්නව...ලොල් පොනිල්ගෙ වහලෙක්...:lol::lol::lol::lol::lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔන්න ඕකයි තත්වෙ. ලංකාවට සංචාරයට එනව නම් අඩුම ගානෙ 4 දෙනෙක්ටවත් ගහන්න පුළුවන් වෙලා එන්ඩ. නැත්තම් වෙන දේ පේනවනෙ.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ඕ ඕ ඔහොම තමයි රටේ අගමැති පොන්න රනිල, මහ බැoකුව කොල්ල කාල බිලියන ගමන් උස්සන එකේ, ඔය පොඩි මනුස්සයෙක් සුද්දෙක්ව බය කරල කීයක් හරි කඩාගත්තට මක්කා වෙනව...

    mu nam manasika ledek.. hema reddatama Ponila Ponila kiyala kaa gahanawa...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕ ඕ ඔහොම තමයි රටේ අගමැති පොන්න රනිල, මහ බැoකුව කොල්ල කාල බිලියන ගමන් උස්සන එකේ, ඔය පොඩි මනුස්සයෙක් සුද්දෙක්ව බය කරල කීයක් හරි කඩාගත්තට මක්කා වෙනව...

    Robbing central bank and stealing money from foreigners are different cause of matters my dear

    as i have seen your many posts you are a die hard Rajapakse Supporter and i respect that,

    but if your justifying this by comparing Central bank's bond issue i can imagine why rajapakse's Regime falls so quickly :lol:

    i remember during rajapakse's tenure one of rajapakse's loyal dog rape foreign lady and murdered her husband