සුදුවතින් සැරසී බෝගස් වටේ යන මිනීමරුවන්
"මේක සුදුවතින් සැරසී බෝගස් වටේ යන මිනීමරුවන් ඉන්න ආණ්ඩුවක්" - ටිල්වින් සිල්වා
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 04 වෙනි බ්‍රහස්පතින්දා, 13:56
" ඝාතනවලට වගකිව යුත්තන් සුදුවතින් සැරසී මල්වට්ටි අරගෙන පන්සල් ගානේ බෝ ගස් ගානේ යනවා. එතකොට ජනතාවට පේන්නේ සුදුවතින් සැරසුණු පිරිස්. නමුත් ඔවුන් තමයි මිනීමරන්නේ. මහමගදී මිනිසුන් කිසිදු වගවිභාගයකින් තොරව මරාදාන ඉඩි අමීන් වර්ගයේ පාලනයක් තිබෙන්නේ. වැද්දට පුළුවන්ලූ ගොරකා දඩමස් කරන්න. මේකත් ඒ වගේ ආණ්ඩුවක්. මිනීමරුවන් නිදැල්ලේ ඉන්නවා. අහිංසක මිනිස්සු අල්ලා හිරේ දානවා. ඇත්ත කුමන්ත‍්‍රණකරුවන් ඔලූණු පළඳිනවා. නිවැරදි මිනිසුන් හිරේ දානවා. අපි ආණ්ඩුවට බල කරන්නේ මිනීමරුවන්ට විරුද්ධව කටයුතු කරන්න. මේ රටේ ජනතාවට යුක්තිය ඉටු කරන්න" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (04) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.
"මැතිවරණයට පෙර දා, ජනවාරි 25 වැනිදා සිදු කළ බරපතළ පහරදීමක් නිසා අම්බලන්ගොඩ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා පසුගිය 2 වැනිදා මරණයට පත් වුණා. ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා ඒක ස්වාභාවික මරනයක් ලෙස පෙන්වන්න. මිනීමැරීමේ වගකීමෙන් ගැලවෙන්න හදනවා. මේ ඝාතන සංස්කෘතිය වගේම එහි වගකීමෙන් මිදෙන්න කරන ප‍්‍රචාරත් අපි දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා.
චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා ගමේ අයගේ විශ්වාසය දිනා ගත්, ඉතාම අහිංසකව ජීවත් වූ කෙනෙක්. සන්ධානයේ ඉඳුනිල් නමැත්තකු ඇතුළු පිරිසක් පසුගිය 14 වැනිදා ඔහුට මරණ තර්ජන එල්ල කළා. ඒ ගැන ඊ අයි බී 52/37 අංකය යටතේ පැමිණිලි කර තිබෙනවා. නමුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ වගේම නීති විරෝධී ආයුධ සන්නද්ධ කණ්ඩායම් සැරිසරන බවට ජනවාරි 15 වැනිදා ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර තිබෙනවා.
25 වැනිදා පාන්දර 5.30ට අම්බලන්ගොඩ පොල්වත්තේදී ඉඳුනිල් ඇතුළු 10-15 පිරිසක් ඇවිත් චන්ද්‍රදාස සහෝදරයාට පහර දුන්නා. සාමාන්‍ය පහරදීමක් නොවෙයි. පොලිසියේදී වධ දෙන ආකාරයට තමයි කල් ගිහින් මැරෙන්න ඔළුවට ලෑල්ලක් තබා ඒ ලෑල්ලට යකඩ පොලූවලින් පහර දුන්නේ. එවිට බාහිර තුවාල නැහැ. නමුත් සිරුර අභ්‍යන්තරට සිදු වන තුවාල සිදු වෙනවා. මේ මැරයින් ඇවිත් තිබෙන්නේ 325-2625 ඩොල්ෆින් වෑන් රථයෙන්, ඩබ්.පී එල් ජී 2918 කැබ් එකෙන් හා ඩබ්. පී එල් ජී 8739 කලූ ජීප් රථයෙන්. මේ පිරිස චන්ද්‍රදාස සහෝදරයාට පහරදීලා රැගෙන ගොස් ඔහු පොලිසියට බාර දුන්නා. පොලිසිය ගුටිකාපු කෙනා වැරදිකරුවා ලෙස අත්අඩංගුවට ගත්තා. පසුව ඔහු බන්ධානාගාරය බාරේ රෝහල්ගත කළා.
චන්ද්‍රදාස සහෝදරයා පොලිසියට බාර දුන්නේ ජනාධිපති ආරක්‍ෂක ඒකකයෙන්. ඒ නිසා තමයි පැමිණිල්ලක් නැතිව බාර ගත්තේ. බාර දුන්නේ කවුද කියා පොලිසිය දන්නවා. ඒ නිසා පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න. ජනාධිපති ආරක්‍ෂක ඒකකයෙක් ඝාතන කරනවා. නමුත් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මිනිස් ජීවිත ගැන කිසිදු වගකීමක් නැති ආණ්ඩුවක්.
මහමගදී මිනිසුන් කිසිදු වගවිභාගයකින් තොරව මරාදාන ඉඩි අමීන් වර්ගයේ පාලනයක් තිබෙන්නේ. ඝාතනවලට වගකිව යුත්තන් සුදුවතින් සැරසී මල්වට්ටි අරගෙන පන්සල් ගානේ බෝ ගස් ගානේ යනවා. එතකොට ජනතාවට පේන්නේ සුදුවතින් සැරසුණු පිරිස්. නමුත් ඔවුන් තමයි මිනීමරන්නේ.
ආණ්ඩුව පරීක්‍ෂණ කරන්නේ නැත්නම්, පොලිසිය පරීක්‍ෂණ කරන්නේ නැත්නම් නිලධාරීන් අල්ලාගෙන ප‍්‍රශ්න යට ගසනවා නම් මේවා නතර කරන්න දැවැන්ත මහජන බලපෑමක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ සඳහා පෙරට එන්න කියා අපි ජනතවාගෙන් ඉල්ලා සිටිනවා.
වැද්දට පුළුවන් ගොරකා දඩමස් කරන්න.
මේකත් ඒ වගේ ආණ්ඩුවක්. මිනීමරුවන් නිදැල්ලේ ඉන්නවා. අහිංසක මිනිස්සු අල්ලා හිරේ දානවා. ඇත්ත කුමන්ත‍්‍රණකරුවන් ඔලූණු පළඳිනවා. නිවැරදි මිනිසුන් හිරේ දානවා. අපි ආණ්ඩුවට බල කරන්නේ මිනීමරුවන්ට විරුද්ධව කටයුතු කරන්න. මේ රටේ ජනතාවට යුක්තිය ඉටු කරන්න.
ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා,
"පොලිසිය පැමිණිල්ලක් සටහන් කර ගන්නේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුවයි. මම අද උදේ පොලිසියට කතා කළ වෙලාවේත් පොලිසිය කිව්වේ ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් තමයි චන්ද්‍රදාස සහෝදරයා පොලිසියට බාර දුන්නේ කියලා. දැන් ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි. නමුත් මේ වන තෙක් පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අපරාධකරුවන් හඳුනාගෙන තිබියදීත් ඔවුන් පැමිණිල වාහන පෙන්වාදී තිබියදීත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැහැ."
මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ද සහභාගි විය.

oya monewa kalath Aththa wahanne ba
.....