සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප
සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදායේ ඇරඹුම
ගලිගමුවේ ඤාණදීප හිමි
(අද (31දා) ට යෙදෙන නවම් පෝය දිනය නිමිත්තෙනි)
නවම් පුර පසළොස්‌වක පොහෝ දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් - මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම හා බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහෝ දිනෙක සිදු වී ඇත. එබැවින් නවම් පොහෝ දිනය ලෝකවාසි බෞද්ධ ජනතාවට සදාඅනුස්‌මරණීය දිනයක් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන්ගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලුලා වැඩුණූ වෘක්‌ෂයක් සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණ ක්‍රියාවන්හි යෙදී සිට පසුව බුදුසමය කෙරෙහි පැහැදිළි යථා ර්ථය අවබෝධ කරගැනීම් වස් පැවිදි වූ නා නා වාර්ගික භික්‌ෂූන් වහන්සේගෙන් සංඝ සමාජය ජනාකීර්ණ එකක් බවට පත් විය. මෙසේ ආරම්භ වූ භික්‌ෂු සමාජය පළමුවරට එක්‌රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් මස පුර පසළොස්‌වක පොහෝ දිනෙක දීය.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප. හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‌ෂූන් වහන්සේ ප්‍රධාන දහසක් භික්‌ෂු පිරිසද, සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ දෙසියපනස් දෙකකුගෙන් යුත් භික්‍ෂු පිරිස සමඟ භික්‌ෂූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරා ගත් පුන්සඳ මඬල මෙන් ඒ රහතන් වහන්සේ මැද බුදුරජණන් වහන්සේ වැඩසිටි සේක. එම මහා සඟ සමුළුවේදී සුවිශේෂී සිද්ධීන් කිහිපයක්‌ම සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
ප්‍රථම සංඝ සම්මේලනයේ භික්‌ෂු සමාජයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහිදී සැරියුත් මුගලන් යන මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණ. බුදුරදුන් විසින් සිදු කරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය. මෙම පදවි ප්‍රදානය පිළිබඳ එකල ද භික්‌ෂූන් වහන්සේලා අතර වාද විවාද ඇති වූ බැව් පෙනේ. බුදුහු මුහුණ බලා තනතුරු දෙතියි ඇතැම් භික්‌ෂූහු චෝදනා කළහ. මුලින් පැවිදි වූ භික්‌ෂූන් සිටියදී මෑතකදී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරිනැමීම සාධාරණ නොවන බවද ඇතැම්හු ප්‍රකාශ කළහ. මෙම තනතුරු ප්‍රදානයෙන් වඩාත්ම කිපුණේ බුදුරදුන් බෝසත් අවධියේ සිට උපකාරවත් වූ ඡන්න හිමියන්ය. තනතුරු ප්‍රදානයේදී තමන් වහන්සේ අමතක වූ බව පවසමින් බුදු සසුනේ ප්‍රථම අර්බුදකාරී භික්‌ෂුව ලෙස ඡන්න හිමියන් පෙරට ඒම මේ සමගම සිදු වූ බව පෙනේ. මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු භික්‌ෂූන් වහන්සේලා රැස්‌කරවා Ñමහණෙනි පංචවර්ගික භික්‌ෂූහු, යස භික්‌ෂුව, භද්‍රවර්ගික භික්‌ෂූහු, තුන් බෑ ජටිල භික්‌ෂූහු යන සියලුදෙනාම අනෙකක් පතාම පින් කළාමහුය. අගසව් තනතුරු නොපැතූහ. එහෙත් සැරියුත් මුගලන් දෙනම අගසවු තනතුර පතාම පින් කළහ" යනුවෙන් අගසවු දෙනමගේ අතීත ප්‍රවෘත්ති ගෙනහැර දැක්‌වූහ. එයින් පසුව භික්‌ෂූන් වහන්සේලාගේ සැකයත් දුරු කළහ. සැරියුත් මුගලන් තෙරවරුනට තනතුර ප්‍රදානය කිරීම පිළිබඳ පුවත් අංගුත්තර නිකායේ මෙසේ දැක්‌වෙයි. "එතදග්ගං භික්‌ඛවෙ මම සාවකානං භික්‌ඛුනං පඤ්ඤාවන්තානං යදිදං සාරිපුත්තො ඉද්ධිමන්තා නං මහා මොග්ගල්ලානො"
මෙමඟින් පැහැදිලි වනුයේ නුවණැත්තන් අතර සැරියුත් තෙරුන්ද, සෘද්ධිමතුන් අතර මුගලන් තෙරුන්ද අග තනතුර ලැබූ බවයි. Ñසෙවෙථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො භජථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො..." යනාදි වශයෙන් සැරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලා ඇසුරු කිරීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ සච්චවිභංග සූත්‍රයේදි වර්ණනා කළහ. සැරියුත් තෙරණුවෝ රජගහනුවර උපත ලැබූහ. මුලදි උපතිස්‌ස නමින් හැඳින්වූ අතර Ñසාරි" නම් බැමිණියගේත්, උපතිස්‌ස ගමේ ප්‍රධාන බ්‍රාහ්මණයාගේත් පුතණුවන් විය. සංජය පරිබ්‍රාජකතුමා ආචාර්යවරයා විය. ගිහි ජීවිතය ගැන කලකිරී පැවිදිවීමට සිත්වූයේ "ගිරග්ග සමඡ්ජ" නමැති සැණකෙළිය නැරඹීම නිසාය. රජගහනුවර වේළුවනාරාමයේදී බුදුරදුන් වෙතින් "Ñඒහි භික්‌ඛු" භාවයෙන් පැවිදි වූයේය. රජගහනුවර "කෝලිත" නමින් උපත ලැබුවේ මුගලන් තෙරුන් වහන්සේය. මොග්ගලී බැමිණිය සහ කෝලිත ගමේ ප්‍රධාන බ්‍රාහ්මණයා උන්වහන්සේගේ දෙමවුපියෝ වූහ. කෝලිත ගේ මුල් ආචාර්යවරයා වූයේද සංජය පරිබ්‍රාජකයා ය. මෙම සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන ස්‌වකීය ශ්‍රාවකයන් වෙත සුදුසු තනතුරු ප්‍රදානය කිරීම තුළින් බුදුරදුන් අපේක්‌ෂා කළේ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා කටයුතු කළ හැකි විශේෂ පුද්ගලයන් සකස් කිරීමයි. තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්‌ෂූ සමාජයේ ඉදිරිපැවැත්ම සඳහා ඕවාද "ප්‍රාතිමෝක්‌ෂය" දේශනා කිරීම සිදුවූයේත් නවම් පුන්පොහෝ දිනෙකය. යම් විටෙක භික්‌ෂූන් වහන්සේ අතර ආසවට්‌ඨානීය ධර්ම හෙවත් ආශ්‍රවයන් ඉපදීමට හේතුවන ධර්ම පහළ වන විට බුදුරදුන් ඒවා දුරැලීමට විනය ශික්‌ෂා පනවන බවත්, ප්‍රාතිමෝක්‌ෂය දේශනා කරන බවත්, පාරාජිකා පාලියේ දැක්‌වේ. පඨමාභිසම්බෝධි යුගයේ හෙවත් බුද්ධත්වයෙන් මුල් විසි වස තුළ ස්‌වංය ශික්‌ෂණය යටතේ හික්‌මුණු භික්‌ෂු පිරිසට විනය ශික්‌ෂා නොමැති බැවින් "සබ්බ පාපස්‌ස අකරණං..." යනාදි වශයෙන් කියවෙන ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම සිදු විය. භික්‌ෂු විනය හා ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා පැන වූ එකී ඕවාද ප්‍රාතිමෝක්‌ෂය බුදුරදුන් විසින් මුල්වරට දේශනා කරනු ලැබුවේද නවම් පුර පසළොස්‌වක පොහෝ දිනෙක වීමද ඉතා වැදගත් කොට සැලකිය හැකිය.
නවම් පොහෝදා සිදු වූ අනුවේදනීය සිදුවීමක් ලෙස බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම පෙන්වාදිය හැකිය. අසූ වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්‌ථායක ආනන්ද හිමිද සමග රජගහනුවර චාපාල නම් චෛත්‍යය අසලට වැඩම කළහ. එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්‌කාරය අත්හළ බවත්, ඡන්ද , විරිය, චිත්ත, වීමංසා යන සතර සෘද්ධිපාද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වුවද මෙලොව ජීවත්විය හැකි බවත්, පැහැදිලි කළහ. එලෙසම තෙවරක්‌ම පැහැදිලි කළද, ආයු කල්පයක් වැඩසිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි විය. බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීමේ පුවත ඇසූ සැණින්ම ආනන්ද හිමි චිත්ත වික්‌ෂිප්තභාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසු පිරිනිවන් පාමියි තීරණය කෙළේද නවම් පුර පසළොස්‌වක පොහෝ දිනෙකදීය.
ඉහත කරුණු පිළිබඳ විමසීමේදී නවම් පුර පසළොස්‌වක පොහොය දිනය ඓතිහාසික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් ද ඉතා වැදගත් දිනයක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් ලොව සෑම බෞද්ධ විහාරස්‌ථානයකම මෙම වැදගත් පොහොය දිනය අනුස්‌මරණය කරනුයේ ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වමිනි.