සුද්දෝ ආවෙ රට කරන්න

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සුද්දෝ ආවෙ රට කරන්න


    හත් මුහුදුන් එතෙර ගුගුරුවා.....
    බතරොයි උගුරු දණ්ඩ
    හත් දෙයියන් බලා ඉද්දී....
    සුද්දෝ ආවෙ රට කරන්න,, සුද්දෝ ආවෙ රට කරන්න
    මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න......
    ...

    ඇත් දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්න.
    ලක් මවුණගේ දරු පැටවුන් වහල්කමෙ තියා ගන්න
    වැව් බිඳ රන් කොත බිමදා....වැව් බිඳ රන් කොත බිමදා....
    දාගැබ පිට කොඩි දමන්න
    මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න......

    යෝධ කඳු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
    කෝපි තේ රබර් වවලා එතෙර එ දේසෙට යවන්න...
    ඉර නොබහින පොළොව වටෙ..........
    ඉර නොබහින පොළොව වටෙ..........
    කතිර කොඩිය ළෙල දෙවන්න.
    මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න......
    සුද්දෝ ආවෙ රට කරන්න......

    සත්තු වගේ මඩ කා ගෙන, දිව කා ගෙන
    උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
    අනේ අපෝ..... අනේ අපෝ......
    අපිත් ගියා පය පා මුල වාල් වෙන්න
    මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න......
    සුද්දෝ ආවෙ රට කරන්න......

    හත් මුහුදුන් එතෙර ගුගුරුවා.....
    බතරොයි උගුරු දණ්ඩ
    හත් දෙයියන් බලා ඉද්දී....
    සුද්දෝ ආවෙ රට කරන්න,,

    මහත්වරුනි පේනවාද අදත් එනවා රට කරන්න
    අදත් එනවා රට කරන්න.........


    Source:මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි