සුද්දියන්_මත්_කර සැප ගන්නා අරුගම්බේ වනසන &#351

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    සුද්දියන් මත් කර සැප ගන්නා අරුගම්බේ වනසන බීච් පාටි


    View attachment 73203


    ඔහු මුහුද දෙස බලා සිටියි. නිල්වන් ජලය කලඹා සුදුවන් පෙණ නංවමින් එන රළ පිට රළ ආරුගම්බේ වෙරළ සිඹී. ඔහු සුන්දර මුහුද දෙස බලා කියනා මේ කතාව ආරුගම්බේ අසුන්දරම කතාවකි.

    ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලන ආරුගම්බේ මුහුදු තීරය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය. කුඩු වැනි විනාශකාරී මත්ද්‍රව්‍ය ගැන අම්පාරේ ජනතාව එදා සිටියේ සැහැල්ලුවෙනි. අනේ දෙයියනේ කියලා අම්පාරේ කුඩු නැහැ. නමුත් අද තත්ත්වය ඇසූ විට බොහෝ දෙනකුගේ ඇස් උඩ යයි. ඔවුහු කම්පනයට පත්වෙති.

    අද ආරුගම්බේ මුහුදු තීරය ලංකාවේ තිබෙන සියලුම මත්ද්‍රව්‍ය ලබාගත හැකි තිප්පොළක් බවට පත්ව ඇත.

    මේ කතාව කියනා ඔහු පිටින් පැමිණ ආරුගම්බේ සේවය කරන අයෙකි.

    ‘මට ඕනේ මහත්තයෝ පොඩි උන් ටික බේරාගන්න. මම කාලයක්ම මේ ජරාවල් බීවා. මගේ දරු පවුල නැතිවුණා. මගෙ ජීවිතේ විනාශ වුණා. ආරුගම්බේ දක්‍ෂ සර්පින්ලා මේවට හසුවෙලා ජීවිතේ විනාශ කරගන්නවා. ඒකයි මම මේවා කියන්නේ. ඉස්සරහට හැදෙන උන් ටික බේරාගන්න. ඔහු මහ වේදනාවකින් කියාගෙන යයි. හැම බීච් පාටියකම ජයටම හොරට මත්ද්‍රව්‍ය විකුණනවා.

    මෙහේ වැඩිම මිලට යන්නේ අයිස් කියන ඒවා. ග්‍රෑම් එකක් හැටදාහයි. ෂොට් එකක් පහළොස් දාහකට ගන්න පුළුවන්. එන්.ඩී.එම්.ඒ. එක ග්‍රෑම් එකක් දහ නවදාහයි. ඩී.එම්.ටී. ග්‍රෑම් එකක් විසි අට දාහයි. රෝස පාට ටැබ්ලට් එක ‍දොළොස් දාහයි. වඳුරු මූණ තියෙන නිල් පාට පෙත්ත රුපියල් පහළොස් දාහයි. ගංජා මල තියෙන පෙත්ත දහනව දාහයි. හැපි වෝටර් පොඩි කුප්පියක් තිස්පන් දාහයි. කැලිෆෝනියා සන්ෂයින් පොඩි කුප්පියක් තිස්අට දාහයි. මේවා බින්දුවක් ‍දොළොස් දාහකට ගන්න පුළුවන්. කේ.ජී. ග්‍රෑම් 05ක් රුපියල් පන්දාහයි. අපේ ගංජා ග්‍රෑම් 50ක් ‍දොළොස් දාහයි. හෂීස් ග්‍රෑම් 10ක් රුපියල් ‍දොළොස් දාහකට යනවා මහත්තයෝ. හෙරොයින් ග්‍රෑම් එකක් රුපියල් දහතුන් දාහක් වෙනවා. කොකේන් ග්‍රෑම් එකක් රුපියල් දහතුන් දාහයි ආරුගම්බේ විකුණන්නේ. මේවායේ මිල ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. දෙන්න පුළුවන් වැඩිම ගාණටයි දෙන්න බලන්නේ.

    අයිස් කියන දේ පයිප්පෙට දාලා බොන්න තියෙන්නේ. ග්‍රෑම් එකක් හැටදාහක් වුණත් එක ෂොට් එකක් පහළොස් දාහකට විතර ගහන්න පුළුවන්. දවස් තුන හතරක් වදිනවා. ඒක ගැහුවම අම්මා තාත්තා ඉන්නවද දන්නේ නැහැ. පවුලේ දේපොළ විකුණන්න හිතෙනවා. සල්ලි නැති නම් ගෑනි හරි විකුණන්න හිතෙනවා. එන්.ඩී.එම්.ඒ. ගැහුවම පැය 24ක් තියෙනවා. දත් කූරු කනවා. මිනිස්සු සත්තු, පේනවා. ඒවා බඩල් වෙලා තමයි පේන්නේ. කට්ටිය අත උඩ ඉන්නවා වගේයි පේන්නේ. ඔහු කියාගෙන යයි. විටෙක දෑසින් කඳුළු නැඟෙයි. අනේ පින්සිද්ධ වෙයි මේවා කොහොම හරි නවත්වන්න ඔහු කියයි.

    මේ සුන්දර ආරුගම්බේ හිතු හිතූ මිලට කුඩු ඇතුළු නානා මාදිලියේ මත්ද්‍රව්‍ය විකිණෙන ආකාරයයි.

    මේවා මේ ආකාරයෙන් විකුණන්නේ ආරුගම්බේ පුරවරයේ සෑම දිනකම පාහේ තැන් තැන්වල තියෙන බීච් පාටිවලය. නිදහසේ මත්ද්‍රව්‍ය ගන්නට හැකි නිසා ආරම්ගම්බේ පැමිණෙන බොහෝ විදේශිකයන් මේවාට ඇදී එන්නේ නිතැතිනි. මෙම බීච් පාටිවල බියර් බෝතලයක් අලෙවි වන්නේ රුපියල් 430කටය. අරක්කු උගුරක් දෙකක් දමා සෝඩා හෝ කෝලා හෝ පුරවා දෙන වීදුරුවක් රුපියල් හයසීයකි. ඒ අතරේ ලංකාවේ භාවිත වන සියලුම මත්ද්‍රව්‍ය මිලදී ගන්නට මෙම පාටිවලදී අවශ්‍යතාව අනුව හැකිය.

    මේ ගැන සොයන්නට අපි දිනක් ආරුගම්බේ ප්‍රසිද්ධම බීච් පාටියකට රිංගන්නට මාන බැලුවෙමු. එහි ඇතුළුවීම විදේශිකයන්ට නොමිලේය. ලංකාවේ අයකුගෙන් රුපියල් 2500කි. හැබැයි ගමේ කොල්ලන්ට නොමිලේය. බොන ජාතිත් සහ කෑමත් නොමිලේය. ඒ නිසා ගමේ කොල්ලෝ ටික ෂේප් කරගන්නට මෙම නවාතැන්පොළේ හිමිකරු දක්‍ෂව ඇත. ඒ අස්සේ මෙහි සතියකට වරක් පවත්වන ලබන සෑම බීච් පාටියකටම ආරක්‍ෂක අංශ ඇතුළු බොහෝ නිලධාරීහු ආරාධනා කර ගෙන්වා ගනිති. ඔවුනට විශේෂ සැලකිලිය. නානා මාදිලියේ මධුවිතෙන් සප්පායම් කළ විට ඔවුහු කිසි විටෙකත් මෙම බීච් පාටිවලට කරදර නොකරති. කිසි බාධාවක් නොමැතිව හිතු හිතූ ආකාරයට අසික්කිත දේ කිරීමට මෙම ජාවාරම්කරුවන්ට මඟ පෑදේ.

    ‘ඔයා පත්තරෙන් කියලා දැන ගත්තොත් ගැටලුවක්. මොකක් හරි වෙලා එකෙක් ඇඟට අතක් තිබ්බොත් ඔක්කොම වට කරලා ගහනවා. පරිස්සමින් යන්න. කල්පනාවෙන් සැක නොසිතෙන්න තොරතුරු ලබාගන්න’ මා සමඟ සිටි අය පැවැසුවේය. එවිට මට ගමන නවතා දමන්නටද සිතිණි. නමුත් වෙන දෙයක් වෙච්චදෙන් යැයි සිතා මම තනිවම කෙසේ හෝ මෙම බීච් පාටියට රිංගුවෙමි. එහි ඉදිරිපස පොලිසියේ නිලධාරීන් තිදෙනෙකි. කොණ්ඩය වවාගත් තරුණයන් පිරිසක් ඉදිරිපසය. දෙපස සුද්දන්ය. සංගීත රාවය මහ ඉහළින් ඇසේ. සමහරු මත්ව වැතිර සිටිති. මම දිගටම ඇතුළට ගියෙමි. ඉදිරිපස විදේශීය සංචාරකයන් වටව පොරකන තැනකි. මම එතැන බැලුවෙමි. එතැන මත්ද්‍රව්‍ය අලෙවි කරනා තැනකි. බියර් සහ දෙස්-විදෙස් අරක්කු තමන්ට අවශ්‍ය ආකාරයෙන් නීති විරෝධී ආකාරයෙන් අලෙවි කෙරේ.

    අවට සෑම තැනම විදේශික සංචාරකයන්ගෙන් පීරි ගොස් ඇත. ඔවුහු සංගීත නාදයට තාලයට පාද තබමින් නටති. ඒ අතරේ මත්පැන් පානය කරති. සමහරුන්ට මෙලෝ සිහියක් නැත. ඒ අතර අවට නවාතැන්පොළේ තරුණ පිරිස උකුසු බැල්මෙන් සිටිති. මමද නටමින් පැය කිහිපයක් එහි සැරි සැරුවෙමි.

    ඒ අතරේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ජයටම අලෙවි වෙද්දී පොලිස් නිලධාරීහු තිදෙනෙක් වෙරළ අසලට වී මේවා නොදැක්කා සේ සිටිති. පව් ඒ නිලධාරීන් අන්ත අසරණය. මේවා අල්ලන්ට මාන බැලුවොත් උත්සාහ කළොත් අනේ හත් දෙයියනේ ලොකු මහත්වරුන්ගෙන් වැටෙන්නේ ලෙඩ ගොඩක්මය. අවසානයේදී ජොබ් කට්ටද නැතිකර ගන්නට සිදුවේ. එතකොට දරු පවුලම අනාථය. එම පොලිස් නිලධාරීන්ගේ කොඳු බිඳදමා සිටියදී ඔවුන් පාන්දර පහ වන තෙක් එම ස්ථානයේ රාජකාරි කළේ කුඹුරු රකින්නට සෑදූ පඹයන් විලසිනි. රාත්‍රියේ එකට එම පාටිය අවසන් විය යුතු වුවද එය නිමාවූයේ පාන්දර හයටය.

    අඩුම තරමින් මත්ද්‍රව්‍ය අල්ලන්නට බැරි පොලිසියට ඒ බීච් පාටි නියමිත වෙලාව පසුවූ විට නවතා දමන්නටද නොහැකි විය. ඒ මෙම තානායම්පොළේ හිමිකරුට පොලිසිය මහ බියක් දක්වන නිසාය. අසරණයන්ට තග දාන මෙහි පොලිසිය මෙම හිමිකරුට පවසන්නේ මේ පොඩ්ඩක් ශබ්දෙ වැඩියි නේද අඩු කරන්න බැරිද කියා මහා අන්ත අසරණ විලසිනි. ඒ පොලිසිය තමන්ගේ ඔඩොක්කුවට දමා ගන්නට මෙහි හිමිකරු සමත්ව ඇති නිසාය.

    මෙහි එන ලොකු මහත්යකුට විදේශීය කතක් හා සතුටු වන්නට ඇවැසි නම් එයද සිදුකර දීම ඉතා සුළු දෙයකි. මත්ව නටන සුද්දියන්ගේ බීමට පෙති දමා සිහිය විකල් කර ඒ අවස්ථාව ලබාදෙන්නටත් එසේ නැතිනම් රුපියල් දහසේ නෝට්ටු කිහිපයකින් ඒ කාර්යය ඉටුකර ගැනීම පහසුය.

    මේ ආකාරයෙන් මෙම වෙරළ තීරයේ පැවැත්වෙන බීච් පාටිවලදී දිනකට සුද්දියන් කිහිප දෙනෙක් මත්කර කිහිප දෙනෙකු එකතුවී අතවර කිරීම නිරන්තරයෙන් සිදුවන බව තතු දන්නෝ පවසති. සමහර වෙලාවට හැපි වෝටර් බිඳුවක් කලවම් කර දැමූ වතුර දෙයි. එසේ නැති නම් කැලිෆෝනියා සන්ෂයින් දෙති. එසේ නැති නම් මත් පෙත්තක් දමා දෙති.

    කැලිෆෝනියා සන්ෂයින් එක බින්දුවක් මාර පවර්. ඒක නිල් පාට වතුරක්. එක බිංදුවක් අතට දාලා ලෙවකන්න තියෙන්නේ. විනාඩියෙන් වැදෙනවා. ගහපු ගමන් ආරුගම්බෙ පාලම අතේ වගේ පේනවා. අයියා අත උඩ ඉන්නවා වගේ දැනෙනවා. අම්මා තාත්තා අත උඩ ඉන්නවා වගේ දැනෙනවා. එල්ලුම්ගහ පේනවා. මරණ දණ්ඩනය දුන්නා වගේ දැනෙනවා. සමහර වෙලාවට හිතෙනවා බෙල්ලේ වැලදාගන්න. සමහර වෙලාවට හිතෙනවා පිහියෙන් ඇන ගන්න. මනුස්සයන්ට ගහන්න, පොරවෙන් කොටන්න හිතෙනවා. තව කාගේ හරි ගෙයක් ගිනි තියන්න හිතෙනවා. පැය 16ක් විතර මත් ගතිය තියෙනවා. මිතුරා දිගින් දිගටම තව තවත් මත් ද්‍රව්‍යවල රඟ සොබාව අපූරුවට රඟපාමින් පවසන්නේය.

    මෙහි බීච් පාටි නිසා ආරුගම්බේ තරුණයන් සහ විදේශිකයන් පිරිස අතර නිරන්තරයෙන් ගුටි හුවමාරු ඇති වේ. විදේශිකයන්ට පන්න පන්නා පහර දෙන්නට වූ අයුරු අපි දෑසින්ම දුටුවෙමු. යම්තම් පාසලට ආයුබෝවන් කියා වැල්ලට බසිනා කොලු ගැටවුගේ ජිවිත අයාලේ යමින් තිබෙන බව දුටුවෙමි. වේලාව උදෑසන පහට පමණ ඇත. මා සිටි නවාතැන්පොළ අසලට සුද්දියක් ළාබාල කොලු ගැටයකු කැඳවා ආවාය. කාමරයට පිට අය ගෙන්න ගන්න එපා අපි උඹලාට කියලා තියෙනවා නේද? එතැන සිටි අයකු බැන වැදුණේය. එම සුදු තරුණිය හැරී ගියාය. ඇය නැවත එම ස්ථානයට පැමිණියේ පැය දෙකකිනි. ඒ තනිවමය.

    මේ විදියට ළාබාල කොලු ගැටවුන්ට කන්නට දී පසුව මත් වෙන්නට යම් දෙයක් දීම බොහෝ විට නිරන්තරයෙන් සිදුවේ. මැදි වයසේ සුද්දියෝ මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වති. අතමිට යහමින් මුදල් ලැබෙන නිසා මේ කොලු ගැටව්ද නිරන්තරයෙන් මේවාට හසුවෙති. ඒ නිසා ආරුගම්බේ අනාගත පරපුරේ ජීවිත වේගයෙන් අඳුරට ඇදී යමින් පවතී. අනාරක්‍ෂිත ලිංගික ඇසුර සහ විටෙක ගෝත්‍රිකයන් සේ හැසිරීම නිසා සමාජ රෝග පැතිරීමේ අවදානම කිසිවකු සිතට නොගැනීම තවත් මහා ඛේදවාචකයකි.

    ආරුගම්බේ බොහෝ තානායම් පොළවල ප්‍රධානතම ආදායම මත්ද්‍රව්‍ය ජාවාරම බවට පත්ව තිබේ. මේ වන විට ඇතැම් සංචාරකයන් පහසුවෙන් මත්ද්‍රව්‍ය ගන්නට හැකි නිසා ආරුගම්බෙට පැමිණෙන්නට ප්‍රියතාවක් දැක්වුවත් පවුල් පිටින් ආරුගම්බෙට පැමිණෙන විදේශිකයන් පිරිස අඩු වෙමින් තිබෙන බව ආරුගම්බේ බේරාගන්නට උත්සාහ දරන පිරිස පවසති.

    බීච් පාටියක් දැමූ විට සිය ගණන් එන විදේශිකයන්ට හිතු හැටියේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම ඉතා පහසුයි. දවසක් අපි අවුරුද්දට සංගීත සන්දර්ශනයක් කළා. පොලිසිය හරියටම ඇවිල්ලා රෑ ‍ෙදාළහට ඒක නතර කළා. නමුත් එදා ඊට පොඩ්ඩක් එහායින් තිබ්බ බීච් පාටිය එළිවෙනකම් තියන්න පොලිසිය ඉඩ දුන්නා. ඒකයි මෙහෙ නීතිය. බීච් පාටි නිසා සංචාරක ව්‍යාපාරයට හානි වෙනවා. දුරාචාරය පැතිරෙනවා. බීච් පාටිවලට යන විදේශිකයන් පසුවදා දවසම වගේ ගොඩක් වෙලාවට නිදා ගන්නවා. එතකොට සර්පින්වලට යන්නේ නැහැ. ඇවිදින්න යන්නේ නැහැ. ඒ නිසා වාහනවලට හයර් නැති වෙනවා. සර්පින් බෝර්ඩ් කුලියට ගන්නේ නැහැ. සර්පින් පුරුදු කරන අයට වැඩ අඩුවෙනවා වගේ ගැටලු රැසක් ඇති වෙනවා.

    හැම සතියකම වගේ සමහර ආරක්‍ෂක අංශවල නිලධාරීන් මෙහේ විතරක් නොවෙයි පිට පළාත්වල අය පවා මෙහි තියෙන බීච් පාටිවලට එනවා. ඒ අන් අයගේ සහායෙන් තමයි බීච් පාටි මේ ආකාරයෙන් පවත්වන්නේ. තව ටික දවසක් මෙහෙම තිබ්බොත් ලෝකයේ තියෙන භයානකම වෙරළ වෙන්නේ ආරුගම්බේ මුහුදු තීරයයි. වැටලීම් කරන්න යන නිලධාරීන් බොහෝ විට කෝල් කරලා කියනවා අපි එනවා අපිට නඩු තුන හතරක් හදලා තියන්න කියලා. එතකොට ඒ නිලධාරීන් ආවම එයාලට රජ සැලකිලි. පස්සේ තුන් හතර දෙනෙක් අල්ලලා දෙනවා උසාවි දාන්න. එතකොට වැටලීමත් කළා. හෝටලයේ අයිතිකරුත් ෂේප්. මේ විදියට තමයි මෙහේ ජාවාරම වෙන්නේ. තවත් පිරිසක් අපට කීහ.

    ආරුගම්බේ හොර ජාවාරම් තොරතුරු තවත් ලියන්නට ඇත. ඒවා ඉදිරියේදී සටහන් කරමි. ජාවාරම්කාරයෝ පොකුරු පිටින් බල්ටි ගසති. පොලිසිය පැත්තකට වී හුරේ දමති. මේවා වළක්වන්නට බලධාරීන්ට වුවමනාවක් නැත. පොලිස්පතිතුමා දක්‍ෂ බව අපි දනිමු. නීති නවන්නට හැකි බවත් කියති. නීතියෙන් හෝ නීතිය නවා හෝ ආරුගම්බේ බේරා ගනීදැයි අපි බලා සිටින්නෙමු.

    – පටබැඳිගේ අමරබන්දු
    (මව්බිම)

    oka atata.. tanikara Dura chara weda tama wene.. ehe inna mattayo danne ne business eka run karanna karanne ena widesikayawa huran kanna balana eka.. ubalatath hitei videsha vinimayani kiyala eth ehema karanna hoda ne.. eken wenne ape ratama apakirtimath wena eka... atalossak sinhala un nam tikak hodata wede kara gena yanwa.. ath dekimen kiyanne...
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    looks like fake. even East coast tourism still not developed yet much. there are 30% true. others fake.




    The Accuracy of facts in this articles might be confused to any reader.
    Selling drugs and these beach party things are real in SL now and it's popular among the youngsters more than ever,
    when i was grade 8-9 i heard only these kind of parties happening only in Colombo area and that was correct.
    but after social media booming these kind of parties viral across the country like plague through out past few years
     
    Last edited:

    Similar threads