සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    2142SF_Family.jpg


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Fedrika Janz and Lal Wickramathunga left the country a shortwhile ago before the most awaited White flag verdict tomorrow


    ........await more details
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    308766_2396927075801_1029705657_32192907_318065217_n.jpg


    සතුරාටත් මෛත්‍රී කරන්නැයි ඉගෙනගත් මිනිසුන් වීරයාට කරන්නේ කුමක්දැයි බලමු

    2006 වසරේ ජුනි මස 20 වැනිදා එල්ටීටීඊය විසින් මාවිල් ආරු සොරොව්ව වසා දමන ලදී. තිස්පන් දහසකට අධික ගොවි පවුල් සංඛ්‍යාවක් මේ නිසා කර කියා ගැනීමට දෙයක් නොමැතිව සිටියදී රජයේ නියෝගය මත එවකට යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරචිචි (වත්මන් ඉන්දුනීසියාවේ තානාපති) ගේ අණදීම යටතේ මාවිල් ආරු සොරොව්ව බේරා ගැනීමේ යුධ මෙහෙයුම ආරම්භ කරන ලදී.

    මෙසේ යුධ හමුදාව සිය මෙහෙයුම් ඇරඹීමත් සමග එල්ටීටීඊය විසින් මුතුර්, සේරුනුවර හා කල්ලාර් ඇතුළු සිවිල් වැසියන් වැඩියෙන් ජීවත්ව සිටින ප්‍රදේශ වලට විටින් විට මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කෙරිනි.

    එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්වයේ සිටි හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා විදෙස් ප්‍රතිකාර ලබා නැවත මෙරටට පැමිණියේ මෙම යුධ මෙහෙයුම ඇරඹීමත් සමග ය. තවත් මාස 3 ක් ගතවනතුරු කිසිදු රාජකාරියක් කරන්න එපා යැයි ලබා දී තිබූ වෛද්‍ය උපදෙස් පවා තඹ මායිමකට තැකීමක් නොකල ඔහු ජුනි 30 වෙනිදා නැවත යුධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයට පැමිණ යුධ මෙහෙයුම් සඳහා අණදීම ආරම්භ කරන ලදී.

    මාවිල් ආරු සටන පැවති ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටුවා තිබු යුධ හමුදා 22 වන සේනාංකයේ අණ දෙන නිලධාරිවරයා ලෙස ඉංජිනේරු රෙජිමේන්තුවේ බි්‍රගේඩියර් වරයෙක් වන මෙන්දක සමරසිංහ පත්කල හමුදාපතිවරයා සිය සෘජු අණ දීම යටතේ නැවත මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමට සමත් විය.

    ජයග්‍රාහීලෙස මාවිල්ආරු සොරොව්ව මුදවා ගැනීමෙන් පසු යුධ හමුදාපතිවරයා විසින් 2006 වසරේ දෙසැම්බර් මාසයේදී සියළුම ජ්‍යෙෂ්ඨ යුධ හමුදා නිලධාරීන් හමුදා මුලස්ථානයේ ශ්‍රවණාගාරයට කැඳවන ලදී. මෙහිදී ඉතා සුවිශේෂ කතාවක් කරමින් හමුදාපතිවරයා කියා සිටියේ වසර 30 ක් පැවැතුණු මේ යුද්ධය තව දුරටත් කිරීමට තවත් හමුදාපතිවරයෙක්ට තමා ඉඩ නොතබන බවයි. එමෙන්ම මෙම යුද්ධය වසර තුනක් වැනි කාල සීමාවක් තුලදී නිමාකරන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

    ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ උපාය මාර්ගය වුයේ සතුරාගේ ප්‍රබලතම හා ශක්තිමත්ව ස්ථානයන්ට සතුරා කිසිවිටකත් බලාපොරොත්තු නොවන ආකාරයකින් පහර දී සතුරා විශ්මයට පත්කිරිමයි. මේ අනුව යුධ හමුදාපතිවරයා එල්ටීටීඊය පරාජය කිරිමේ ඒකායන අරමුණින් සෙබල බලමූළු පෙළ ගස්වන ලදී. එම සුදානම නම්,

    • 2007 පෙබරවාරි මාසයේදී එවකට බි්‍රගේඩියර් ජගත් ඩයස් ගේ අණදීම යටතේ 57 වන සේනාංකය පිහිටුවා වව්නියාවේ පොම්පේමඩු ප්‍රදේශයෙන් මෙහෙයුම් ඇරඹීම.

    • නැගෙනහිර එල්ටීටීඊ බලය බිඳ දමා එහි නිදහස ලබාදීමට පුරෝගාමීවු යුධ හමුදාවේ පළමුවන කාර්ය සාධක සේනාංකය බි්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේ මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ සිට මූලික අදියරේදී පූනරින් බලා යුධ මෙහෙයුම් ඇරඹීම. (පසුව මෙම සේනාංකය 58 වන සේනාංකය ලෙස නම් කළ අතර මුලතිව්, නන්දිකඩාල් අවසන් සටන දක්වා මෙහෙයුම් දායකත්වය ලබා දෙන ලදී.)

    • මේජර් ජෙනරාල් ජගත් රඹුක්පොතගේ අණදීම යටතේ 56 වන සේනාංකය වව්නියාවෙන්ද, බි්‍රගේඩියර් නන්දන උඩවත්තගේ අණදීම යටතේ 59 වන සේනාංකය වැලිඔය සිට මුලතිව් බලා ද මෙහෙයුම් ආරම්භ කිරිම.

    • යාපනය ඉදිරි ආරක්ෂක තිරුවේ සිට 53 හා 55 වන සේනාංකයන් අලිමංකඩ හා මුලතිව් බලාද සිය මෙහෙයුම් ආරම්භ කිරීම.

    මෙලෙස සතුරා වට කරමින් යුධ හමුදාපතිවරයා සිය හමුදා භටපිරිස් උපරිම ලෙස දායක කරගනිමින් එල්ටීටීඊ අවි සහ පිරිස් බලයට එරෙහිව සිය යුධ මෙහෙයුම අරඹන ලදී.

    මෙම යුධ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී හමුදාපතිවරයාගේ උපදෙස් මත යුධ හමුදා කමාන්ඩෝ හා විශේෂ බලකායේ කුඩා කණ්ඩායම් එල්ටීටීඊ පාලන ප්‍රදේශයන්ට ඇතුළු වී රහසිගත ලෙස බුද්ධි තොරතුරු එක් රැස් කිරීම, කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර සඳහා නියමිත ඉලක්ක ලබා දීමට අමතරව එල්ටීටීඊ නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විනාශ කරන ලදී. තම පාලන ප්‍රදේශය තුලම මෙවැනි හමුදා මෙහෙයුම් සිදුවද්දී එල්ටීටීඊ නායකයා හා සාමාජිකයින් අතර ඇති කරන ලද දුරස්ථභාවයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් හමුදාපතිවරයා සිය බුද්ධි අංශ සාමාජිකයින් ලවා එල්ටීටීඊ සංවිධානයේ තොරතුරු හා රහස් ඔවුන් ලවාම ලබා ගැනීමට තරම් බුද්ධිමත් විය, සූක්ෂම විය. (අප පෙර කී ලෙස එල්ටීටීඊයේ දෙවන පෙළේ නායකයෙකු වූ භානු ඔත්තු කරුවෙක් කර ගන්නා ලදී. භානු ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කළ බව සේනාධිනායක රාජපක්ෂ හෝ ආරස්සක ලේකම් රාජපක්ෂ හෝ තවමත් නොදනී )

    ප්‍රධාන යුධ සේනාංක වලට අමතරව හමුදාවේ භට පිරිස් දායක කර ගනිමින් තවත් හමුදා කාර්ය සාධක සේනාංක 4 ක් පිහිටුවා (ටාස්ක් ෆෝස්) එක් එක් සේනාංකය සදහා බලසේනාංක තුන බැගින්ද ස්ථාපිත කරන ලදී. මෙම සේනාංක හා බලසේනාවල අණදීම සදහා අණදෙන නිලධාරීන් තෝරා ගනු ලැබුවේද යුධ හමුදාපතිවරයා විසින්ම වීමද විශේෂත්වයකි. ඒ පෞද්ගලික හිතවත්කම් මත හෝ දන්නා හඳුනනකම නිසා හෝ තමන්ට පක්කලි කම් කිරීම නිසා හෝ තමන්ගේ එකවුන්ට් වලට සල්ලි කුට්ටි බැර කළ නිසා හෝ නොව අදාල එක් එක් නිලධාරීන් යුධ බිමේ දක්වා තිඛෙන දක්ෂතාවයන් පාදක කර ගනිමිනි. කවමදාකවත් කොමිෂන් ලත් නිලධාරීන් වීමට නොහැකි යුද බිමේ දක්ෂයන් 1200 කට ඔහු කොමිෂන් දී ඒ හා සමාන වගකීම් ද දුන්නේ ය. එය සාර්ථක විය. ඔහුට සක්‍රීය සැලසුමක් තිබිණ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග සිය පාලන සමයේදී මෙයාකාරයෙන්ම හමුදාවට නව භට පිරිස් හා යුධ උපකරණද අවශ්‍ය තරම් දී තිබිණි. එක් අවස්ථාවකදී ජනාධිපතිවරිය එවකට සිටි හමුදාපතිවරයා හා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා විමසා සිටියේ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාවක් හමුදාවට තිබේද යන්නයි? මෙහිදී සරත් ෆොන්සේකා හැර අනෙක් සියළුම හමුදා ජ්‍යෙෂ්ඨයින් කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය යුදමය අතින් පරාජය කිරීම කළ නොහැකි බවත්, ලොව කොතැනකවත් ගරිල්ලා යුද්ධයක් ජයගෙන නැති බවත් ය. නමුත් එA වන විට එල්ටීටීඊයේ වෙනස් භාවිතාව හොඳින් අධ්‍යයනය කර සිටි සරත් ෆොන්සේකා කියා සිටියේ තමන්ට දැන් පවතින එල්ටීටීඊ සංවිධානය පරාජය කල හැකි බවයි. තවම ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරිය මේ සඳහා සාක්ෂි දරනවා ඇත.

    ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිධුරයට පත්වු විගස ඔහු විසින් නිර්දේශ කරන ලද්දේ හමුදා විනය, හමුදා පුහුණුව අනිවාර්ය බවත්, එමෙන්ම ක්‍රියාන්විතයේදී කිසිදු හමුදා නිලධාරියෙක්ට විනය විරෝධී ක්‍රියාවක යෙදීම තහනම් බවයි. එය ඉහල සිට පහළටම ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කෙළේය. එA වෙනුවෙන් ක්‍රියා කෙළේය. එම හේතුව නිසාම එල්ටීටීඊයෙන් පගා ගනිමින් ද්‍රෝහී ලෙස කටයුතු කළ හමුදා නායකයන්ට හමුදාපතිවරයා වහ කදුරු වුවද වෙන කළ හැකි දෙයක් නොවිණ. විනය කැඩූ අයට තරා තිරම නොබලා ද~ුවම් ගෙන දීම ම යුද්ධය ජයගැනීමට හේතු භූත නොවූවායැයි කියන්නෝ එදා ජයග්‍රාහී වූ හමුදාවක් අද දූෂිත සහ කොන්ද කැඩූ හමුදාවක් බවට පත් කර ඇත.

    මෙම කරුණු හා ඉහත සඳහන් යුද උපක්‍රම අනුගමනය කිරීම නිසා ජෙනරාල් ෆොන්සේකාට සිය හමුදාව මෙහෙයවා යුද්ධයක් ජය ගැනීමට හැකි විය.

    හමුදාපති ලූතිනන් ජෙනරාල් ෆොන්සේකාට මෙම සටනේදී සහාය දීම සඳහා සටන් පෙරමුණේ නොමැතිව යුද හමුදා මෙහෙයුම් අධ්‍යකෂක ලෙස එවකට බි්‍රගේඩියර් උදය පෙරේරා, සැලසුම් අධ්‍යක්ෂක ලෙස එවකට බි්‍රගේඩියර් මහේෂ් සේනානායක, යුධ හමුදා ලේකම් ලෙස එවකට මේජර් ජෙනරාල් සුනිල් ද සිල්වා, දීපාල් අල්විස් සහ බුද්ධි අංශ අධ්‍යකෂකවරයා (ආරක්ෂක හේතුන් මත නම සඳහන් නොකරමු) තිරය පිටුපස සිටි පිරිස වේ.

    1 වන හා 2 වන ලෝක යුද්ධය, බි්‍රතාන්‍ය හා අයර්ලන්තය අතර යුද්ධය, ඊශ්‍රායලයට එරෙහිව අරාබි රටවල් 7 ක් යුද්ධය කිරීම, රුසියාව හා චෙච්නියාව අතර, ඉන්දියාව හා පකිස්ථානය අතර, උගන්ඩා, කොසෝවෝ, ඇෆ්ගනිස්ථාන, ඉරාන - ඉරාක සහ නවතම ලිබියානු ආදිය ලෝ කැළැඹූ හා ප්‍රචලිත යුද්ධ වෙති. එහෙත් මෙම කිසිදු යුද්ධයක් අවසන් කිරීමේ නිශ්චිත කාල සීමාවක් කිසිදු යුද නායකයෙකු හෝ රාජ්‍ය නායකයෙකු හෝ පවසා නැත. එහෙත් ලොව පළමු වතාවට යුද්ධයක් ආරම්භයේදීම එය අවසන් කිරිමේ කයිවාරු වලින් තොර නිවැරදි කාලවකවානු දින සහිතව ප්‍රකාශ කළ ලොව එකම හා පළමු හමුදාපතිවරයා වන්නේ අද සිරගත කර සිටින එA හිටපු හමුදාපතිවරයා ය.

    2009 වසරේ අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා හමුදාපතිවරයාට අපුරු කතාවක් කීවේය. රටේ ජනාධිපති මෙන්ම ත්‍රිවිධ හමුදාවට අණදෙන සේනාධිපතිවරයා වන ජනාධිපතිවරයා විසින් යුධ හමුදාපතිවරයාට කීවේ, zසරත්, ඔයා මට සහෝදරයෙක්Z කියාය. මෙහිදී හමුදාපතිවරයා සිය සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට වඩා වැඩිමහල්දැයි, බාල දැයි ජනාධිපතිවරයා කීවේ නැත. කිසිවෙකු එA ගැන විමසුවේද නැත.

    ශ්‍රී ලංකාවේ ජනතාව නිතර නිතර පන්සල්, පල්ලි, කෝවිල් වලට යන ආගම දහම අදහන පුද්ගලයින් සිටින රටකි. මේ කිසිදු ආගමක සිය සතුරාට එළව එළවා වෛර කරන්නැයි කියා නැත. කියා ඇත්තේ තම සතුරාට හෝ වුව කරුණාව මෛත්‍රීය සමාව ආදිය දීමේ ගුණාංගය ගැනය.

    එහෙත්, රටේ ජනතාවට යුද්ධයේ භීතිය තුරන් කර නිදහසේ හුස්ම ටිකක් ගැනීමට අවකාශ සලසා දුන් මිනිසාට තම විනාශ වූ පෙනහළු වලට අවශ්‍ය හුස්ම ටිකවත් නිදහසේ ලබා ගැනීමේ අවකාශය අද අහිමි කර ඇත. ඔහු යළි රටේ ජනතාව වෙනුවෙන් තනියම යුද්ධයක නිරත වී සිටී. ආගමික ඉගැන්වීම්, මානුෂික සාධාරණය, විශ්ව සත්‍යය මේ සුවිශේෂී මිනිසා වෙනුවෙන් ඉෂ්ඨ වෙනු ඇතැයි දෙස් විදෙස්හි සිටිනා සුවහසක් ශ්‍රී ලාංකිකයින් සිය දෑස් දල්වා බලා සිටිනු ඇත.

    "කැප්පෙටිපොල නිලමේ විසිනි"




    උපුටා ගැනීම:
    http://www.lankaenews/Sinhala/news.php?id=18751

    අභිත සෙන්පති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා!



     
    • Like
    Reactions: naleen rox

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ශ්‍රි ලංකාවේ අධිකරණයේ ස්වාධිනත්වය උරගා බලන අවසන් අවස්ථාව හෙටයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනිස්සුන්ට මේ දේවල් අමතක නෑ..අමතක කරවනව
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Whatever the verdict will be, We all know what he has done for our country. Dear General SF, We are with you forever ! Persons who responsible for these things will see " White Flag" in near future ! however, no one can comment about the court decisions. but court must know, they will be responsible the "LAW" after getting "LOW"
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Fedrika Janz and Lal Wickramathunga left the country a shortwhile ago before the most awaited White flag verdict tomorrow


    ........await more details

    සුදු කොඩි නඩුවේ නිර්මාතෘ ලාල්-ෆෙඩි්‍රකා යුවල තීන්දුවට පෙර මහජන විරෝධයට බියේ රටින් පනී

    ජනරල් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුව පැටලැවූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ කුප්‍රකට ෆෙඩි්‍රකා ජෑන්ස් සහ එහි අයිතිකාර ලාල් වික්‍රමතුංග දෙදෙනා එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හෙටට යෙදී තිබියදී අද උදෑසන ජනතා විරෝධයට බියේ රටින් පලාගොස් තිබේ.

    දෙදෙනාම මේ වන විට එංගලන්තයට ලඟා වී ඇති අතර එකම ස්ථානයක එකම කාමරයක් වෙන්කරවාගෙන ඇතැයි වාර්තා වේ. ඔවුන් වෙසෙන ස්ථානය කුමක්දැයි යන්න අප සතුව ඇති නමුත් ආරක්ෂාව පතා පැමිණි කෙනෙකුට හිරිහැරවීම වළක්වනු පිණිස අප එය හෙළි නොකරමු.

    සත්‍ය හෙළිකරන මාධ්‍යවේදීන් රාජපක්ෂ රෙජීමයේ මර්දනයට බියෙන් රටින් පළා යද්දී මොවුන් දෙදෙනා පළාගොස් ඇත්තේ අසත්‍ය ප්‍රවෘත්ති පැළ කිරීමත් රෙජීමයට පක්කලිකම් කරමින් නිවැරදි ජනතා වීරයෙකු හිරේ විලංගුවේ ලැග්ගවීමට උඩගෙඩි දීම නිසා නැග ආ මහා ජනතා විරෝධයට මුහුණ දීමට බිය වීමත් නිසා ය.

    පසුගිය කාලයේ ෆෙඩි්‍රකා ජෑන්ස්ට ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබිණ. මහජන විරෝධය මගහැරවීම පිණිස පක්කලියන් ලවා මර්වින් සිල්වා පහර දෙන්න එනවා යයි නිවේදන නිකුත් කරමින් තවත් වටයකින් ජනතාව මුලා කිරීමට කළ උත්සාහය ද ලංකා ඊ නිව්ස් වැනි වෙබ් අඩවි විසින් හෙළි කිරීම නිසා අසාර්ථක විය.

    ලාල්-ෆෙඩි්‍රකා යුවලට ජනතා විරෝධය මග හැරෙන තුරු මෙසේ රටින් පිටව සිටින්නැයි ආරක්ෂක ලේකම්වරයා ද උපදෙස් දී තිබේ. මේ අනුව සුදු කොඩි නඩු තීන්දුව කුමන ආකාරයේ තීන්දුවක් දැයි යන්න උපකල්පනය කළ හැක.

    මේ අතර අද සවස් වන විට කොළඹ අධිකරණ ප්‍රදේශයට මාර්ග බාධක විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් ගෙනැවිත් දමා තිබේ.



    එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා හෙට අධිකරණ කලාපයට පැමිණ ජෙනරාල් ෆොන්සේකා මහතාට සහාය පළකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ජෙනරාල් ෆොන්සේකා මහතාට සෙත්පතා අද රාත්‍රී කොස්වත්තේ ශ්‍රී සිද්ධාරාම විහාරයේ බෝධි පූජා පිංකමක්ද පැවැත්වෙන බව කරු ජයසූරිය මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.