සුද්දිලාගේ කතාව
සුද්දිලාගේ කතාව චිත්‍රපටිය ඔබේ මතකයට එනවා නම් මේ කතාව ඔබට රස විදින්න පුළුවන් වෙයි තවත් හොදට .චිත්‍ර පටය ආරම්බයේම මුළු තිරය පුරාම අපිට පිටුපස හැරී පන් මල්ලක් වන වන මහත් ලැසි ගමනක් යන සුද්දී ඔබට මතක ඇතැයි සිතමි ,අධ්‍යක්ෂක ගේ අබිප්‍රාය සුද්දිගේ චරිතය මේ යයි කැමරාවෙන් ප්‍රේක්ෂක අපට හදුන්වා දෙන්නට වුවත් කොනකට වී චිත්‍රපටය නරබන මගේ ඇසුත් හිතත් වින්දේ සුද්දිගේ රුප අලංකාරයත් ලැසි ගමනත් මිසක් ඇගේ ජිවන චරිතයට නොවෙයි ,බොහෝකලක් යනතුරු සුද්දිගේ ඉගටිය නලවමින් යන මේ ගමන මගේ හිතේ හොල්මන් කල අතර . එදිනෙදා දකින කාන්තාවන්ගේ ගමන් ස්බාවය සුද්දී හා සමකිරිම නිතර සිදුවිය
සුද්දිව අමතකව ගොස් කලකට පසුව ඉතාලියට එන මට නැවතත් සුද්දිව මතකයට නැගෙන්නේ අහම්බෙන් දකින ඒ ලැසි ගමන නිසාමය .සුද්ද්දිට වඩා මදක් උස කෙට්ටු පිනි ජම්බු පැහැය ඇති ඇය මා පසු කර යන්නේ මා දැක ලංකාවේ කෙනෙකු යයි අදුන්නාගෙනද නැත්ද ,යන කාරණය නොදන්නා මුත් ඇගේ ලැසි ගමන විනාම මගේ හිතේ ඇතිවන ඇය පිළිබද කුහුල මිතුරෙකු මගින් මට විස්තර වෙන්නේ චිත්‍ර පටයේ සුද්දිගේ සියලු ක්‍රියා කාරකම් පරදවමිනි
කාලය ගතවිණි ,කිහිප විටක් ඇ මට මුණ ගැසුණු නමුත් යන්තම් විකසිත වෙන අගේ මුහුණත් සුපුරුදු ගමන් ලතාවත් ඇරෙන්න වෙන කිසිදු වෙනසක් අප අතර නොවිය ,ගිම්හානය පසුකර සිත ඉර්තුව පැමිණියේය ,නැවතත් සිත ඉර්තුව අවසන ගිම්හානය ආවේය. ඇය කිහිප දෙනෙකු අතින් අත ගිය බව කනින් කොනින් ආරංචි වුවාය ,ඒ කෙසේ වෙතත් මගේ හිතේ සුද්දී පිළිබද ඇති චිත්‍රයට කිසිදු පලුද්දක් කිසිදා නොවිය
ඒ දෙදහස් එකොළහා වසර විය ,සිත කාලය වෙනදාටත් වඩා දරුණු ස්වබාවයක් ගත්තේය .ගහකොළ වගේම මනුෂ්‍ය ජිවිත චණ්ඩ මාරුත වලට අසුවිය . ලංකාවෙන් හොරෙන් සෙනග ගෙනාවෙයයි පොල්ගෙඩි අකුරෙන් පත්තරේ ලිපියක් විය . මා කියනා සුද්දිගේ රුවත් තවත් කීපදෙනෙකුගේ රුවත් සහිත ලිපිය මගේ නෙත ගැටිණි .
අවුරුදු 9 බරපතල වැඩ සහිත හිර දඩුවමින් ගැලවීම සදහා ඇය ඒ දිනවල ඇ සමග සිටි පෙම්වතාත් සමග රෝම නගරයට පැන ගිය ගියේය .
කාලය හැමෝටම එකසේ ගලා ගියේය ,මට නැවතත් සුද්දී අමතක විය .
ජිවිතයේ සමහර සිදුවීම සිදුවන්නේ අප කිසිවිටත් නොහිතපු වෙලාවන්හිදිය .මිතුරකුගේ නිවසකට අදිසියේ ගොඩ වැදුන මට ඔහුගේ බිරියගෙන් කාරුණික ඉල්ලීම විය ,ඒ රෝම නගරයේ සිට මේ නගරයට හදිසියේ එනඇයගේ මිතුරියක් ගෙදරට ගෙනව්ත් ඇරලවන ලෙසටය .
හවසට පතිත වන මිදුමත් යාන්තමින් වහින වැස්සත් අතරේ මං නැවතත් අර කම්මැලි කමෙන් ඉගටිය නලවමින් යන ලැසි ගමන දුටිමි .ඇය අප වෙත පැමිණියේය .මෝටර් රථයට නැගීමටත් පෙර ඇගේ විමසිලිමත් දෑස මගේ වත පිරික්සන බව මම දුටිමි .මගේ මිතුරා මා කවුරුදැයි හදුන්වා දීමට ඉදිරිපත් විය එහෙත් එකවර
"ඔයා ක්‍රි........... නේද මන් ඔයාව අදුරනවා නේ "
නැවතත් ලැසි ගමනෙන් පැද්දි පැද්දි යන සුද්දී මගේ මනසේ හොල්මන් කරයි