සුදු‍෴අැදුමෙන් remix sri lanka cricket

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුදු‍෴අැදුමෙන් remix sri lanka cricket

    සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ
    අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
    කනකොට රෙදිනැති විලසින්
    අර ඉත්තෑවද සමඟින්
    වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

    මෙච්චර කල් උන් කොච්චර කෑවත්
    අපිටත් ලැජ්ජම නෑ
    ඕෆ් සීසන් ගැන කියපුවා මතකම නෑ...
    ඔය කියු විදිහට මේකත් කෑවොත්
    හතුරුත් මින්පසු නෑ
    ඒ කාලේ හිටි මෑණියනුත් දැන් නෑ
    කුමරියෙ ගංගා මෑණියො නෑ...

    සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ
    අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
    කනකොට රෙදිනැති විලසින්
    අර ඉත්තෑවද සමඟින්
    වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

    පැරදිලා චොරවලා කොච්චර කෑවත්
    අපෙ උන් සැලුනෙත් නෑ
    ට්‍රිප් යනවා මිස මැච් ගැන ගාණක් නෑ...
    උන්ටත් හොදනම් අපිටත් මොකදැයි
    හිතුවට කමකුත් නෑ...
    දැන් මැච් බලන්නෙ නෑ අපි ඇහැරන් රෑ
    කුමරියෙ ඉත්තෑවත් දැන් නෑ...

    සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ
    අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
    කනකොට රෙදිනැති විලසින්
    අර ඉත්තෑවද සමඟින්
    වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

    Credit | #Zachintha_Promod


    fb-img-1550070689348.jpg