සුදානම්ද

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔබේ ඡන්දය මසුරං වටිනා දවස් අතලගය. සුදානම්ද... එසේනම් කියවන්න.
    මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන වටපිටාව ඉතාම සංකීර්ණ එකක් යැයි ඇතැම්හු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිටියි. ඒ සංකීර්ණ දේශපාලනය කියවා ගන්නට නොහැකිව මහජනතාව අකම්පාල වනු දක්නටද ලැබෙයි. එහෙත් සිදු වූ සහ සිදු වෙමින් පවතින දේවල් දෙස කලබලයකින් තොරව බැලීමෙන් පෙනී යන්නේ මෙය සංකීර්ණ තත්වයක් නොවන බවය. අපි එකින් එක කියවා ගමු.
    1. මහින්දව පාලනයෙන් බැහැර කිරීම සහ යහපාලනය
    කතාව ආරම්භ වන්නේ මෙතැනනි. මහින්දගේ පාලනය හමාර කරන්නට ගෙන ආ ප්‍රධාන විකල්ප යෝජනාව යහපාලනයයි. මහින්දගේ ගෙදර යාමත් සමග බොහෝ දෙනා යහ පාලනය යන්න දින සීය සමග ගලපන්නට ගත්තේය. එසේ කලේ මහින්දගේ නික්ම යාම ගැන පපුවේ කැක්කුම හැදුනු අයය. පසුගිය 19 වැනිදාට මේ ආණ්ඩුවට දින 100 කි. මහින්දව දිනවන්නට ඡන්දයක් දුන් ලක්ෂ 58 ක ජනතාව අතර බොහෝ දෙනා බලා සිටියේ දින 100 න් පසු සහලින් ස්වැයං පෝෂිත, නීතිය රජයන, හොරුන් හිරේ ගිය රටක් හදන්නට අලුත් ආණ්ඩුව ක්‍රියාත්මක වේදැයි කියා නොවේ. කෙලවෙන්නේ කොතැනද කියාය. එහෙව් අය දින 100 කට පසු අසන්නේ කෝ දැන් යහපාලනය කියාය. යහපාලනය යනු වෙනම කතාවකි. දින 100 යනු වෙනම ගොන් කතාවකි. පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ දෙනා මෛත්‍රීට කතිරය ගැසුවේ යහපාලනය උදේසා නොව රට බේරාගත් මහින්දගෙන්ම නැවත රට බේරා ගැනීම සදහාය. මහින්ද මේ රටට කරන්නට ගියේ දූෂණය වන්නට ගිය යුවතියක් බේරා ගෙන පවුලේ අය සමග එකතුව කැමති කැමති වේලාවට කැමති කැමති අයුරින් ඇයව නැවත නැවත දුෂණය කරනවාක් වැනි වැඩකි. 58 ලක්ෂයක් ඊට තම කැමැත්තද 61 ලක්ෂයක් කණේ පහරද දුන්නේ ඒ යතාර්ථයටය. දෙයියන්ගේ පිහිටෙන් දැන් සමුහ දුෂණයට ලක්වූ යුවතියක් මෙන් ශ්‍රී ලංකාව තිබෙයි. එය හැදීම වෙනම ආරම්භ කල යුතුය. දැනට විපක්ෂයේ සිටින බහුතරය පෙරකී සමුහ දූෂණය දෙස බලමින් ස්වැයං වින්දනයේ යෙදුනු අමනයින්ය. දැන් සිටින ආණ්ඩුවත් විපක්ෂයත් යන දෙකම හොද මිනිසුන් සිටින කල්ලි කණ්ඩායම් නොවේ. මේ පාර්ලිමෙන්තුවෙන් කරගත හැකි ලබ්බක් නැත. ඒ නිසා හැකි ඉක්මනින් මෙය විසුරවා හැර මැතිවරණයකින් නුසුදුස්සන් ඉවත් කිරීමේ වගකීම ජනතාවට භාරය.

    2. මෛත්‍රී සහ එක්සත් ජනතා සන්ධානය
    එක්සත් ජනතා සන්ධානය සුද්ද පවිත්‍ර කිරීමේ අවංක උවමනාවක් මෛත්‍රිට නැත. ඔහුද ක්‍රමයෙන් බලයට කෑදර වෙමින් එන රෝග ලක්ෂණ දැනට පෙන්නුම් කර සිටියි. මෛත්‍රී මේ මොහොතේ කරමින් සිටින්නේ සන්ධානය මුළුමනින්ම තමන් වෙත හරවා ගැනීමේ සටනකය. මහින්දට කඩේ යන අයව සන්ධාන මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින්ද එළඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයේදී නාමයෝජනා නොදෙන සන්ධාන මන්ත්‍රී ලිස්ට් හදමින්ද මෛත්‍රී ඒ කටයුත්ත කරමින් සිටියි. එහිදි ඔහු බලන්නේ රටට හිතැතිද නැද්ද යන්න නොවන අතර තමන්ට හිතැතිද නැද්ද යන්න පමණි. හොරුන්ට ආරක්ෂාව සැපයීමේදීද මෙම ක්‍රමයම මෛත්‍රී මෙන්ම රනිල්ද ඉටු කරමින් සිටියි. දුමින්ද සිල්වා ගැන දැන් කතාවක් නැත. භාරත ඝාතන නඩුව ගැන හිරුණිකා කතා කරන්නේද නැත. ඒ කියන්නේ අනිවාර්‍ය ලෙසම එළඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයට දුමින්ද සිල්වා ඉදිරිපත්වන බවය. ඒ වගේම කෙසේ හෝ දිනන බවය. නඩු කුඩුය. බඩු බනිස්ය.

    3. පාර්ලිමේන්තු ජෝගිය සහ 19 වන සංශෝධනය
    19 වන සංශෝධනය රනිල් අනිවාර්‍ය ලෙසම එජාපයට වාසි වන ලෙස හදාගෙන ඇති බවට සැකයක් නැත. එහෙත් එය බැලන්ස් කිරීමට මැතිවරණ ක්‍රමයද සංශෝධනය විය යුතුයැයි මෛත්‍රිගේ මතයයි. මේ නිසා 19 වන සංශෝධනය විලිරුදාව වාගේ එනවා යනවා එකක් බවට පත්ව තිබේ. බබා හිතන තරම් ලේසියෙන් ලැබෙන පාටක් නැත. සීසර් කිරීමක් වැනි විකෘති නොකටයුත්තක් අත ළග බව පෙනෙයි. ඒ අතරේ මහින්දව අල්ලස් දුෂණ කොමිසමට කැදවීම ගැන පාර්ලිමෙන්තුවේ මහින්ද හිතවාදීන් ඊයේ පාර්ලිමෙන්තුවේ ලැග්ගේය. එහි ඇත්තේ කාරණා කිහිපයකි. අද බැසිල් ගේ ආගමනය පිලිබද පුවත වෙතන් මගක යැවීම එකකි. 19 වන සංශෝධනය අද විවාදයට නොගැනීම තවත් එකකි. කෙසේ හෝ ඔවුන්ට අවශ්‍ය දේ සිදුවින.

    4. මහින්ද අල්ලස් කොමිසමට යාම වෙනුවට අල්ලස් කොමිසම මහින්ද ළගට
    මෙම තත්වය උදාකලේ කතානායකතුමාය. කතානායකතුමා තම මල්ලීගේ පැත්තට අදින බව සහෝදරයින් සිටින ඕනම එකෙක් දන්නා පුංචි කාරණයකි. එහෙත් ඒ සදහා ඔහු පාර්ලිමෙන්තු නීති සහ සම්මතයන්ට පටහැනිව ක්‍රියා කර තිබේ. සභාවාරෙයන් පසු මන්ත්‍රීන් ඉන් පිටව යා යුතු අතර එසේ නොවේ නම් සිටිනා අයෙකු පලවා හැරීමට පොලිසිය ගෙන්විමට කතානායකට හැකිය. කතානායක කලේ පාර්ලිමෙන්තුවේ ලැග සිටි අයට තේ දීමය. ඉනුත් ඉදිරියට යමින් කතානායක වරයා තම බලය අවභාවිතා කරමින් අල්ලස් කොමිසමේ ප්‍රධානීන් පාර්ලිමෙන්තුවට නියෝගයකින් ගෙන්වා ගත්තේය. ඒ මහින්ද හා ගෝඨාභය ගැන කතා කරන්නටය. මහින්ද කියන්නේ දැන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් නොවේ. ගෝඨාභය යනු ලංකාවේ පුරවැසියෙකුවත් නොවේ. එබැවින් ඔවුන්ට පාර්ලිමෙන්තු මන්ත්‍රී වරප්‍රසාද ලැබෙන්නේ කෙසේද. ඔවුන් ගැන පාර්ලිමෙන්තුවේදී කතා කරන්නට ඇත්තේ මොනවාද. හෙට අනිද්දා දිනක ඈත දුර මහවිලච්චියේ හොර කසිප්පු කාරයෙකු පිළිබදව වුව කතානායකට පාර්ලිමෙන්තුවේදී සාකච්ඡා කල හැකි බවට ඔහු ආදරශයෙන් පෙන්වා දී තිබේ. හැබැයි ඒ කසිප්පු කරු රාජපක්ෂ කෙනෙකු විය යුතුය. මේ අනුව රාජපක්ෂ පවුලේ යම් නමක් දිනා සිටි චමල් පවා දැන් දැන් ඇදගෙන නාගන්නට පටන් ගෙන තිබේ. හැම රාජපක්ෂටම බනිද්දී මිනිස්සු චමල්ට නොබැන්නේ ඇයි දැයි චමල් සිහියට නගා ගත යුතුය. චමල්ගේ පුතා පවා කුණු හබ්බෙන් අසා ගනිද්දි චමල්ට මිනිස්සු ගරු කලේය. ඔහු මේ කරමින් සිටින්නේ ඒ පවුලේ ගෑවුණ තැනකවත් ගන්නට එකෙක් නැතැයි අපට කියා දෙන්නටය.

    5. බැරි සිල් ඇත්තේ බැසිල් කරණය වීම.
    බරපතල මුල්‍ය චෝදනාවකට සැකකරුවෙකු වී සිටින බැසිල් ජනාධිපතිවරණයෙන් පසු රට ගියා නොව රටින් පලා ගියේය. ඒ පිළිබද විමර්ශණ සදහා ඔහුව ගෙන්වා ප්‍රශ්ණ කල යුතුබව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. අධිකරණ නියෝගය වුයේ ඔහුව වහාම ප්‍රශ්ණ කිරීම් සදහා අත්අඩංගුවට ගත යුතු බවය. ඒ අනුවය බැසිල් ලංකාවට එන්නේ. තවම කිසිදු චෝදනාවක් ඔප්පු වී නැතත් ඇත්ත කුමක්දැයි දැන ගැනීමට චෝදනා ඔප්පු විය යුතුම නැතිබව ජනතාව දනියි. එය මේ රටේ ජීවත් වන ඕනැ අට පාස් දරුවෙකු පවා දනියි. එහෙත් අද බැසිල් ව පිළිගන්නට ගුවන්තොටුල අසල පිරිසක් උපහාර දක්වමින් ප්‍රීති ඝෝෂා කරමින් රැදී සිටින්නට විය. බැසිල් වැන්නෙකුට උපහාර දක්වන අදබාල නොදරුවන් කවුදැයි බලන්නට බොහෝ දෙනා ප්‍රවෘත්ති බැලුහ. ඒ අතර අප බොහෝ දෙනා දුටුවේ බැසිල්ට සෙත් පතා පිරිත් නූල් බදිමින් පිරිත් කියන චීවරධාරීන් දෙතුන් දෙනෙකි. අද උදේ ලංකාදීපයට දාස හපුවලාන ඇදි කාටුනයක තිබුනේ බැසිල් ගුවන් තොටින් එන විට මල් වට්ටියක් දිගුකර බෝධි පුජාවට යං සර් කියන වැකියක් සහිත අත් දෙකකි. ඒ අත් දෙක ගිහියෙකුගේ වුවානම් මේ රටේ බොහෝ දෙනා ඒ අත් වලට හෙන ඉල්ලනවා නියතය. එහෙත් ඇත්තටම දිගුවුයේ චීවරයක් රැදි දෑතකි. බන්ඩාරණායකට වෙඩි තියන්නට ආවේද චීවරයතුල සැගව සිටි මැරෙයකි. ඒ අනුව බලන කල හොරුන් මැරයන් හෝ කොල්ලකරුවන් ෆුල් ෆේස් වලට අමතරව සිවුරු තුලද සැගව සිටින බව අපට යලිත් පසක් වෙයි. බැසිල්ට නූල් බැදි හාමුදුරුවන්ට අපට කියන්නට ඇත්තේ බැසිල්ට බැරි සිල් තෙපිටත් බැහැ කියලාමය. තෙපි බෞද්ධ දර්ශනයත් බුද්ධ චීවරයත් කාටූනයක් බවට පත් කල දේවදත්ත පරපුරේ අමනයින්මය.

    - සමන් එදිරිමුණි
    21 / 04 / 2015
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,862
    9,609
    113
    17198_1826787450879821_2139614556713629361_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    ඒ අනුව බලන කල හොරුන් මැරයන් හෝ කොල්ලකරුවන් ෆුල් ෆේස් වලට අමතරව සිවුරු තුලද සැගව සිටින බව අපට යලිත් පසක් වෙයි. බැසිල්ට නූල් බැදි හාමුදුරුවන්ට අපට කියන්නට ඇත්තේ බැසිල්ට බැරි සිල් තෙපිටත් බැහැ කියලාමය. තෙපි බෞද්ධ දර්ශනයත් බුද්ධ චීවරයත් කාටූනයක් බවට පත් කල දේවදත්ත පරපුරේ අමනයින්මය.
    - සමන් එදිරිමුණි
    21 / 04 / 2015

    මූ හිතන් ඉන්නෙ මූ තමයි මහ කෙරැම කියල.ගොන් හුයන්නෙක් මූ. රනිල මහ බැංකු වංචාව සාධාරණීකරනය කරද්දි රටේ මුදල් කාබාසිනියා වෙද්දි ඒව හොදයි.උතුරෙ අධිආරක්ෂිත ඉවත් කරල හමුදාව අයින් කරල ජාතික ආරක්ෂාව නැති කරනකොට වර්ධරාජාවගේ කොටි නැවත ගේනකොට,ඉන්දියාවෙ එවුන්ට ලංකාවෙ මුහුද හූරන් කන්න දෙකොට මේ හරකට හොදයි.රට සංවර්ධනය කරන වරඩපිලිවෙල නවත්තල මුන්ට පාන් කන්න දෙනකොට හොදයි.බිලියන දහස් ගණන් හොරකන් කරල කියල බෙරිහන් දීල ඇමතිකමක් දීපු එකක් අල්ලගෙන අල්ලස් කොමිසමට ගේන්න හදල ඒක වැලැක් වූවාම කියනවා දඩුවම් කරන්න හදනකොට ඒක නැවැත්තුවලු මේ වගේ මොන්ටිසෝරි වැඩ කරනකොට මුන්ට හොදයි. බුුදුහාමුදුරැවො වැඩ ඉන්නකාලෙමයි දේවදත්ත ශාසනේ හිටියේ.සිවුරැ දරාගෙන අමන වැඩ කලේ.ඒවගේ තමයි අදත් සොභිත,රථන වගේ දේශ ද්‍රෝහී චීවරධාරියොත් ඉන්න රටේම තමයි අභයතිස්ස,නාලක,ගුණවංශ වගේ ජාතිමාමක මහා සංඝයා වැඩ ඉන්නෙත්.පෑනක් අතට අරන් වචන හරභයක් කැරන්න දැනගත්තම මූ හිතන්න ඉන්නෙ මං තමයි පොර කියල.මට විතරයි ලියන්න කියන්න පුලුවන් කියල.මෙලෝ රහක් නැති පජාත ලියන්නෙක්.මුන් මේ රටට මහා බරක්.අර අහිංසක හරක් මරන්නෙ නැතිව හම්බයන්ට බැරිද අම්මපා මේවගේ පව්කාරයො ගෙනිහින් කොක්කෙ එල්ලන්න
     
    • Like
    Reactions: kosandpol

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    බෞද්ධ දර්ශනයත් බුද්ධ චීවරයත් කාටූනයක් බවට පත් කල දේවදත්ත පරපුරේ අමනයින්මය.

    :dull: