සුද්දියකගෙ පිටේ බුදුරුව කෙටීම අපහාසයක් න

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුද්දියකගෙ පිටේ බුදුරුව කෙටීම අපහාසයක් න

    පොප් ගායක එකෝන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සිද්ධිය පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්විය. රජයේ මාධ්‍ය පැවසූ ආකාරයට එම සිද්ධිය හේතුවෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට කුපිත වූ "දේශප්‍රේමී" ජනයාගේ ගල්මුල් ප්‍රහාරයකට ලක්වීමටද සිදුවිය. එම සිදුවීමේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු දැක්වූවන් සියලු දෙනා එම පෞද්ගලික මාධ්‍ය ආයතනයට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළහ. ඔවුන් පෙන්වාදුන්නේ ‍මෙම ගායකයා ගෙන්වීම බෞද්ධ රාජ්‍යයක් වන අපේ රටට මහත් නිගාවක් බවයි. එමෙන්ම එය රටේ සදාචාරය සහ සාරධර්ම පරිහානියට ලක්වීමක් බවද ඔවුන් පැවසීය. ඔවුන් ඒ සදහා එ‍‍කෝන් ගේ ගීතයක ඇතුළත් යැයි කියන දර්ශණයක රූප රාමු කිහිපයක්ද උපුටා දැක්වූයේය.

    කෙසේ වෙතත් ආණ්ඩුවට හදිසියේ මතක්වූ මෙම සදාචාර විරෝධී ක්‍රියාව සිදුකර ඇත්තේද ආණ්ඩුවේම උදවිය බව මේවන විට රට හමුවේ හෙළිදරව්වී හමාරය. දැන් අපට මාධ්‍ය හමුවේ දැක ගත හැකිවන්නේ එ‍කෝන් ගෙන්වීම එකිනෙකා පිට පටවන ආණ්ඩුවේම උදවියගේ සංවාද පමණි.

    වත්මන් ආණ්ඩුව මතට තිත කියා තිතට මත්වන ආකාරයේ ආණ්ඩුවක් බව කවුරුත් දන්නා කාරණයකි.ආණ්ඩුවේ සදාචාර සම්පන්නකමද එවැනිම වූ එකක් බව පෙන්වීමට අපට හැකියාව ලැබී තිබේ. වම් පස ඡායාරූපයේ දැක්වෙන්නේ 2009 ජුනි මස 26 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ සංචාරක අමාත්‍යංශය විසින් පළ කළ ලිපියක පළවූ ඡායාරූපයකි. එය සංචාරක අමාත්‍යංශය විසින් සංචාරකයින් මෙරටට පැමිණීම වර්ධනය කිරීම සදහා සංචාරකයින් වෙත ලබා දෙන තිළිණයකි. එහි දැක්වෙන්නේ විදේශීය කාන්තාවකගේ පිටේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් පච්ච (Tattoo) කොටා ඇති ආකාරයයි. ‍

    සරලව පවසන්නේ නම් බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් මර ලතෝනි දෙන රාජපක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යංශය විසින් සිය සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය. ආණ්ඩුවේ ඉන්නා "බෞද්ධයන්ට" එය ගැටලුවක්වී නොමැත. ආණ්ඩුවේ බොරු සිල්වත් කම එයයි.

    සංචාරක අමාත්‍යංශය විසින් විදේශීය කාන්තාවකගේ පිට කොන්දේ බුදුරුව කොටා ඇති සිහිවටන විදේශියකයන්ට ලබා දෙන බව අප වෙබ් අඩවිය විසින් හෙළිදරව් කිරීමත් සමඟ කලබලවී ඇති ආණ්ඩුව අප පුවතට පාදක කරගත් Daily News පුවත්පතේ පළවූ ඡායාරූපය එම පුවත්පතේ අන්තර් ජාල කලාපයෙන් වහා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේවන විට 2009 ජුනි 26 වැනි දිනට අදාළ Daily News පුවත්පතේ අන්තර් ජාල කලාපයේ ඇත්තේ එදින පුවත්පතේ පලවු අනෙකුත් ඡායාරූප 3 පමණකි.

    dn0627.jpg



    කෙසේ වෙතත් එම ඡායාරූපය පළවූ Daily News පුවත්පතේ මුද්‍රිත පිටපත අප සතුව පවතින අතර එහි අදාල ලිපියෙහි ඡායාරූපය පහත දැක්වේ.


    tatto_03.jpg




    Source
    http://www.lankatruth.com/sin/index...s-----&catid=35:2008-10-13-08-30-14&Itemid=63
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    ubane yako akon ta p*ka dila enna p*nnaya.
    meke akon kiyala gewilawath nehe.

    government eke weradi pennuwama ubata tharaha yanawa neda?

    Ubala akon ge siddiyata issella mewa kiwwada? Mokada dan kiyanne?
    Mamath akonta kamathi.Uge show akath puluwannam balanda yanwa.A unata mewa dapuwahama buddagamatamane agaurawa wenne :dull: