සුදුළුණු

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    සුදු ලූනු ගැන අපි නොදන්න දේවල් ටිකක් එළකිරියේ කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා බලන්න වැදගත්ද කියලා

    උද්භිද විද්‍යාත්මක කුලය - රසෝන කුලයට අයත්ය. Alliaceae

    උද්භිද විද්‍යාත්මක නාමය - Allium sativum Lin.

    වෙනත් නම්-
    1. රසෝන - රස ඌන හෙයින් රසෝන නම් ලබති. එනම් අම්ල රසය හැර අනෙක් ලවන, කටු, තික්ත, ක්ෂාය, මධුර යන රසයන් පහ යුක්තය. (අම්ල රසය ඌන හෙයින්.)
    2. ලශුන - රෝගයන් සිඳ බිඳ ලන හෙයින් ලශුන නම් වෙයි.
    3. උග්‍ර ගන්ධා - සුදුලූනුවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් 40% පමණ ගන්ධක අඩංගු නිසා මේ නම ලබයි.
    4. මිලේච්ඡකන්ධ - සුදුලූනු යනු බටහිර රටවලින් අප වැනි රටවලට සංක්‍රමනය වූ ශාකයකි. අතීතයේ අපේ පැරැන්නන් බටහිර රටවල ජනතාව සැලකුයේ ඉතා මිලේච්ඡ අය ලෙසයි. එම නිසා මිලෙච්ඡයන්ගේ රට වලින් රැගෙන ආ ස්කන්ධයන් යන තෙරුමින් මෙසේ හැදින් වූහ.
    5. යවනේෂ්ට - ග්‍රීක් ජනයා ප්‍රිය කල හෙයින්.


    ඉංග්‍රීසි භාෂාවෙන් - Garlic

    ඉතිහාසය
    1. වේද ග්‍රන්ථවල විශාල තොරතුරු ප්‍රමානයක් ඇත. සුශ්‍රැත සහ කාෂ්‍යප සංහිතාවලද නොයෙක් විස්තර අඩංගු වේ.
    2. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
    3. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.
    4. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.
    ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි.

    සුදුලූනු උපත
    1. ඉන්ද්‍ර දේවියට දරු උපත් නැති වූ නිසා ඉන්ද්‍ර ඇයට අමෘතය පෙවීය. ඇය එය ඉතා සැර බැවින් ඔක්කාර කලාය. එසැනින් යම් ප්‍රමාණයක් බිම වැටුනි. ඉන් සුදුලූනු ඉපදවිනි. අපවිත්‍රව තිබූ බිමකට වැටුනු බැවින් ඉන් හටගත් සුදුලූනු ගන්ධයකින් යුක්ත වීය.
    2. සුරා සුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු උහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුලූනු ඇති විය.
    3. මෙවැනිම බටහිර ප්‍රචලිත මිත්‍යා කථා අනුව, සාතන් ආදම්ගේ උයනෙහි ගමන් කරත්දී ඔහු වම් පය තිබූ තැනින් සුදුලූනුද, දකුණු පය තිබූ තැනින් රතුලූනුද පහල විය.


    අඩංගු රසායනික උපාදාන.
    1. විටමින් vitamins
    2. මාංසජනක ධාතු 4 1/2% සිට 6 1/2, දක්වාද, Proteins
    3. කැල්සියම් Calcium
    4. කාබෝහයිඩ්‍රේට 28% -30% Carbohydrates
    5. පොටෑසියම්/ පොස්පරස් Potassium/ Phosphorus
    6. වාෂ්පශීලී තෛල පදාර්ථ ගන්ධක වලින් යුතුයි. Sulphur


    ඖෂධවේදීය ක්‍රියාකාරීත්වය.
    1. බැක්ටීරියා නාශක. Antibacterial
    2. ගර්භාෂ උත්තේජක. Uterine Stimulant
    3. දිලීර නාශක. Antifungal
    4. ප්‍රතිප්‍රධාහකාරක. Anti-inflammatory
    5. රුධිර සීනි මට්ටම අඩු කරන Hypoglycemic
    6. සංධිප්‍රදාහ නැති කරයි. Anti arthritic
    7. රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අඩු කරයි. Hypolipidaemic
    8. ප්‍රතිකැටිකාරක. Anticoagulant
    9. ප්‍රෝටීන අඩු කරයි. Hypoproteinemic
    10.කොලෙස්ටරෝල් අඩු කරයි. Hypocholesteremic
    11.රුධිර පීඩනය අඩු කරයි. Antihypertensive
    12.පිළිකා සෛල නාශක Anticancer
    13.වයසට යාම නවතයි. Antiageing
    14.හෘදයට හිතයි. Cardioprotective
    15.ප්‍රතිජීවී Antibiotic

    සුදුලූනුවල ආයුර්වේදීය ගුණ.
    ප්‍රජාස්ථාපනයි.
    දරු සම්පත් ලබාදීමට සහ ගර්භයේ ආරක්ෂාවට ඉතා හොදයි. ශුක්‍ර ධාතු වර්ධනය, වාජීකරණ, ස්ත්‍රී බීජ වර්ධනයටත් හිත ද්‍රව්යයකි.

    වයඃ කල්‍යානිය
    එනම් ශරීරයේ පිරිපුන් පෙනුම ඇති කිරීම.

    ජීවාණු නාශක ගුණය.
    කාස, ශ්වාස, කාරක ජීවාණු විනාශ කරයි.

    ආහාර ජීරණ පද්දතියෙහි.
    බඩ ගින්න ඇති කරයි.

    හිස කෙස්.
    සුදුලූනු තෛලය හිසේ ගෑමෙන් හිස කෙස් වර්ධනය.

    ස්වසන පද්ධතියේ.
    සෙම ඉවත් කරයි.
    සියළු ආකාර වාත රෝග වලට හිතයි. කුෂ්ඨ රෝග, මාන්දමට ආදි රෝගවලටද මෙය ගුණදායකයි.

    සුදුලූනු ප්‍රයෝජනයට ගන්නා පිලිවෙල.
    1. තදින් තැම්බීමෙන් ගන්ධක වාෂ්ප වී ගුණ හීන වේ.
    2. ප්‍රතිශ්‍යා අවස්ථාවලදී සුදුලූනු බිකක් හක්කේ තබා හැපීමෙන් සහනයක් ලැබේ.
    3. අධික ශීත විට සුදුලූනු හැපීමෙන් ශීත දුරු වේ.
    4. රාත්‍රී ආහාරයෙන් පසු සුදුලූනු බික් කීපයක් තලතෙලින් බැද කෑමෙන් මහත් ගුණ දේ. නීරෝගී වේ.
    5. මුත්‍ර හිරවුනු විට සුදුලූනු තලපයක් සේ අබරා ගෑම ඉතා ගුණ දායකයි.
    6. උන රෝගීන්ට ඉතාමත් හිතයි.

    සුදුලූනු වැලදීමට සුදුසු කාලය.
    දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ඉතා හොදයි.

    වැලදිය යුතු මාත්‍රාව.

    පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් ග්‍රරෑම්ස් 240 සිට විවිධ වේ. තම කැමැත්ත අනුව ගැනීම වරදක් නොවේ.


    උපුටා ගැනීම වෙදගෙදර බො‍ලොග් එකෙනි
    වැදගත් වුනා කියලා හිතුනා නම් ඉදිරියට අරන් රෙප් දෙන්න
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද පෝස්ට් එකක්. නොදන්න කරුනු ගොඩක් දැනගත්තා. බොහෝම ස්තුතියි බෙදාගත්තට.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හොද පෝස්ට් එකක්. නොදන්න කරුනු ගොඩක් දැනගත්තා. බොහෝම ස්තුතියි බෙදාගත්තට.

    ස්තුතියි යාළුවා:):):)