සුද්දොත් නිදන්
මාතලේ කන්දේ නුවර ‘ අහස් මාලිගාව’ ට නුදුරු ඉඩමක නිධන් කර ඇති
බවට සැලකෙන ගොඩපොල රජ්ජුරුවන්ගේ ඇතෙක් බරට වස්තුව ගැනීමට ගලක් පුපුරුවා නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයා ඇතුළු සැකකරුවන්ට මාතලේ අතිරේක දිසා විනිසුරු මහේස්ත්රාත්චතුරිකා ද සිල්වා මහත්මිය විසින් රුපියල් අට ලක්ෂයක දඩයක් නියම කළාය.
බ්‍රිතාන්‍ය ජාතිකයා, කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු නඩු විභාගයකින් පසු චෝදනාවට වරදකරුවන් බවට පත් කරමින් මෙම නියෝගය කෙරුණි.
රත්තොට පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක මධුකුමාර මහතා ඇතුළු නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේ දී මදුරුවන් බෝවීම වළකා ගැනීම සඳහා ගල ඉවත් කිරීමට කටයුතු කළ බවට සාවද්‍ය තොරතුරක් ලබාදී ඇති නමුත් සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට පොලිසියට හැකි විය.
රත්තොට වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනවිරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මධුකුමාර මහතා සහ කන්දේ නුවර පොලිස් මුරපොළ පොලිස් සැරයන් අලහකෝන් මහතා ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම කර තිබේ.
සුද්දොත් නිදන් පස්සෙ

Last edited: