සුද්දෝදනගෙ පුතා කතාවට මං නෑ.. සමාජ ප්‍රගමනයට උදවු කරනවා විතරයි..- එකම පසුතලයේ උදේ හෑයියා.. හවස මංජු..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නතාෂා ඉදිරිසිංහ නැමැත්තිය විසින් ප‍්‍රහසන වේදිකාවක සිදුකරන ලද ප්‍රකාශයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා සඳහන් කරයි.

    එම කටයුතු හා තමන් සම්බන්ධ යයි සමාජ ජාලවල පලවන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම කියා සිටියි.

    මේ සම්බන්ධයෙන් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ***

    කොළම්බු කොමඩි සෙන්ට්‍රල් (Colombo Comedy Central) ප්‍රහසන කලා කණ්ඩායම මගින් මෙහෙයවන වැඩසටහන්වල අන්තර්ගතය පිළිබද මංජු නිශ්ශංක වන මාගේ හෝ සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ කිසිම සම්බන්ධතාවක් නොමැති බවත් සමාජ මාධ්‍යන්හි පලවන මඩ ප්‍රචාරණය එකහෙලා ප්‍රතික්ෂේප කරනු බවත් ප්‍රකාශ කරමු.

    අපගේ ආයතනය මගින් විශ්වවිද්‍යාල සංගම්, ශිෂ්‍යයින්, ස්වේච්ඡා සහ තරුණ සංවිධාන සංවිධාන විසින් යෝජනා කරන සමාජ ප්‍රගමනයට හේතු වන කලා හා සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමහර අවස්තාවල දී යම් අනුග්‍රාහකත්වයක් ලබා දෙනු ලබන අතර ඒවාගේ අන්තර්ගතයන් සහ ක්‍රියාත්මක කරවීමේ පූර්ණ වගකීම අදාළ ආයතනයන් සහ පුද්ගලයන් සතු වේ. නමුත් අපගේ සද්භාවයේන් ලබා දෙන අනුග්‍රාහකත්වයක් සමාජ ප්‍රගමනයට හානි වන ලෙස භාවිත කර තිබේ නම් එයද අප කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරනු ලබන බව අවධාරනය කරමු.

    ශ්‍රී ලංකීය සාමාජීය පද්ධතියේ පදනම වන බෞද්ධ දර්ශනය සම්පූර්ණයෙන් විශ්වාස කරන පුද්ගලයකු ලෙසත්, බෞද්ධ දර්ශනයට අනුකූලව ජීවත්වන පුද්ගලයකු ලෙසත් බෞද්ධ දර්ශනයට හානි වන හෝ බෞද්ධයන්ගේ සිත් රිදවන සියළු ක්‍රියාවන් තරයේ ප්‍රතික්ෂේප කරන අතරම මෙවැනි අවස්ථා හුවා දක්වමින් පටු දේශපාලන වාසි සඳහා මාගේ නම ඈදාගෙන මාගේ කීර්ති නාමයට හානි කිරීම ද පිළිකුල් සහගතව බැහැර කරමි.

    ස්තුතියි
    මංජු නිශ්ශංක
    ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක